Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
විසංවාදයෙන් තොර ඇදහුමක තෝතැන්න

වෙරුගල් කල්ලඩි පන්සල

එදා කොටි හඩ ගුවන් විදුලිය හරහා වෛරය හා ත්‍රාසය වැපුරු කල්ලඩි කඳු මුදුනේ සංහිඳියා සාම බෝධි ඝරයෙන් අද ගලා යන්නේ, සංහිදියාවේ අපූරු හඬයි, රිද්මයයි. කලකට පෙර කල්ලඩි පංසලට වෛර කළ වඩිවේල්ලා, පාර්වතීලා පමණක් නොව වෙනත් ආගමික ස්ථාන “හරාම්“ යැයි කියමින් පංසලකට පා නොතැබු මහරූෆ්ලාද වෙනසකින් තොරව කල්ලඩි ගල නගින්නේ, සංහිදියාවට නැවුම් ප්‍රවේශයක් එක් කරවමිනි.

15.05.2020
ගෙදර යන්නට බැරිව

හිර වුණු මිනිස්සු

‘පරිස්සමින් ගෙදර ඉන්න!’ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මාර්තු මාසයේ මුල සිට සමාජ හුදකලාකරණය ආරම්භ කළ දවසේ පටන් කාගෙත් මුවේ තිබෙන්නේ මේ වදන් ටික.

13.05.2020
අභියෝගවලට හා ත්‍රාසයට මුහුණ දුන් ජීවිතයක්

වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා

මගේ මිත්තණිය වන වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා අත්තම්මා ඇයගේ සියලු දෙය ඇසුරුම් කර ගනිමින් දරුවන් අට දෙනා ද රැගෙන දකුණු ඉන්දියාවේ කේරළයේ සිට ශ්‍රී ලංකාවට නැව් මගින් යාත්‍රා කරනුයේ ඇයගේ සැමියා මියගිය විගසමය.

07.05.2020
කොවිඩ් සමයේ පුද්ගලිකත්වය ආසාදනය කරන

ජනමාධ්‍ය වෛරස

COVID-19 වසංගතය පුවත්පත් කලාවේ නැවත ඉපදීමකට මඟ පාදා තිබේ. මිනිසුන්ට, සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය යුතුය. සත්‍යයේ හොඳම පුනරූපණය අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මේ යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ සෞඛ්‍ය ගැටලු, කලබල සහ කැළඹීම් සමාජ ගතකරමින් මහජන උද්වේගය ඇති කරන ඩිජිටල් වෛරසයක් බවට ජනමාධ්‍ය පත්වීම පමණකැයි සාධනීය පුවත්පත් කලාව පිළිබඳ ආයතනයේ ප්‍රධාන විධායක උල්රික් හැගරප් කියයි.

30.04.2020
යටත් විජිත උරුමයේ නෂ්ටාවශේෂ

පන්තියක් ඉහළට

අප සැම සැබැවින් ම එක මවකගේ දරු කැළ වෙමින් නොපමාව ඉදිරියට යන්නෙමු. නිල ඇඳුම් අඳින බලවත් නිලධාරීන් කාන්තාවන්ට ගරු කරන්නට ද දන්නා බව ඔවුන් ද විශ්වාස කරනු ඇති. සුදෝ සුදු නිල ඇඳුමින් සැරසී සිටි දුම්රිය ස්ථානාධිපතිවරයා දිලිසෙන නළාව මහේශාක්‍ය ලෙස පිම්බා. ශ්‍රී ලංකාවේ මනස්කාන්ත ම දුම්රිය නැවතුම්පොළක් වූ හපුතලේ පසුකරමින් දුම්රිය ඉදිරියට ඇදුණා.

27.04.2020
උප්පැන්නයක් අහිමි වූ ශිවා ගේ කතාව

ඉස්කෝල තියෙන්නෙ ළමයින්ට…!

උප්පැන්න සහතිකය අපට උපතේ පටන් ම විපත දක්වා ම අත්‍යවශ්‍ය සාධකයකි. උප්පැන්නයක් නොමැති වීම යනු දිවිය ම අහිමි වීමකට සමාන වන්නේ ඒදිනෙදා කුදුමහත් කටයුත්තක් සඳහා ම උප්පැන්න සහතිකය අපට වුවමනා කරන හෙයිනි. උප්පැන්නයක් නොමැති කෙනකුට මේ පසුබිම හමුවේ අත්වන ඉරණම කෙබඳුදැයි යන්න කෙනකුට අමුතුවෙන් වටහා දිය යුතු නොවේ. උප්පැන්නයක් අහිමිවීමේ සාපයට ගොදුරු නොවී නිදංගල ශිවාට සිය ඉදිරි දිවිය ආලෝකවත් කරලන්නට මඟ තැනුණු හැටි මේ.

16.04.2020
ලුණු වතුර බොන

බේරුවල මිනිස්සු

කළුතර, කෙත්හේන පොම්පාගාරයෙන් නිකුත් කරන ජලයට මේ දිනවල ලවණ මිශ්‍රවීම නිසා දිස්ත්‍රික්කයේ ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටී. වියළි කාලගුණයත් සමග කළු ගඟට ලවණ මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පීඩා විදින පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න ය.

10.04.2020
වෙරළ තීරයේ

අඳෝනාව

මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක, සමස්ත මුහුදු කලාපයම පාළුවට ගොස් ඇත . වෙනදා සිංහල, දෙමළ බෞද්ධ, කතෝලික ජනතාවගේ සංහිඳියාවේ පාරාදීසයක්ව පවතී. වෙරළ තීරයේ අද ඇසෙන්නේ අඳෝනාවකි.

05.04.2020
නිල ඇඳුම් නොමිලේ?

අවුරුද්දට ම එකම කමිසය

ළමයින් පාසල් නොපැමිණීමට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. නමුත් අදින්න කමිසයක් නැතිව පාසල් නොයන ළමුන් රාශියක් ඉන්නවා. වැහි කාලයේදි තෙත්වුණු රෙදි පහසුවෙන් වේලෙන්නෙ නැහැ. සමහර සිසුන් තෙත ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ ආවම පාසලේ ඩෙස් පුටුවල එකතුවෙලා තියෙන දූවිලි ලේසියෙන් ඇලෙනවා. එවිට ඒ කමිසෙ කිලුටු කරගෙන එනවා කියලා දෙමව්පියන් චෝදනා කරනවා.

23.03.2020
ප්‍රියයන් අහිමි වේදනාව

යකාවැවෙන් වවුනියාවට

මුකුණු ඔය නිසොල්මනේ ගලාබසී. ඒ අසබඩ ජන ශූණ්යබ වූ පුරාණ ගම්මානය දැන් අලුත් වී ඇත. ගම මැදින් අද කාපට් මාර්ගය,විදුලිය හා නළ ජලය පවා විහිදී යයි. නිවාස ද අලුත්වී ඇත. නැත්තේ ගමේ එදා තිබූ සිරියාව ය. ඇත්තේ ණය බර ය. ගමේ හැටඅට දෙනකු ම සැතපෙන්නේ කැබිතිගොල්ලෑව බොරලු කන්දේ ය. ඒ ලොවක් හැඬවු යකාවැව යි.

21.03.2020
විවිධ ජන කොටස් එකට බැඳ තබන

මොරටු වඩුමඩු

පුටු කට්ටලයක් සිදුකරන්නේ සාකච්ඡා මණ්ඩපයක් තැනීමයි. කරත්ත රෝදය, නිවස,වහලය, ඇඳ, අල්මාරිය ආදී මේ කොයි ලී බඩුත් සිදුකරන්නේ මිනිසුන් එකිනෙකා එකතු කිරිමයි. ලීයට ලීයක් වෑද්දුම් කරන්නා සේ විවිධ ජන කොටස් එකට බැඳ තැබීම වඩුමඩුවකින් සිදු කරයි.

27.02.2020
කෙට්ටු අතැඟිලි ගණිනා සිල්ලර කාසි හඬනා

මේ දේශගුණය ඉතා උණුසුම්ය

ඇගේ අතැඟිලි අතරට එකතුවන හැම කොළයක්ම පරඬැල්ය. ණය දෙන ආයතන එකතු කරන්නේ කොළ පාට රුපියල් දහසේ කොළ ය. මාසය අවසානයේ ලැබෙන විසි දහස ණය වාරිකවලට බෙදා වෙන්කරන්නට ද මදි ය. මුදලින් විසඳන ජිවිතයේ අනෙක් ප්‍රශ්න තවත් නම් කී දවසකට කල් දමන්න ද? මේ ක්ෂුදු මූල්‍ය ණය උගුලෙට සිරවූ දහස් සංඛ්‍යාත මෙරට ගෘහණියන්ගේ කතාවේ පෙරවදන ය.

15.02.2020

එසමයෙහි වලාළය පවත්නේ විය. සමුදුර වුවමනා තරමට නිශ්චලය. ඔරු, කට්ටුමරම්, වල්ලම්, බෝට්ටු ඈ කවර යාත්රාිවකට වුව ධීවරයින් මත්ස්යම අහිනක් වෙත කැඳවා ගෙන යා හැකි පමණින් මුහුද හිතුවක්කාරකම් අතැර යටත්ව සිටියේය. එහෙත් බොහෝ ධීවරයෝ මුහුදටත් වඩා ගොළු ව නිසලව එදෙස බලා සිටියෝ ය.

08.02.2020
මේ තරුණිය අප සැමට ආදර්ශයකි

සහායකින් තොරව විශිෂ්ටත්වය කරා

ඇය විශේෂ අවශ්‍යතා ඇත්තියක වුවත් ඒ කිසිවකින් තොරව උත්කෘෂ්ට දිවි පැවැත්මක් පිණිස වෙහෙස වන්නීය.

02.02.2020
යාන්ඔය හරස් කළ වේල්ලේ

දියෙන් උපන් සංහිඳියාව  

යාන්ඔය හරස්කර වේල්ලක් ඉදිකර ජලය රැස්කර නැගෙනහිර පළාතේ පානීය ජල අවශ්යයතා ඉෂ්ටකරදීම ව්යා පෘතියේ ප්රනධානතම අරමුණ වූවත් වූවත් යාන්ඔය ජලාශ ව්යායපෘතිය වෙනුවෙන් කැපකිරීම් සිදු කළ විශාල පිරිසකගේ නිහඩතාව සැබැවින්ම හතු කරන්නේ සංහිඳියාවේ හඬයි.

29.01.2020
යුද්ධයෙන් විනාශ වූ වනභූමි නැවත වගාකිරීමට

බිජ බෝම්බ හෙළීම

අග්නිදිග විශ්වවිද්යාවලයේ, ව්යවවහාරික විද්යාි දෙපාර්තමේන්තුවේ, සත්ත්ව විද්යා්ව පිළිබඳ ජ්යෙනෂ්ඨ කථිකාචාර්ය, ඒ.එම්. රියාස් අහමඩ්, පැළ පුනර්ජනනය සහ ලංකාවේ යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්රකදේශවල පවතින වනාන්තරවල බීජ පැළ සිටුවීමේ කාර්යයෙ හි නිරතව සිටියි.

08.01.2020