Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක්

අපි නව ව්‍යවස්ථාවක් පනවනවා

“අපි නව ව්‍යවස්ථාවක් සම්මත කර, සියළු ජනතාවගේ ගැටලු විසඳීමට හැකි පරිදි එය ක්‍රියාත්මක කරනවා. අපි ටීඑන්ඒ (TNA) සමඟ සහයෝගයෙන් එය ක්‍රියාත්මක කරනවා” යනුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෑතක දී යාපන අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක දී, එම ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන් සමඟ පැවසී ය. පහත දැක්වෙන්නේ හිටපු අගමැතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයේ දිගුවකි.

04.12.2019
මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය වැලැක්විමට

ජනතාවට වගකීමක් ඇත

ජනාධිපතිවරණය අතරතුර වංචා හා දූෂණ ප්ර.චණ්ඩත්වයන් වැළැක්වීම හා විමර්ශනය කිරීම සම්බන්ධව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යාකපාරයෙහි විධායක අධ්යවක්ෂක අහමඩ් මුනාස් මාකීන් මහතා සමඟ සිදුකරන ලද සංවාදයකි.

20.11.2019
ජන විවිධත්වය පිළිගැනීමෙන්

සංහිඳියාව යථාර්තයක් වේවි

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට පාලන තන්ත්‍රය පියවර ගත්තේ නම් රට තුළ නැවත වරක් වර්ගවාදයක් හෝ රැඩිකල්වාදයක් ආරම්භ නොවීමට ඉඩ තිබුණු බව නව සමසමාජ පක්ෂ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි.

22.09.2019
ශ්‍රී ලංකාව පෝෂණය කළේ

බහු ජාතික ජන සමාජයයි

ශ්‍රී ලංකාවේ සුහදත්වය හා ජාතීන් අතර සමඟිය ඇති කිරීමට නම් 2015 වර්ෂයේ තමන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන සහ ජීවන ක්‍රියාවලිය පිළිබඳ නැවත සාකච්ඡාවට බඳුන් විය යුතු යැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු කියයි. ශ්‍රී ලංකාවේ ජීවත් වන කවර ජාතියක වුවද සමඟිය හා සහජීවනය ශක්තිමත් වන්නේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන තරමට බව ඔහුගේ අදහස යි.

01.08.2019
අද වුවමනා උතුරත් - දකුණත් බිය නොවන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලිය බොහෝ දුරක් පැමිණ ඇත. එහි ඉදිරි ක්‍රියාවලිය තුළ මතු වන අභියෝග පිළිබඳ වඩා පුළුල් මනසකින් කටයුතු කරන්නට රජය ඇතුළු ව්‍යවස්ථා සම්පාදකයින්ගේ ද අවධානය යොමු ව පවතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ද ඉදිරි සති කිහිපය තුළ එළිදැක්වීමට නියමිතය. මෙම පසුබිම හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසීමේ ක්‍රියාවලිය අද අත්කරගෙන ඇති ප්‍රගතිය හා එහි වත්මන් තත්ත්වය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

09.08.2018
වෙනම රටක් වෙනුවෙන් සටන් කළ පිරිස්

අද ඉල්ලන්නේ යහපත් දිවියක්

හිටපු කොටි සොල්දාදුවන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ නමුත් අද වන විට ඔවුන්ට අවශ්‍ය කරන්නේ වෙනම රාජ්‍යයක් නොව, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අභිමානයෙන් ජීවත්වීමට ඉඩප‍්‍රස්තා සැලසෙන පරිදි ඔවුන් පෝෂණය කළ හැකි ස්ථාවර ආදායම් උත්පාදන මාර්ග බව ක්‍රියාවෙන්ම පෙන්වා දුන් හමුදා නිලධරයකුගේ කතාවයි මේ.

02.07.2018
එක්සත් රටක් තුළ දෙමළ අයිතීන් දිනා ගැනීම

අපේ වත්මන් දේශපාලනයයි

තමන්ට රට තුළ දෙවැනි සන්නද්ධ අරගලයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නොවූ බවට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවූවෝ (CFD) සංවිධානය පිහිටුවා ගෙන ඇති, තවදුරටත් ක්‍රියාත්මක නොවන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු සොල්දාදුවෝ කියති. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතනවල ආසන කීපයක් දිනා ගැනීමට සමත් වී ඇති CFD සංවිධානය, දෙමළ ඩයස්පෝරාවට සිය සුවපහසු පරිසරයෙන් මිදී දිළිඳුකමින් පීඩා විඳින දෙමළ ජනතාවට සහ රැකියා අවස්ථා නොමැති හිටපු කොටි සංවිධාන සාමාජිකයින්ට සේවය කිරීම පිණිස ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ඉල්ලා සිටියි.

18.06.2018
නව පළාත්පාලන මැතිවරණ ක්‍රමය

සියයට සියයක් සාධනීය නෑ

මෙවර පළාත්පාලන මැතිවරණය පැවැත්වූ නව මැතිවරණ ක්‍රමය සියයට සියයක් සාධනීය වුවක් නොවන බව මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලි ගුරුගේ කියයි. කිසියම් සංශෝධනයකින් බලාපොරොත්තු වියයුත්තේ පෙර පැවති ක්‍රමයේ අවුල් නිරවු කරන, වියදම් අඩු, කාර්යක්‍ෂම ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම බව පවසන ඔහු, මේ නව මැතිවරණ ක්‍රමය අධික වැය බරක් දරන්නට සිදුව තිබෙන ඊට සමගාමීව තවත් ගැටලූ ගණනාවක් වර්ධනය කරන්නට හේතුවන්නක් බව ද පෙන්වා දෙයි.

21.02.2018
මෙවර පළාත් පාලන මැතිවරණය

වතුකර ජනතාවට දුන් යතුරක්

පැවැති පළාත් පාලන මැතිවරණයේදී වතුකරයේ ජනතාවගේ දේශපාලන සහභාගිත්වය පෙරට වඩා කැපීපෙනෙන මට්ටමක පැවතිණි. සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව ඉහළ නැංවීමට ඉතාමත් වැදගත් වෙයි. ඒ සම්බන්ධයෙන් මේ සාකච්ඡාව සිදු කළේ පස්සර ඌව ශක්ති පදනමේ සභාපති හා වතුකරයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නඩේෂන් සුරේශ් සමඟ ය.

19.02.2018
දල්ලට යටවූ ගැහැනියගේ

කාන්තා නියෝජන කෝටාව

ගී පදවල ගැයෙන අන්දමට වතුකරයේ කාන්තාව තේ දලූ නෙළන්නේ මදහස නඟමින් නොවේ. ඇගේ ජීවිතය අතිශය කර්කශය. ඇය ලබන අත්දැකීම්ද එලෙසමය. පළාත් පාලන මැතිවරණයේ දි ඇය මෙවර ලබන්නට නියමිතව ඇති අත්දැකීම ගැන අනාවැකි නොකීව ද මෙය ඒ ගැන ඉඟියකි.

08.02.2018
ගැහැනු හොයාගන්න බැරි නම්

දේශපාලන පක්ෂ ලැජ්ජා විය යුතුයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය පිළිබඳ අපේක්‍ෂා මුදුන්පත් වෙමින් 25%ක කාන්තා නියෝජනයක් ලැබී තිබේ. මෙය කි‍්‍රයාත්මක වන්නේ කෙසේද? එහි ප‍්‍රායෝගික තත්වයන් කෙසේ විය හැකිද? කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කි‍්‍රයාකාරිනියක වන, ‘කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ’ කුමුදුනී සැමුවෙල් සමග ඒ පිළිබඳව කළ පිළිසඳරකි.

07.01.2018
අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වන වගකීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැහැර හැරලා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම උදෙසා කැප වන බවට සෑම ප‍්‍රධාන දේශපාලන පක්ෂයක්ම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කර තිබුණද එම ක්‍රියාවලිය අනවශ්‍ය තරම් දිග්ගැස්සෙන බව ව්‍යවස්ථා විශාරදයන්ගේ අදහසයි. එසේ තිබියදී ජාතික හෙළ උරුමයේද ඉදිරි පෙළ නායකයකු වන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන චෝදනා කරන්නේ නව ව්‍යවස්ථාවෙහි සුජාත බව අහිමි කිරීමේ වෑයමක් පවතින බවයි.

01.12.2017
මේ දේශපාලන ග්‍රහචාරය

නැවත එන්නෙ නෑ

ශ්‍රී ලංකාවට අවැසි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය අරභයා බහුවිධ කතිකාවන් මතුව තිබියදී සභාගත කරන ලද අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන කරුණුවලින් ඔබ්බෙහි ජනතාව මේ අතුරු වාර්තාව ගැන කුමක් දන්නේද? මේ ඒ දැනුවත් බව උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න සමඟ කළ සාකච්ඡාවකි.

14.11.2017

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසංධාන කටයුතු සාර්ථක වීමට නම් තවත් මූලික පියවර රැසක් ගත යුතුව ඇතැයි ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා කියයි.

22.09.2017
හැදෙන අලූත් ව්‍යවස්ථාවෙන්

රට බෙදෙන්නෙ නෑ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ශ්‍රීලංකාවට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යයෙහි නිරත විද්වතුන් අතර ප්‍රමුඛයෙකි. ඔහු සමග කළ මේ සංවාදයෙන් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහි වන්නන් ගේ මත පිළිබඳ විමසා බැලීමක් සිදු කෙරේ.

01.08.2017
සම්මුතිවාදී දේශපාලනය තුළ

දෙමළ ජනතාවට ලැබෙන දෙයක් නැහැ !

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී සිවශක්ති ආනන්තන් ඔහුගේ ඡන්ද කොට්ඨාසය තුළ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු, දෙමළ දේශපාලන පක්ෂ අතර පවතින බෙදීම් හා කාන්තාවන් දේශපාලනය තුල ඔවුන්ගේ හඬ අවදි කිරීමේ වැදගත්කම පිලිබඳ ව සවිස්තරාත්මක සංවාදයක යෙදෙයි.

19.06.2017