Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ප්‍රජාව අතර පවත්නා තේරුමි නො ගැනීම
කෘත්‍රිමව ඇති කරන ලද්දක්

සංහිදියාව ගණිතමය ක්රිායාවලියක් නොවන්නේ එය පුද්ගලික අනන්ය තාවයන්ගෙන් වෙන්වන නිසාවෙන් යැයි සමාජ ක්රි යාකාරිණියක් හා ලේඛිකාවක වන ශාමිලා නේයිඩ් කියයි.

16.02.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය

සංහිඳියාව දේශපාලනික කාරණාවක් ලෙස හඳුනාගන්න පුළුවන්. කොහොමද සංහිඳයාව සාහිත්‍යයමය ක්‍රියාකාරකම් සමඟ මුසු කිරීමට හැකියාව ලැබෙන්නේ?

නිදහස් වෙළඳාම හා විවෘත ආර්ථික ප්‍රතිපත්තින් සමග නූතනයේදී සංහිඳියාව බහු ජාතික වෙළදාම් අවස්ථාවක් බවට පත්ව තිබෙනවා.  සමූලඝාතනයන් හා යම් සමාජයක ජන කොටසකට වධ හිංසා පමුණුවන තත්ත්වය ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට වඩා  එය පිළිගැනීමට පුරුදු වී තිබෙනවා. රජය, ආණ්ඩුව හා නිලබල ධූරාවලිය පමණක් අද වන විට මෙම මිත්‍යාගත සංහිඳියාව යන්න සමග ගනුදෙනු කරමින් සිටිනවා.  සංහිඳියාව විහිලු සහගත සහ සෝපාහාස ක්‍රියාවලියක් ලෙස සලකන ලංකාව වගේ රටක් තුළ ඔබ ඒ හා සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවකදී  විහිළුවට හා උපහාසයට ලක් වෙනවා.  සිංහල බෞද්ධ උග්‍ර ජාති භේදවාදයකට අප කතා කරන සංහිඳියාව සුවපහසු සහ ප්‍රියජනක තත්වයක් නැහැ.  අප කතා  කළ යුතු වන්නේ ස්වයං විනාශයෙන් අප මුදවා ගනු ලබන සමාජ සමගිය සම්බන්ධවයි.  ප්‍රජාවන් අතර දක්නට ලැබෙන ප්‍රධාන ගතිකයක් වන ගැටුම්කාරී හැඟීම්, සංකූලතාවය හා සැකය අප විසින් නිදහස් කරගත යුතු වෙනවා. මෙම ක්‍රියාවලිය සිදුකළ හැකි වන්නේ ඵලදායි නිර්මාණයන්ගෙන්.  අප සතුව පවත්නා හා අප භුක්තිවිදිනා  විවිධ සංස්කෘතීන් හා සම්ප්‍රදායික වටිනාකම් තේරුම් ගැනීමට, හුවා දැක්වීමට හා මානව ගුණාංග ආරක්ෂා කරගැනීම පිණිස  නිර්මාණාත්මකභාවය අනර්ඝ මාධ්‍යයක් වෙනවා.  මේවා කියවන මාධ්‍ය බවට පරිවර්තනය කිරීමෙන් අපට ප්‍රජාවන් අතර ඉතා හොඳ අන්‍යෝන්‍ය හඳුනා ගැනීමක් හා  තේරුම් ගැනීමක්   ඇති කරගැනීමට  අවස්ථාව සලසා දෙනවා.

මෙම අරමුණු  ඉටු කර ගැනීම සඳහා ඔබ සිදුකර ඇත්තේ මොනවාද?

අපි මීට වසර දෙකකට පෙර “නිර්මාණ හරහා සංහිඳියාව” නමින් ව්‍යාපෘතියක්  ආරම්භ කරල තියෙනවා.  අපිට විනිශ්චයක් තියනවා.  විවිධ භාෂාවන්ගෙන් වැඩ කටයුතු කිරීමට හා  සාකච්ඡා පැවැත්වීමට “අපි පරිවර්තනය කරනවා” යන්න කණ්ඩායමක් අපගේ මාධ්‍ය සහෘදයන් විසින් මෑතකදී නිර්මාණය කරලා තියෙනවා. ඔවුන් සාහිත්‍ය කෘතීන් හා ලියැවිලි පරිවර්තනය කරමින් සිටිනවා. මෙය මතු බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක් ලෙස හදුනා ගන්න පුලුවන්.

කොතරම් දුරට සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක වෙලා තියෙනවාද? ඉදිරියට මොනවද කරන්නේ තියෙන්නේ?

අප ඉතා ඉක්මණින් පිළිතුරු බලාපොරොත්තු වන ආකාරයේ ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක් මේක. මේ නිසා තමයි පොදුවේ හොඳයයි හඳුනාගෙන ක්‍රියාත්මක කරන බොහෝ දේ අසමාර්ථතාවයෙන් යුක්ත වෙන්නේ. මේ බලාපොරොත්තුව මෙම ක්‍රියාවලියට යම් ආකාරයක යාන්ත්‍රික ලක්ෂණයක් එක්කරන්න පුළුවන්. මට අනුව එවැනි ක්‍රියාවලියක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය  පැවතිය නොහැකියි.  සංහිඳියා ක්‍රියාවලිය ගණිතමය ක්‍රියාවලියක් විය නොහැකියි.  ඉතින් එවැනි පිළිතුරක් මෙයට නැහැ.  සංහිඳියා ක්‍රියාවලිය නොනවතින හා අවසාන නොවන ක්‍රියාවලියක්.  ඇතැම් දේශීය සංහිඳියා  උත්සාහයන් භූ දේශපාලනික වාසි සඳහා භාවිතා කරන නිසාවෙන් එහි පවත්නා යහපත් තත්වත්වයන් එමගින් අතුරුදහන් වෙමින් පවතිනවා. මෙම ක්‍රියාවලිය සුලුතරය තුළ මෙන්ම බහුතරය තුළ ද එකසේ සිදුකිරීම කළ යුතුයි මෙන්ම පවත්වාගෙන යා යුතුයි.

සංහිඳියා ක්‍රියාවලියකදී කාන්තාවකට සිදු කළ හැකි කාර්ය භාරය කුමක්ද?

අපගේ  සාම්ප්‍රදායික පවුල් ව්‍යුහය තුළ කාන්තාව වැදගත් කොටසක් වුණා.  ශ්‍රී ලංකා සමාජය වාර්ගික භාෂාමය හා සංස්කෘතික පසුබිම වශයෙන් වෙන් වෙන්ව පැවතියද, මාතෘ මූලික සමාජය මේ සමාජයන්හි පොදු ගති ලක්ෂණක් වුනා.  සම්ප්‍රදායික පවුල තුළ විවාහය, පවුලේ ආර්ථිකය, ඉඩම් හිමිකාරිත්වය හා ගැටුම් අවස්ථාවන්හි කාන්තාව තීරණාත්මක සාධකයක් බවට පත්වුණා.  මේ හරහා කාන්තාවන් පවුලේ ධනය ආරක්ෂා කිරීම, පවුලේ ඉතිහාසයය වාර්තාකරණය හා පවත්වාගෙන යාම වැනි ඉතා වගකීම්සහගත තත්වයන්ට දායකවුනා.  පවුල් ආරවුල්  උපදේශනය හරහා නිරාකරණය කරගනු ලැබුවා.


ඇතැම් දේශීය සංහිඳියා  උත්සාහයන් භූ දේශපාලනික වාසි සඳහා භාවිතා කරන නිසාවෙන් එහි පවත්නා යහපත් තත්වත්වයන් එමගින් අතුරුදහන් වෙමින් පවතිනවා.

අවාසනාවකට මේ තත්ත්වය අද නැහැ.  ලංකා  සමාජය අද වන විට පුරුෂ මූලික සමාජයක් බවට බලහත්කාරී ලෙස පරිවර්තනය වෙලා තියෙනවා.  පවුලේ හා ප්‍රජාවගේ විධිමත් සාකච්ඡාවෙන් කාන්තාව දිගින් දිගටම විතැන් කරමින් සිටිනවා. අද වන විට කාන්තාවන් ඇගේ අනාගතය සම්බන්ධයෙන්  පවා තීරණ ගැනීමට බැරි තත්වයකයි ඉන්නේ.  ලොවපුරා සාම ප්‍රයත්නයන් සඳහා හා සංහිඳියාව සඳහා වන කාන්තා සහභාගිත්වය දිනෙන් දින අඩු වෙමින් පවතිනවා.  පුරුෂයන් හා දේශපාලනඥයින් විසින් ජාතික කතිකාවන් හා ගැටුම් වලට බලපාන වාර්ගික ප්‍රජාවන් මෙහෙයවමින් සිටිනවා.  මේ  අභියෝගයන් හැර කාන්තාවන් සාමය ආරක්ෂා කිරීම,  යුක්තිය හා සංහිඳියාවට අදාළව ඔවුන්ගේ වගකීම්  දැරීම්  දිගින් දිගටම සිදුකරමින් ඉන්නවා.

ප්‍රජාව අතර පවත්නා තේරුම්නොගැනීම හේතුවෙන් සමාජයේ ඉතා සුළු ගැටලු විශාල ගැටලු බවට පත්වෙලා තියෙනවා. කොහොමද මෙය අපි විසඳා ගත යුත්තේ?

තේරුම් නොගැනීම  ස්වභාවික හැඟීමක් නෙවෙයි. එය මිනිසුන් මත කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක්. නිදහසින් පසු දේශපාලනඥයින් විසින් ඔවුන්ගේ දේශපාලනික අරමුණු යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා ජනතාව වාර්ගික හා ආගමික වශයෙන් බෙදා වෙන්කර පාලනය කිරීම සඳහා භාවිත කරනු ලැබූ උපක්‍රමයක් වශයෙන් හඳුනාගත හැකියි.  පක්ෂ දේශපාලනය හා ජනවාර්ගිකත්වය පදනම් කරගත් දේශපාලනය විසින් ශ්‍රී ලාංකිකයින් ලෙස සිතීමෙන් අප වළක්වනු ලැබුවා.  නව දේශපාලනික ස්ථාවරත්වයක්, ඉදිරිගාමී දෘෂ්ටිවාදයන් ගොඩනැංවීම් මගින් හා ජනතාව මූලික කරගත් වැඩසටහන් මගින් මෙම තත්වය සහයෝගීතාවය හා සාමය සහිත තත්ත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා.

අපගේ  නූතන දේශපාලනය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව බහුතරයේ  විරුද්ධවාදීන් ලෙස සිතා ක්‍රියා කරමින් සිටිනවා.  සමාජ ක්‍රියාකාරිණියක් ලෙස මෙම තත්ත්වයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබගේ මතය කුමක්ද?

මැතිවරණය තුළ දෙමළ සහ  මුස්ලිම් ජනතාව ගනු ලැබූ තීරණය පූර්ණ වශයෙන් වැරදි ලෙස ගණනය කළ නොහැකියි.  ජනාධිපතිවරණය තුළ දකුණේ මතය ජයග්‍රහණය කරනු ලැබුවා.  එසේම සිංහල බෞද්ධ බහුතරය මගින් ජනාධිපතිවරයකු පත් කර ගනු ලැබුවා.  මැතිවරණයකදී දෙමළ හා මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ සහයෝගීතාවය පෙන්විය හැකි දෙයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මුස්ලිම් ජනතාව රට වෙන් කිරීමට විරුද්ධ ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසාවෙන් ඔවුන්  එල්ටීටීඊ සංවිධානය සංවිධානය මගින් සෑහෙන ප්‍රමාණයක් පීඩා විඳලා තියනවා. කොහොම උනත් එල්ටීටීඊ සංවිධානය පරාජය කරන ලද පාර්ශවය ඔවුන්ට සහාය දක්වා නැහැ.  දෙමළ ප්‍රජාව ඔවුන්ම මිලිටරිමය ලෙස පරාජය කිරීම හේතුවෙන් ඔවුන්ගේ විරෝධය සිංහල ප්‍රජාවට පලකරලා තියෙනවා. බොහෝ මුස්ලිම්වරු දෙමළ ජනතාවගේ මනෝභාවයන් සමග මෙවර එක්සේසත් වුනා.  මෙම තත්ත්වය මගින් උතුරේ හා නැගෙනහිර දෙමළ කතා කරන ජනතාවගේ සහයෝගීතාවය ජාත්‍යන්තර ප්‍රජාවට ද පෙන්නුම් කරනු ලැබුවා.

කෙසේ වුනත්  සුළුතර ප්‍රජාවට ගනුදෙනු කිරීමට හා ජීවත් වීමට සිද්ධවෙන්නේ අනාගත පීඩනයන් හා අවදානමක් සහිත සිංහලයින්ගෙන් සම්පූර්ණ වෙන් වූ පරිසරයක. පුද්ගලිකත්වය ජාතික අනන්‍යතාවය වෙනස් වන වග ඔවුන් තේරුම් ගත යුතුයි.

ජනාධිපතිතුමා ප්‍රකාශ කරනු ලැබුවා රාජ්‍ය  එක් වස්තුවක් ලෙස දකිනවා කියලා.  දේශපාලන පසමිතුරුතාවයන්ට ගොදුරු නොවී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් රටේ සංවර්ධනයට හා ආරක්ෂාව වැඩි දියුණු කිරීමට කටයුතු ලබන බවට ඔහු තවදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.  කෙසේ වුණත් ඔහු විසින් ගනු ලබන මිනුම් දඬු මානව හිමිකම් ක්‍රියාධරයන්ට හා රාජ්‍ය නොවන සංවිධානයන්ට තියුණු අභියෝගයක් බවට පත්වෙලා තියෙනවා.  සිවිල් සමාජ සංවිධාන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම හරහා එය හඳුනාගත හැකි යි.  මේ තත්ත්වය තුළ සමාජ ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට වෙනස් හා නව උපක්‍රමයන් අවශ්‍ය වෙනවා.  කෙසේ නමුත් පූර්ණ බලතල සහිත ආණ්ඩුවක් නිර්මාණය කර ගත හැකි වන්නේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පමණයි.  ඊට පසුව තමයි අපට පැහැදිලිව හදුනාගත හැකි වන්නේ ඔවුන් සිදු කරන්නේ මොනවද කියලා.