Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කොවිඩ් -19 අභියෝග ජයගන්න
එකමුතු ආගමික සහයෝගයක්

රජය ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් විටින් විට සමාජගත කරන නිරෝධායන රෙගුලාසි නිසි ලෙස පිළිපැදීමෙන් ලබා දෙන ”එකමුතු සහයෝගය”මඟින් කොවිඞ්-19 අභියෝගය ජයගත හැකි බව කතෝලික, කිතුනු, හින්දු සහ ඉස්ලාම් ආගමික නායකයෝ සිය අනුගාමිකයින්ගේ අවධානයට ලක් කරති.

23.03.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය අද වන විට ලෝකයේ රටවල් සහ කලාප 170කට ආසන්න ප්‍රදේශයක ව්‍යාප්තව ගොසිනි. වෛරසයේ වැඩිම බලපෑම එල්ල වූයේ  චීනයට ය. ඉන් මියගිය පිරිස 3,274ක් බවට වාර්තා වූ අතර ආසාදිතයන් ගණන 81,439 ක් විය. අද වනවිට වෛරස ව්‍යාප්තියේ වැඩිම ඵලවිපාක අත්විදිමින්  සිටින්නේ යුරෝප කලාපයයි. ඒ චීනයෙන් පසුව වැඩිම මරණ සහ ආසාදිතයින් ගණනන් යුරෝපා කලාපයෙන් වාර්තාවීමත් සමඟ ය. ආසාදිතයින් 59,138 ක් වාර්තාවුණු ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 5,476 කි.

මාස තුනක් වැනි කෙටි කාලයක් ලොව  පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණු කොවිඩ් -19 කොරෝනා වෛරසය අද වන විට ශ‍්‍රී ලංකාවේ ජන දිවියට හා පැවැත්මට එල්ල කර ඇති තර්ජනය ද අතිමහත් ය. එහි ප්‍රතිපලයක් මාර්තු  23 වනදා වන විට ආසාදිත පුද්ගල සංඛ්‍යාව 86 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප‍්‍රකාශ කළේය. පුද්ගල නොසැලකිල්ල හේතුකොටගෙන මෙපමණ ආසාදිත සංඛ්‍යාවක් ඇති වුණු බව  පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි වූ බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. මේ අභියෝගය ජයගන්නට රටේ සමස්ත ජනතාව සිය වගකීම් මැනවින් වටහාගෙන ක්‍රියාත්මක වීම අද දවසේ පැහැර නොහැරිය හැකි වගකීමක් බව සියලු ආගමික නායකයින්ගේ අදහසයි. සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් නිවරැදිව පිළිපැදීම හා අනුගමනයෙන් තමතමන්ගේආරක්‍ෂාව මෙන් ම අන් අයගේ ආරක්‍ෂාව ද තහවුරු වන බව ඔවුහු පෙන්වා දෙති.

කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමි

රජය ප‍්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් විටින් විට සමාජගත කරන නිරෝධායන රෙගුලාසි නිසි ලෙස පිළිපැදීමෙන් ලබා දෙන ”එකමුතු සහයෝගය”මඟින් කොවිඩ් -19 අභියෝගය ජයගත හැකි බව කතෝලික, කිතුනු, හින්දු සහ ඉස්ලාම් ආගමික නායකයෝ සිය අනුගාමිකයින්ගේ අවධානයට ලක් කරති.

අතීතයේ දී, විසාලා නුවර තුන් බිය දුරුකිරීම සඳහා මහත් වූ ශ්‍රද්ධාවෙන් යුතුව සජ්ජායනය කළ මහානුභාව සම්පන්න රතන සුත‍්‍ර දේශනාව මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ සිට සජ්ජායනය කරමින් ලක්වැසි ලෝවැසි සියලුම ජනතාවගේ සිත් සතන් වෙලාගෙන පවතින රෝග බිය, දුර්භික්‍ෂ බිය සහ අමනුෂ්‍ය බිය නැතිකර දමා සිත්වලට සැනසුම් සුසුමක් ළඟාකර දීමට බෞද්ධ භික්‍ෂූන්  වහන්සේ පියවර ගනිමින් සිටිති.

බෞද්ධ ජනතාවගේ  මුදුන් මල්කඩ වන මහනුවර දළදා මාළිගාවේ සිට රතන සුත‍්‍ර දේශනාව සජ්ජායනය කිරීම මහඟු කාර්යයක් බව බොදු ජනතාව ගේ  අදහස විය. කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණෝ ද  සංඝරත්නය සිදු කළ එම සද්ක‍්‍රියාව ඉහළින් අගය කළහ.

කොරෝනා වෛරස තුරන් කිරීමට සෙත් පතා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදී ද මේ මස 26 වැනි දා රතන සූත‍්‍රය සජ්ජායනා කරන්නට කටයුතු සම්පාදනය කරන බව ශ‍්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප‍්‍රධාන සංඝනායක, පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

‘අප රටක් හැටියට, රටේ ජීවත්වන පුරවැසියන් හැටියට මෙවැනි ජාතික ව්‍යසනයකදී අපට හැකි අයුරින් අපගේ යුතුකම් වගකීම් ඉටුකළ යුතුයි. බලධාරින් විසින් ඉල්ලා සිටින ආකාරයට, ඔවුන් ලබාදෙන උපදෙස් පිළිපදින්නටත්,  එමඟින් රටත් ජනතාවත් මුහුණ පා සිටින පීඩාව තුරන්කර ගැනීමට සහාය ලබාදීමත් කිතුනුවන්ගේ ප‍්‍රධාන යුතුකමක් වන බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති. ඒ සඳහා සහාය දක්වන ලෙසට සමස්ත කතෝලික ජනතාවගෙන් උන්වහන්සේ ඉල්ලා සිටිති.

ශ‍්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ කොළඹ මහා නායක රදගුරු ආසිරි පෙරේරා රදගුරු හිමි

”මෙවැනි විෂබිජ පැතිරවීමෙන්  මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්නට, මිනිස් ජීවිත විනාශ කරන්නට ඉඩදීම වැරදි සහගත බව ද කාදිනල් හිමිපාණෝ පසුගිය ඉරුදින දිව්‍යපූජාව සිදු කරමින් ප‍්‍රකාශ කළහ.

ඉරුදින සියලුම දේවස්ථාන වසා දමා කොළඹ, බොරැල්ල අගරදගුරු නිවසේ සිට  විද්‍යුත් මාධ්‍ය හරහා සිිංහල , දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනම නියෝජනය වන පරිදි සජීවි දිව්‍යපූජා මෙහෙයෙහි දේශනාව ඉදිරිපත් කරන්නට උන්වහන්සේ පියවර ගෙන තිබිණි.

මාර්තු මස 12 වෙනිදා වන විට රට තුළ වර්ධනය වෙමින් පැවති කොරෝනා වෛරස් තත්ත්වය හේතුකොටගෙන  හටගත් හදිසි අවස්ථාවට මුහුණ දෙන්නට බලධාරීන් සමාජ ගත කළ ආරක්ෂිත උපදෙස්වලට එකඟතාව දක්වමින් මෙරට කතෝලික, කිතුනු සභා නායකයන් සිය ප‍්‍රජාව දැනුම්වත් කරන්නට ද යුහුසුළු විය.

මෙම වැඩපිළිවෙළේ ප්‍රතිපලයක් ලෙස මාර්තු මස 13 වෙනිදා සිට කතෝලික , කිතුනු සභා යටතේ පවතින සියලුම දේවස්ථානවල දිව්‍ය පූජා මෙහෙයයන් ද, සියලුම අධ්‍යාත්මීක වැඩසටහන්හා රැස්වීම් යනාදිය ද මාර්තු මස 31 වෙනිදා තෙක් නවතා දැමිණි.

ලංකා සභාවේ කොළඹ රදගුරු දිලෝරාජ් කනගසබේයි රදගුරුතුමන්

කතෝලික , කිතුනු සභා යටතේ පවතින සියලුම පාසල් ද, දහම් පාසල් ද, ළදරු පාසල් ද සියල්ල වසා දැමිණි. සමස්ත කිතුනුවන් චතාරික සමය මූලික කරගෙන පැවැත්වීමට සැලසුම්කර තිබූ සියලුම චතාරික වන්දනා ගමන්, මෙහෙයයන් ද සැදැවත් ජනතාව රැස්කර සිදුකිරිමට නියමිතව තිබු දේවස්ථානය හා සම්බන්ධ සියලුම ආධ්‍යාත්මික සහ ආධ්‍යාත්මික  නොවන සියලු වැඩසටහන් ද තාවකාලිකව නවතා දමා ඇත.

මෙම කාලසීමාවේදීදේවස්ථානයට පැමිණිය නොහැකි වුව ද, අන් අය සමඟ එකතුවී යාඥා කළ නොහැකි වුව ද,  කොරෝනා ව්‍යසනය ප‍්‍රමුඛ කොටගෙන, ඉන් අපරට වැසි සියලු දෙනාත් සමස්ත ලෝ වැසියෙනුත් සිහියට නඟා ගනිමින් සුවය, ආරක්‍ෂාව සහ සිත් සතන්වලට අවැසි ශක්තිය හා ධෛර්යය  ඉල්ලා යදිමින් සෑම කතෝලික නිවෙසක ම පවුලක් ලෙසට එක්වී ශුද්ධ වූ පැය පැවැත්වීමත්, ශුද්ධවු ජපමාලය උච්චාරණය කිරීමත්, දේව මැණියන්ගේ මැදිහත්කම පතා දිනපතා යාඥා කරන මෙන් කාදිනල් හිමිපාණෝ සමස්ත කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියහ..

පසුගිය මාර්තු 15 වන ඉරුදින ශ‍්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ කොළඹ මහා නායක රදගුරු ආසිරි පෙරේරා රදගුරු හිමිපාණන් ද සිය සැදැහැවතුන් අමතමින් කිතුනුකම සහ පුරවැසි වගකීම ඉටුකරමින් මෙම හදිසි අවස්ථාවට නිවරැදිව මුහුණ දෙන්නට වගබලා ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

ලංකා සභාවේ කුරුණෑගල කිත්සිරි ප‍්‍රනාන්දු රදගුරුතුමන්

ක්‍රිස්තියානි සභාව නියෝජනය කරන මෙතෝදිස්ත සහ ඇන්ගලිකානු රදගුරුවරුන් ද විශේෂ නිවේදන නිකුත් කරමින් සිය අනුගාමිකයින්ගේ ඉල්ලා සිටියේ දේවස්ථානවල පොදු නමැදුම් නතරකර දමා නිවෙස්වල සිට දේවකන්නලව්වේ යෙදෙන ලෙසට ය.

”පෞද්ගලීකව දේවස්ථානයට පැමිණ යාච්ඤාවේ යෙදීමට කැමති අය වෙනුවෙන් දේවස්ථාන විවෘතව තබන්න. කණ්ඩායම් වශයෙන් පැමිණිම සුදුසු නොවන බව සිහි තබාගන්න. අපගේ පූජකවරුන් අවශ්‍ය විටෙකදී අත්‍යවශ්‍ය ආධ්‍යාත්මික කටයුතුවලදී ඔබට සහාය වනු ඇති.  මෙම අර්බුදය පාලනය කරගන්නා තෙක් එය අවම කිරීම සඳහා මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති අතිරේක සෞඛ්‍ය ආරක්‍ෂණ පියවර ගන්නා ලෙස අපි ඔබට අවධාරණය කරමු.” යි ලංකා සභාවේ කොළඹ රදගුරු දිලෝරාජ් කනගසබේයි සහ කුරුණෑගල රදගුරු කිත්සිරි ප‍්‍රනාන්දු රදගුරුවරුන් එක්ව නිකත් කළ විශේෂ නිවේදනයෙන් පැවසෙයි.

ඉස්ලාම් ධර්මයට අනුව මුස්ලිම් ප‍්‍රජාව රටේ උද්ගතව ඇති මෙම අවදානම් තත්ත්වයට කෙසේ ප‍්‍රතිචාර දක්වන්නේ දැයි විමසු විට මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් දේවස්ථානයේ ෂෙයික්වරයා වන, අබ්ද්ල්ලා රහමාන් කියා සිටියේ මුස්ලිම් ආගමීක හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ඉස්ලාම් ආගමීක වියතුන්ගේ සංගමය වන සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා හි උපදෙස්වලට අනුවරටේ සියලුම මුස්ලිම් පල්ලිවල  ආගමීක කටයුතු සියල්ල තාවකාලික අත්හිටුවා ඇති බවය.

කුරානය කියවීමත් , නැමදුම් කිරීමත් මේ අවස්ථාව වෙනුවෙන් ප‍්‍රාර්ථනාවන් එකතු කිරීමත් මුස්ලිම්වරුන් නිවෙස්වල හිඳිමින් ඉටුකරමින් සිටින අතර , මේ පීඩාකාරී බියකරු අවස්ථාවෙන් අපේ ලක්වැසි සැමදෙනාත් , මීට ගොදුරුවී සිටින පිටරැටියනුත් ආරක්‍ෂා කරන ලෙස ඉල්ලමින් බොහෝ දෙනකු නිරන්තර උපවාසයෙන් යුතුව නැමදිම්වල යෙදී සිටිනවා යැයි ද ෂෙයික් අබ්ද්ල්ලා රහමාන් කීවේය.

වර්තමානයේ උද්ගතවී ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුකොට ගෙන, තවදුරටත් කෝවිල්වලට එක්රැස්වී පූජා පැවැත්වීමෙන් වැලකී සිටින ලෙසටත් , තම තමන්ගේ නිවෙස්වල හිඳිමින් සිත් එකලස් කරගෙන, කොරෝනා වසංගතයෙන් ශ‍්‍රී ලංකාවත්, විදේශ රටවලුත්, සියලුම ජනතාවත් ආරක්‍ෂාකර දෙන්නැයි දෙවියන්ට කන්නලවු කරන ලෙසටත් හින්දු නායක පූජකතුමන් තිදෙනෙකු විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත.

ගෝලීය වශයෙන් සමස්ත ප‍්‍රජාවම මේ මොහොතේ කොරෝනා භිතියෙන් වෙලී සිටින අතර ශ‍්‍රී ලංකාව ද එම බියකරු අවස්ථාවට ගොදුරු වී සිටින බැවින් එම බිය දුරුකර ගැනීමටත් සමස්ත ප‍්‍රජාව ඉන් බේරා ගැනීමටත් බලධරයන් ගන්නා පියවර  හා හින්දු ප‍්‍රජාව ද සහයෝගයෙන් කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් බව හින්දු පූජකතුමන් අවධාරණය කරයි.

ෂෙයික් අබ්ද්ල්ලා රහමාන්

කෝවිලට පැමිණෙනවට වඩා තමන් ගේ නිවසේම හිඳිමින් ආධ්‍යාත්මික කටයුතුවල නිරතවීම කොරෝනා වසංගතයෙන් බේරීමට හා එය ව්‍යාප්තවීමට ඇති ඉඩකඩ අවම කිරීමට සහය වීමක් බවට, නල්ලෙයි ආදීනමුදල්වර් ශී‍්‍රල ශ‍්‍රී සෝමසුන්දර දේශීක ඥානසම්බන්ධන් පරමාචාර්ය ස්වාමිගල් , පෙන්කෛයිලෙයි ආදීනමුදල්වර් ශිවතිරූ අහ්තියර් අධිකලාර් සහ මෙයිකන්ඩාර් ආදීනමුදල්වර් පවත්තිරු උමාවති ශිවම් අධිකලාර් යන නායක හින්දු පූජකතුමන් විසින් සමස්ත කෝවිල් භාරව කටයුතු කරන කුරුක්කල්වරුන් දැනුම්වත් කර ඇත.

අද දවසේදී අපරටක් ලෙසටත් සමස්ත විශ්ව ප‍්‍රජාව ලෙසටත් මිනිස් පවුල මුහුණපා සිටින හදිසි මෙන් ම අවිනිශ්චිත බියකරු අවස්ථාව විශේෂකොට ගෙනජාති ආගම් භේදවලින් තොරව සමස්ත රටේ ප‍්‍රජාවටත්ලෝවැසි සැමටත් සුවය සහ ආරක්‍ෂාව සඳහා දේව මැදිහත්කමආධ්‍යාත්මීක බලය හා ආශීර්වාදය ඉල්ලා සිිටීමේ උපවාස යැදුම් දිනක් කතෝලික රදගුරු මණ්ඩලය ප‍්‍රකාශයට පත්කර ඇත.