Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ලේබල්කරණය වූ
සැබෑ ජීවිත

වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් 90 දශකයේ මැදභාගයේ සිට පැවතෙන්නන් ය. රජය විසින් ප්‍රදානය කරන ලද ඉඩම්වල ඔවුන් තම ජීවිත ගොඩනගාගත් අතර, මෑත කාලයේ පදිංචි වූ දෙමළ පවුලක් හැරුණ විට මෙම ප්‍රදේශය බෞද්ධ හා කතෝලික ධීවර පවුල්වලින් සමන්විත වේ.

30.03.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය

වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් 90 දශකයේ මැදභාගයේ සිට පැවතෙන්නන් ය. රජය විසින් ප්‍රදානය කරන ලද ඉඩම්වල ඔවුන් තම ජීවිත ගොඩනගාගත් අතර, මෑත කාලයේ පදිංචි වූ දෙමළ පවුලක් හැරුණ විට මෙම ප්‍රදේශය බෞද්ධ හා කතෝලික ධීවර පවුල්වලින් සමන්විත වේ.

ධීවර ප්‍රජාවක් වශයෙන් මුල්‍යමය අධිපත්‍යයේ අද්දරටම ළඟා වී සිටි අවධියේ, 2004 සුනාමි ව්‍යසනයෙන් ඔවුන්ගේ ජීවිකාව සහ දේපළ ඩහැගන්නා ලදී. ඔවුන් එකට එක්ව ඔවුන්ගේ ප්‍රදේශය යලි ගොඩනගා ගනු ලැබුවේ විවිධ පරිත්‍යාගශීලී සංවිධානයන් මඟින් ලබාදුන් ආධාර පදනම් කරගනිමිනි. අද, වසර 16කට පසුව ඔවුන්ගේ දරුවන් වෙනත් ආකාරයේ ආපදාවකට මුහුණ පා සිටී. එනම්, පානීය ජලයේ පවතින හිඟතාවය සහ විධිමත් කසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම වශයෙන් කිහිපයක් නම් කළ හැකි ය.

පහත දැක්වෙන රූපරාමු ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කතාව විස්තර දක්වන අතර බාහිර වෙනස්කම් තුළ සැඟව ඇති අතිශය පහත් ජීවන රටාව තේරුම්ගත හැකි නම් ඇතිවන්නේ විශ්මයජනක හැඟීමකි.
මාර්ගය දිගේ පවතින ආගමික සංකේත – අපේ ආගම සහ ජනවාර්ගික අනන්‍යතාවය සිහිකරන අංග, බොහෝවිට ජනයාගේ මනස සකසන එක් අප්‍රකට ක්‍රමයක් විය හැකි ය.

මෙම දරුවන් අසල මාර්ගයේ එක්ව සෙල්ලම් කරමින් උස්මහත්වන අතර, ඔවුන් අන්අයගේ ආගමික හෝ ජනවාර්ගික අනන්‍යතාවය පිළිබඳ සැළකිල්ලක් නොදක්ව යි.

කුඩා ළදරුවන්ව සිටිය දී ඔවුන් ඇතිකරගත් මිත්‍රත්වය, තරුණයන් ලෙස වැඩිහිටිවියට පත්වනවිටත් එලෙසම පවතී.

මෙම ප්‍රජාවේ දෙමව්පියන් ද ඒ හා සමාන අරගලයකට මුහුණදෙයි. සෑම උදසනකා ඇඳෙන් බිමට බසිනවිට ඔවුන් සියළුදෙනාටම පවතින්නේ එකම හැඟීමකි. එනම්, තම දරුවන්ගේ සුබසිද්ධිය යි.
ආගමික හා ජනවාර්ගික අනන්‍යතාවයෙ හි ස්ථාවර මතකයන්, සහ වර්ගවාදී අවකාශයන් නිවාස තුළ මතුවී පෙනෙන්නට ඉතිරිව ඇත. දෙමව්පියන් පිටත වැඩ කරමින් සිටින අතර, මේසය මතට කෑමවේලක් ගෙනඒමට ඔවුන්ගේ ජීවිත අවධානමට ලක්කරමින් සිටී. දරුවන් එකට එක්ව මාර්ගයන් හි සෙල්ලම් කරමින් සිටින අතරතුර, ඔවුන් නොදැනුවත්වම මෙම මතුපිටින් පෙනෙන ලේබල් අභාවයකරා ගමන් කිරීමේ යථාර්තය විදහා දක්ව යි.