Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයේ බලපෑම:
වාර්ගිකත්වය හා කුල විවිධත්වය

“වෙනත් කුලයක ගැහැණු ළමයෙක් විවාහ කරගැනීමේ ප්‍රතිඵලය මත, එකම ගමේ ජීවත්වීමට අපේ පවුලෙන් මට ඉඩ ලැබුණේ නෑ. අපිට අලුත් ස්ථානයක පදිංචිවීමට සිදුවුණා වගේම වසර 12ක් තිස්සේ ගම සමඟ කිසිඳු සබඳතාවයක් පැවතුනේ නෑ. දැන් අපි සතුටින් ජීවත්වෙනවා. නමුත්, ඔවුන් අපිට අපේ ගමේ ජීවත්වීමට පවතින අයිතිය අහිමි කළා. ඒ වේදනාව නිරන්තරයෙන් අපි තුළ පවතිනවා”

13.04.2020  |  
මහනුවර දිස්ත්‍රික්කය

“වෙනත් කුලයක ගැහැණු ළමයෙක් විවාහ කරගැනීමේ ප්‍රතිඵලය මත, එකම ගමේ ජීවත්වීමට අපේ පවුලෙන් මට ඉඩ ලැබුණේ නෑ. අපිට අලුත් ස්ථානයක පදිංචිවීමට සිදුවුණා වගේම වසර 12ක් තිස්සේ ගම සමඟ කිසිඳු සබඳතාවයක් පැවතුනේ නෑ. දැන් අපි සතුටින් ජීවත්වෙනවා. නමුත්, ඔවුන් අපිට අපේ ගමේ ජීවත්වීමට පවතින අයිතිය අහිමි කළා. ඒ වේදනාව නිරන්තරයෙන් අපි තුළ පවතිනවා” යනුවෙන් දැඩි සිතකින් මැණික්දිවෙල, මහනුවර නිස්සංක (නම වෙනස් කර ඇත) පැවසී ය.

උපත පදනම් කරගනිමින්, පුද්ගලයෙකුගේ කුලය තීරණය වීම සහ වෙනස්කම් නිර්මාණය වීම ලෝකයේ විවිධ ප්‍රදේශවල අදටත් අඛණ්ඩව සිදු වේ. එසේවුවත්, ලංකාව තුළ කුල ප්‍රශ්නය ඉන්දියාවේ මෙන් කටුක බවක් නොපෙන්ව යි, මෙහි දී කුල ක්‍රමය ඉස්මතු වන්නේ විවාහයේ දී දක්වන සැළකිලිමත්වීම මත පමණි. අද පවා, පුවත්පත්වල මංගල දැන්වීම් තීරුවල වඩාත් සුදුසු ගැලපීමක් සහිත සුවිශේෂී කුලයකට අයත්වන මනාලියන් සහ මනාලයන් එම පවුල්වලින් සොයන අයුරු දැකගත හැකි යි. උතුරේ දෙමළ ජනතාව දෙස බැලීමේ දී, පුද්ගලයෙකුගේ කුලය තීරණයවනුයේ “ඔබ කොහෙන් ද?” යන ප්‍රශ්නයට ඔවුන් ලබාදෙන පිළිතුර හරහා යි. විවිධ කුලයන්ට අයත් ජනතාව මිශ්‍රවීම වර්තමානයේ සිදුවන අතර එය කාලයත් සමඟ ඉහළ ගොස් තිබේ. විවාහයක දී (විශේෂයෙන් තීන්දු කරගත් විවාහයන්වල දී) කුල විවිධත්වයන් පවතී.

1200කට ආසන්න ජනතාවක් මැණික්දිවෙල ප්‍රදේශයේ ජීවත්වන අතර, නුවර සිට කිලෝමීටර් 25ක් දුරින් පිහිටි එම ප්‍රදේශයේ සිංහල-බෞද්ධ ජනතාව බහුතරය නියෝජනය කරයි. එසේම, ඉතා අතලොස්සක් වූ මුස්ලිම් ප්‍රජාව ව්‍යාපාර කිරීමේ පරමාර්ථය සහිතව එහි ජීවත් වේ.

ඉතා ප්‍රසිද්ධියක් උසුලන දළඳා මාළිගාව, කිත්සිරිමෙවන් රජ දවස ගොඩනගන ලද අතර රජතුමාගේ අමාත්‍යවරුන් පිළිමතලාව, පැණිදෙනිය, මැණික්දිවෙල යන ප්‍රදේශවල ජීවත්ව සිට ඇති අතරම, වෙළඳ නායකයන් සහ පරිපාලකයන් ද ඒ අතර විය. ඔවුන් බුදුදහම පිළිබඳ ඉගෙනගත් අය වූ අතර මාළිගාවේ නිළමේ යන නම්බුනාමය සහිත බලවත් පුද්ගලයන් ද, නිළමේවරුන්ගේ ප්‍රධානියා වන දියවඩන නිළමේ, සහ බස්නායක නිළමේ අණදීමේ දෙවැනි නිළධාරියා වශයෙන් ද සිට ඇත. මේ ආකාරයට, නිළමේවරුන්ට අයත් බොහෝ තානාන්තර පැවති අතර අදවන තෙක් මෙම නම්බුනාමයන්, තානාන්තර පිළිවෙලින් ප්‍රසිද්ධ ඇසළ පෙරහැරේ දී පවා යොදාගැනීම අඛණ්ඩව සිදු වේ.

ඇසළ පෙරහැර, ජාත්‍යන්තරව කීර්තියක් උසුලන ලෝකයේ පවතින එක් ඉතා අලංකාර සංස්කෘතික පෙරහැරක් මෙන්ම බෙරවාදන සහ නර්තනයන් ඇතුළත් විවිධ වර්ගයේ ප්‍රසාංගික අංග ඇතුළත් වූවකි. මෙලෙස රඟ දක්වන්නන්, පරම්පරා 4 හෝ 5ක් තිස්සේ ඔවුන්ගේ පවුල්වල ප්‍රසාංගික ශිල්පයන් අනුගමනය කරමින් අඛණ්ඩව අද දක්වා පවත්වාගෙන එනු ලබ යි. දළඳා මාළිගාව වටා පවතින නගරත්, දළඳා මාළිගාවට අයත් අතර, රාජධානි සමයේ දී එක් එක් ප්‍රදේශවල පරිපාලන කටයුතු නිළමේ යන තානාන්තරය දරණ පුද්ගලයන් අතර බෙදා තිබුණි. එසේම, එය නිළමේ පවුල් වෙතම පරම්පරාගතව සම්ප්‍රේෂණය වූ අතර, මෙම ක්‍රමය පෙරහැරේ රඟ දක්වන්නන් අතර ද පවතින්නකි. මැණික්දිවෙල ප්‍රදේශය සම්ප්‍රදායිකව දේවාලේ බාර නිළමේ පෙළපතට අයත්ව තිබේ.

අනෙකුත් කුලයන් සඳහා මැණික්දිවෙල ප්‍රදේශය තුළ ඉඩක් නොතිබුණි. මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව මහනුවර ඇසළ පෙරහැරේ විවධ රංගන කාර්යයන් සිදුකර යි. නැට්ටුවන්, බෙරකරුවන්, බෙර හදන්නන්, ඇත් ගොව්වන්, රෙදි මසන්නන්, ගොවීන්, කරනවෑමින්, සපත්තු සාදන්නන් සහ කම්මල්කරුවන් යන මෙම ජනතාව පාරම්පරිකව මෙම වෘත්තීන් හි නියැලී ඇත. මේ ආකාරයෙන් කුල ක්‍රමයේ පැවැත්ම සිදුවන බව නිස්සංක අප සමඟ පවස යි.

නිස්සංක, ඔහුගේ ගමෙන් පිටව, විවාහය නිසා කොළඹට පැමිණි අයෙක් වශයෙන් පවසන්නේ, “අපිට සියල්ල අහිමිවුණා; ඒ අතර, අක්කර සිය ගණනක කුඹුරු ඉඩමක්, ගෙයක්, වාහන දෙකක්, උසස් තත්ත්වයන් සහ රන් පවුම් 30කටත් වඩා වටිනා අපේ පාරම්පරික ආභරණ ආදිය වුණා. නිළමේ අපිට ගමෙන් යන්න කිව්වා. මට විතරක් නෙවෙයි, මගේ දෙමව්පියන්ට පවා ගම අතහැර යන්න සිද්ධවුණා. ඒ කාලයේ අපගේ නෑයන් සහ අපගේ අයිතීන් අහිමි කරගෙන අපි කොළඹට ආවේ දැඩි හිත් සහිතව සාමාන්‍ය පුරවැසියන් වශයෙන්” ඔහු පැවසී ය. ජීවිතයේ කොටස්කරු තමන්ගේ කැමැත්ත මත තෝරාගැනීම පුද්ගලයෙකුගේ අයිතියක්, එය මෙම කුලවාදී ජීවිතය මඟින් පාලනය කරනු ලබ යි. බොහෝවිට මෙවැනි ආකාරයේ පාලනයක් සොයාගත හැකිවන්නේ පවුල් අතර පමණ යි. නමුත්, ගෝත්‍රයෙන් පැවත එන පැරණි සම්ප්‍රධායන් මත ඇතිකරන පාලනය වර්තමානයේ පවා මහනුවර ප්‍රදේශයේ සංරක්ෂණයවෙමින් පැවත එයි. මහනුවර සහ තේසවලාමේ නීතිය (යාපනය) ඔස්සේ, ජාතික නීතීන් තුළ පවතින වෙනස්කම් සොයාබැලීම ඉතා වැදගත්.

“ඓයිතිහාසික අතීත සමයේ, පවුල් සඳහා ඔවුන්ගේ අනන්‍යතාවයන් සහ අයිතීන් සඳහන් කරන ලද “සන්නස” නම් වූ රජය මඟින් ලබාදෙන සහතිකයක් ප්‍රදානය කරනවා. අපිට ඒකත් අහිමි වුණා” යනුවෙන් ඔහු පැවසී ය. දළඳා මාළිගාවේ ඉතා ඉහළ සාර්ථකත්වය පිටුපස, මෙම ක්‍රමය තුළ ජීවත්වන ජනතාවගේ අප්‍රසාදය පවතී.

ඇතැම් පුද්ගලයන්, ආර්ථික අසමානතාවය මෙම කුල වෙනස්කම් සඳහා හේතු වී ඇති බව විශ්වාස කරන අතර, පන්ති අසමානතාවය ඉස්මතුවනවිට මෙය අතුරුදන් වී යාවි. නමුත්, උඩරට ඇතැම් ප්‍රදේශවල එය සිදුවිය නොහැකි බව අපිට දක්නට පුළුවන්. බදුල්ල, හපුතලේ යන ප්‍රදේශවල වතුකර ජනතාව සඳහා ඉදිකර ඇති පේළි නිවාස පවා ගොඩනගා ඇත්තේ කුලය පදනම් කරගෙන යි.

“විදේශිකයන් විසින් අපේ රට පාලනය කරන සමයේ, ඔවුන් ජනතාව බෙදා දැක්වූයේ ඔවුන්ගේ වෘත්තීන් අනුව යි. ආරම්භයේ දී, උසස් කුල ප්‍රජාව පේළි නිවාසවල ජීවත්වන පහත් කුල ප්‍රජාව වෙත ගියේ නෑ. එසේම, ඔවුන්ට ඉහළ කුල ජනතාව ජීවත්වන ප්‍රදේශවලට පැමිණීමට ඉඩ ලබාදුන්නේ ද නෑ. සුවිශේෂී උත්සවයන් පවතින අවස්ථාවන්වල දී ඒවා සැමරීමට ඔවුන්ට ආරාධනා කළේ නෑ. ඔවුන් පැමිණියහොත්, ඔවුන් අසුන් ගත්තේ නිවසට පිටතින්” යනුවෙන් එහි ජීවත්වන 80 හැවිරිදි කන්දයියා සුප්පු ලක්ෂ්මි පවස යි.

“උත්සව පවතින කාලසීමාවේ දී මෙම සුවිශේෂී කුලයන්ට අයත් ප්‍රජාවට බැතිමතුන් උදෙසා කෑම පිළියෙළ කරන දේවාල භූමියට පිවිසීමට ඉඩ ලබානොදුන් අතරම ආහාර පිළිගන්වන ස්ථානයේ වාඩිවීමට පවා අවසර නොමැති විය. රාමා බජන් අවස්ථාවේ දී, ප්‍රධාන කණුව රැගෙන යාමට අවසර ලැබුණේ සුවිශේෂී කුලයකට අයත් පුද්ගලයෙකුට යි. වතු නායකයා, ඉහළ කුලයේ පුද්ගලයෙක් වශයෙන් සලකනු ලැබූ බව” ඇය පවස යි.

වර්තමානය වනවිට පවතින යම් ලිහිල් හා නම්‍යශීලී අවස්ථා පිළිබඳව ඇය විමසා බැලුවා ය. පෙරිය කන්ගනෛගේ පෙළපතට අයත්ව තිබූ දේවාලය, බෙරවාදකයන් වෙත අත්පත් වී තිබේ. පෙරිය කන්ගනෛ වංශය විසින් වසර ගණනාවක් මුළුල්ලේ සිදුකරන ලද කාර්යය, දැන් බෙරකරුවන් විසින් සිදුකර යි. පළමු වතාවට, බෙරකරුවන්ට රාමා බජන් හි ප්‍රධාන කණුව රැගෙනයාමට හැකියාව ලැබී ඇත. නමුත්, විවාහය සම්බන්ධයෙන් විමසාබැලීමේ දී තවමත් කුල ක්‍රමය තුළ නම්‍යශීලිත්වයක් දක්නට නොලැබේ.

“මාව අපේ පවුලෙන් නෙරපා දාලා තියෙන්නේ, මොකද මම වෙනත් කුලයක පිරිමි ළමයෙකු සමඟ විවාහ වූ නිසා, මම මගේ ජීවිතය තෝරාගත්තා වගේම මම සතුටින් ජීවත්වෙනවා. නමුත්, මගේ අම්මා මියගිය අවස්ථාවේවත් මට ගේ ඇතුළට යන්න ඉඩ දුන්නේ නෑ. මගේ අම්මාගේ සිරුර දකින්න පවා මට අවසර ලැබුණේ නෑ. වසර 10ක් ගතවෙලා තියෙනවා දැන්. ඒ කම්පනය තවමත් මගේ මනසේ පවතිනවා” යනුවෙන් නුවරඑළියේ සාරධා (නම වෙනස්කර ඇත) පැවසුවා ය. ඇයගේ සාර්ථක විවාහය පසුපස පවතින තුවාලය තවමත් සනීප වී නොමැත. ඇයගේ නෑදෑයන් ඉතා හොඳින් ඇය සමඟ ආශ්‍රය කළ ද ඇයට සිදු වූ පාඩුව අමතක කිරීමට නොහැකි වී තිබෙනවා.

මේ කාලයේ දී, දේවාලයේ පවතින නම්‍යශීලිත්වය පිළිබඳව ඇයත් කතා කරනවා.“පෙරිය කන්කානම්ගෙන් පැවතෙන්නන් උගත් සහ පොහොසත් අය ලෙස සළකනවා. ඔවුන් දේවාලයන් හි සේවය කිරීමට තෝරාගත් අයගෙන් එක් පිරිසක්. කරගම් රැගෙන යාම සිදු කරන්නේ කන්කානිගේ දරුවන් විසින් පමණ යි. අනෙක් අයට දේවාලයට ඇතුල්වීමට අවසර නොදේ. අද සියළුදෙනාටම දේවාලයට ඇතුල්වීමට පුළුවන්. මෑතකදී, බෞද්ධ අයෙක් කරගම් රැගෙන ගියා” යනුවෙන් මෙම වෙනසට කැමති සාරධා පැවසී ය.

ඇය අනෙකුත් සිද්ධීන් ගැනත් අප සමඟ පැවසී ය. එක සිද්ධියක දී, යමෙකු ඔවුන්ගේ කුලය හේතුවෙන් දේශපාලන පක්ෂයකින් නෙරපා දමනු ලැබී ය. කුල වෙනස්කම් නිසා, වලපනේ සිවර්කැන්ඩි වත්තේ දරුවන් දෙදෙනෙකු පාසල්වලට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කරන ලද අතර පසුව මෙම ගැටළු විසඳීමට මානව අයිතිවාසිකම් කොමිසම වෙත ගෙනයනු ලැබී ය.

වර්ගයන් අතර සංහිඳියාව ඇතිකිරීමට විවිධ මුලපිරීම් ගනු ලැබුව ද, එක් එක් වර්ගයන් අතර පවතින කුල සහ ආගමික වෙනස්කම් අත්හැරීමට අපට හැකිවන්නේ කෙසේ ද?