Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අභියෝගවලට හා ත්‍රාසයට මුහුණ දුන් ජීවිතයක්
වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා

මගේ මිත්තණිය වන වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා අත්තම්මා ඇයගේ සියලු දෙය ඇසුරුම් කර ගනිමින් දරුවන් අට දෙනා ද රැගෙන දකුණු ඉන්දියාවේ කේරළයේ සිට ශ්‍රී ලංකාවට නැව් මගින් යාත්‍රා කරනුයේ ඇයගේ සැමියා මියගිය විගසමය.

07.05.2020  |  
මහනුවර දිස්ත්‍රික්කය
වින්ෆ්‍රෙඩ් සෙල්වරාණි සින්නයියා හා පවුල

වයස අවුරුදු දාහතරේ දී විවාහ වන ඇය සිය අටවන දරුවාට උපත ලබා දෙනු ලැබ ඇත්තේ වයස අවුරුදු 23 දී වන අතර වයස අවුරුදු 30ට පෙර ඇය සිය රට අතර සමුදුර තරණය කරයි. ඇය ඊට පෙර කිසිදු දිනක කේරළයෙන් පිටතට ගොස් නොසිටි අතර ඉතා නිර්භීතව එම ප්‍රදේශය අතර නැව් මගින් මෙරටට පැමිණ සමස්ත ජීවිත කාලයම අභියෝගයන්ගෙන් හා ත්‍රාසයන්ට  මුහුණ දෙමින් ජීවිතය පවත්වාගෙන යනු ලැබූ නිසා ඇයගේ මිනිපිරියට වසර සියයක පසුගිය අතීතය අහම්බයක් හා අතුරු කතාවක් ලෙස ලිවීමට අද හැකියාව ලැබී ඇත. ආපසු හැරී බලන විට මට මගේ මව්පියන් ඉතාමත් හොඳින් හඳුනා ගන්නට ඒය මනා පිටිවහලක් සපයයි.

ශ්‍රී ලංකාව විවිධ ප්‍රදේශයන් හි පැවැති කර්මාන්ත සඳහා දකුණු ඉන්දියානුවන්, නැගෙනහිර අප්‍රිකානුවන්, ජපන් ජාවා දූපත්වාසීන්, බාමියන්වරු හා ඇෆ්ගන්වරුන් මෙකල ලංකාවට පැමිණි අතර ඔවුනගේ සහයෙන් කොළ පැහැති බිමක් බවට ශ්‍රී ලංකාව පත්විය. මෙකල පවා තේ රබර් පොල් සංචාරක හා මාර්ග මෙන්ම දුම්රිය මාර්ගය යන අංශයන්හි එකල පවා ගෝලීය අංක එකේ ප්‍රමුඛස්ථානය බවට  ශ්‍රී ලංකාව පත් කිරීමට කාන්තාවන් වෙහෙස මහන්සි වී වැඩ කර ඇත. අද තවත් වරක් වතුකරයේ කාන්තාවන්, ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් හා මැදපෙරදිග සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් ආර්ථිකය යහපත් අන්දමින් පවත්වාගෙන යාමට ප්‍රබල දායකත්වයක් සපයා ඇත. තම යහපත වෙනුවෙන් සටන් කිරීම එසේත් නැතිනම් සම වැටුප් හා පුරවැසිභාවය පිළිබඳ අයිතිය තවමත් ඔවුන් ඉල්ලා සිටිමින් සිටින අතර 1970 දී ළඟාකරගත් එකම දෙය වූයේ ඡන්ද අයිතියයි. අපගේ මුතුන් මිත්තමිත්තන් වසර ගණනාවක් මේ රටේ සමෘද්ධිය සඳහා ලේ හා දහඩිය වැගිරූ අතර මගේ අම්මාට තවමත් ඇත්තේ අංකය අවසානයට x අක්ෂරය සහිත හැඳුනුම්පතකි.

මගේ අම්මාට තවමත් ඇත්තේ අංකය අවසානයට x අක්ෂරය සහිත හැඳුනුම්පතකි.

රුපියල් පනහක වැටුපක් ලබමින් අත්තම්මා  තනිවම ඇයගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නේ නුවර මවුබ්‍රේ  හා ත්‍රිත්ව විද්‍යාලයන්ගෙනි. ඇයගේ අවසාන වෘත්තිය වශයෙන් වාර්තා වනුයේ මව්බ්‍රේ හි  පාලිකාව වශයෙනි. ඇයට උසස් අධ්‍යාපනය හෝ උපාධිය හෝ  ඩිප්ලෝමා තිබුණේද නැත. ඇය සතුව දැඩි අධිෂ්ඨානයක් පැවති අතර එය ප්‍රයෝජනයට ගනු ලැබීය. ඇය වඩාත් වගකීම් සහගත වූ අතර එක් මිනිත්තුවක් වත් අපතේ නොයෙදවිය.  ඇයට ඉවීමට හා ගෙතුම් කලාවට හැකියාව පැවති අතර කුකුළන් ඇති කළාය. මේ සියල්ල සිදු කළේ  එකම කාල පරාසයක ය.

ඇයගේ දූවරුන් ගෙන් කෙනකු වන බෙට්සි තවෝමනී (මගේ අත්තම්මා) මවුබ්‍රේ හි හා මයිලපිටියේ ලක්පහන ජේසු ස්වාමි අදහන්නනගේ විද්‍යාලයන්හි හොදම ඉංග්‍රීසි ගුරුවරුන්ගෙන් කෙනෙකු විය. තවත් දියණියක් වන එම්ලි පීටර් ඇයගේ හෙද විභාගය ඉතා ඉහළින් සමත් වූ අතර, ඇය පසුව වතුකරයේ පවුල් සෞඛ්‍යය නිලධාරිණිය විය.  එකල එම සුදුසුකම සපුරන ලද පිරිස ඉතාමත් සුළු පිරිසක් විය.  අද ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව හොඳම මාතෘ හා ළදරු සනීපාරක්ෂාව සහිත රටවල් වලින් එකකි. ඇයගේ විවාහක බෑනා වන ජිම් පීටර්ස් පළමු විවෘත හදවත් ශල්‍යකර්ම වෛද්‍ය අයදුම්කරුවා විය.

ඇයගේ එකම පුතා හමුදාවට බැඳුණු අතර වසර කිහිපයක් තිස්සේ ඊජිප්තු හමුදාවට සේවය කරනු ලැබීය. එකල ඔහුගේ පළමු දරු උපත සිදු වූ අතර ඇයගේ විවාහක ලේලිය වැඩ කටයුතු කරන විට අත්තම්මා  එම දරුවා රැක බලා ගත්තාය . ඇය යම් කාන්තාවකට යම් හැකියාවක් ඇත්නම් එම කාන්තාව ඒවා භාවිත කළ යුතු බව ඉතා තදින් විශ්වාස කර කාන්තාවක් විය. ඇය දිනක් රූපවාහිනිය බලමින් සිටින අතරතුර  මුණුපුරාට ග්‍රයිප් වෝටර් වෙනුවට ඒ හා සමාන බෝතලයක බහා තිබූ ශරීරයේ බාහිරව ආලේපනය  කරනු ලබන බෙහෙත් වර්ගයක් ලබාදී තිබුණි.  ඇය ඇයගේ අතපසුවීම වටහා ගන්නා විට ඇය දරුවා ද රැගෙන රේල්පාර දිගේ දුව ගොස් දරුවා ආරෝග්‍යශාලාවට ඇතුලත් කොට තිබුණි. ඛේදජනක සිදුවීම වූයේ ඒ වන විටත් දරුවා මියගොස් තිබීමය. අතර මඟ ගමන් කරමින් සිටි ඇයගේ විවාහක ලේලියට නැවත අහම්බයෙන් රේල් පාරේ තිබී දරුවාගේ මාලය හමුවිය. ඇයගේ විවාහක ලේලිය එම මරණය සම්බන්ධයෙන් කිසිදා ඇයට දොස් නො පෑ අතර එය සත්‍ය ලෙසම අත්වැරදීමක් ලෙසට වාචික සාක්ෂි  සපයනු ලැබීය. ඉන් පසුව ඔවුනට දරුවන් සිව් දෙනකු වූ අතර එම සිව්දෙනාම ඇති දැඩි කොට රැක බලා ගනු ලැබූයේ අත්තම්මා ය.

මගෙ අම්මා

1977 දී පැවති ජනවාර්ගික  කෝලාහලයේ දී ඇය අසල්වැසි නිවැසියන් සඳහා ඇයට හැකි උපරිමයෙන් වාසස්ථාන සපයා දී ආරක්ෂාව ලබාදී තිබුණි.  ඒ වන විටත් ඇය සතුව මයිනෙක්, ගිරවකු, පූසෙකු, බල්ලෙකු, කුකුළෙකු හා මී මුණුපුරන් විසිතුන් දෙනකු සිටියා ය. 1977 ඇයගේ 24 වන මිණිපිරිය වන මාගේ සහෝදරිය උපත ලැබීය. ඇය ඇයගේ නිල්  කොටු වලින් සමන්විත රත්රන් පැහැරගත් ඉන්දියන් සාරිය හැඳ පෝටිපෝවේ කොළ පැහැති  වේවැල්  පුටුවේ  වාඩි වී සිටි අතර අලුතින් උපත ලද බබා සමඟ සමග කළු පැහැති සැහැල්ලු රථය එහි  ළඟා විය. මා ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් සිටි අතර ඇය මාව සිපගෙන අලුත උපන් බබාට ආශිර්වාද කරනු ලැබීය.

ඇයගේ ජීවිතයේ මුලුගැන්වීම්, කමපාවන්, එදිරිවාදිකම්වලට කිසිදු ඉඩක් නොලැබුණු අතර මසකට පෙර ඇය ඇයගේ  පවුලේ සියලු දෙනාට එක්රැස් වන ලෙස දන්වා සිටියාය.  ඇයගේ අවසාන කැමැත්ත ඔවුනට දැන්වූ අතර ඇයගේ අවමගුල සිදුවිය යුතු ආකාරය පිළිබඳව සියලු දෙනා දැනුවත් කරන ලදී. ඇය සිය ඇඳුම තෝරා ගත්තා ය. එසේම ගීත හා සංග්‍රහයන් තෝරා ගත්තා ය.  ඇයට අවුරුදු 94 දී  රුධිර පීඩනය නොපැවතිණි. සීනි හෝ හදවත් ගැට ඇයට නොපැවතියාය. එම රාත්‍රියේ දී  ඉතා සාමකාමීව  අවසන් හුස්ම හෙළීය. මා ඇය සමඟ කාමරය  හුවමාරු කරගනිමින් සිටි නමුත් ඇය තුරුලු කරගන්නට අතර කවදාවත් දැනගෙන සිටියේ නැ. ඇයත් කිසිම දිනක එය සිදු කළේ නැත.

මගෙ අම්මාගෙන්, මගේ සහෝදරියගෙන්, මගේ ඥාති සොහොයුරියන්ගෙන් හා මගේ නැන්දාගෙන් සෑම විටම මම ඇය දකිමි. මම මගේ පවුලේ කාන්තාවන්ගෙන් ඇය  දකිමි.  යමක් හෝ යමෙකු පෝෂණය කිරීම හැමවිටම නව මාවතක් විවර කරනු ලබයි. ඇය කිසිම දිනක කිසිවකු හමුවේ බැගෑපත් වූයේ නැත. ඇයගේ මේ ගතිලක්ෂණ මට හා මගේ දරුවන්ට ද  උරුම ව තිබෙයි. ඒ හැම දෙනා හැමවෙලේම මා වෙනුවෙන් බලා ඉන්නා බව දැකීමට මට පුළුවන් ව. මන්ද  යත් නව භූමි සොයා යාමට නව මිනිසුන් සොයා යාමටිය ඒය මහඟු දිරිගන්වන්නක් වූ නිසා ය.