Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ශ්‍රී ලංකාවේ මිශ්‍ර විවාහයනට
ආගම කිසිදු බාධාවක් නොවේ

ආගම යනු ජීවත් වන ආකාරයකි. නමුත් මිනිසා නිර්මාණය වූයේ ආගම් සඳහා පමණක්ය යන්න සිතීම මගින් විවිධ අර්බුදයක් නිර්මාණය කරනු ලබයි. මෙලෙස ප්‍රකාශ කරන්නේ විශ්‍රාමික විදුහල්පතිවරයකු හා නුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු හින්දු කටයුතු අධ්‍යක්ෂ වන 71 හැවිරිදි මුතුකරුපන් සම්බන්ධන් ය.

07.05.2020  |  
මඩකලපුව දිස්ත්‍රික්කය
முத்துக்கருப்பன் சம்பந்தர் - அப்துல் மஜீத் மெஹருன் நிசா

ඔහු උපතින් හින්දු වූ අතර වයස අවුරුදු තිස් එකේදි මුස්ලිම් කාන්තාවක් සමග ආදරයෙන්  වෙලී  පසුව ඇය විවාහ කර ගනු ලැබූ අතර ඇය අබ්දුල් මජීඩ් මෙහෙරූන් නිසා නම් වූ බැංකු වෘත්තිකයෙකි. මෙම යුවල සිය විවාහයේ දී සහ විවාහයට පසු ව මුහුණ දීමට සිදු වූ ගැටළු සම්බන්ධයෙන් විස්තර කරනු ලැබීය.

අපේ පවුල් දෙකම අපේ සම්බන්ධතාවයට විරුද්ධ වුණා. එක් අවස්ථාවක අපිට  තර්ජනය කර දැනුම් දුන්නා අපගේ රැකියාවන්ට පවා මේ සම්බන්ධය බලපානු  ලබන බව. ප්‍රජාවන් දෙකෙන්ම අපට විරුද්ධ වුනා වගේම අපට අභියෝග කරා. නමුත් අප එය කවදාවත් හිතට ගත්තේ නැහැ. අප ඉතාමත් ධෛර්යමත්  ලෙස අපේ විවාහය සාමාන්‍ය විවාහ නීතිය යටතේ ලියා පදිංචි කළා. මගේ බිරිඳ තවමත් ඇගේ නම ලෙස භාවිතා කරන්නේ  අබ්දුල් මජීඩ් මෙහෙරූන් නිසා සහ මගේ නම ලෙස  භාවිතා කරන්නේ මුතුකරුපන්  ලෙසයි.

මුතුකරුපන් සම්බන්ධාර්   නුවර යහලතැන්න මුස්ලිම් මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ශිෂ්‍යයකු වූ අතර ඔහු කිසිදු දිනක මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් වෙනස් අදහසක් දැරූ පුද්ගලයකු නොවීය. ඔහු ඉස්ලාමීය ඇදහිලි සම්බන්ධව මුස්ලිම් මව්ලවි වරුන්ගෙන් පාසලේදී උගත්තේය. ඔහු පාසල් වේදිකාවේ දක්ෂ මුස්ලිම් ගීත ගයන්නකු විය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා කොමියුනිස්ට් අදහස් දැරූවකු වූ අතර මූලධර්මවාදී අදහස් වලින් තොරව ජනවාර්ගික හා  සන්ස්කෘතික විවිධතාවයන් සම්බන්ධව සිතීමට හැකි බව ඔහු පැවසීය.

ඔබ මුස්ලිම් පුද්ගලයෙකු බවට පත් වූයේ කෙසේද ?

මා මගේ විවාහක නැන්දම්මාගේ අවමංගල්‍ය කටයුතු සඳහා මස්කෙළියට ගියා. මගේ බිරිඳට මා අවමඟුල් චාරිත්‍ර සඳහා සහභාගී කරවීම සඳහා අවශ්‍ය  වුණා. නමුත් ඒ වනවිට මම මුසල්මානුවෙකු වුණේ නැති නිසා  මට සෘජුවම අවමංගල්‍යය චාරිත්‍ර සඳහා සහභාගි වෙන්න බැරි වු විට මගේ බිරිඳ පැවසුවේ මට කලිමා උද්දේශනය තුළින් මුසල්මානුවෙකු වීමට හැකිය යන්නයි. ඉතින් මම මුස්ලිම් පල්ලියට  ගිහින් මව්ලවිවරයා හමුවේ විධිමත් ලෙස උච්චාරණය කරනු ලැබුවා ” ඉල්ලා අල්ලා  මුහම්මද් අල්  උර්  රසූලුල්ලාහ් අල්ලා මොහම්මත් අල්ලා”     පසුව ඔවුන් පිළිගත්තා මගේ ආගම ඉස්ලාම් ආගම ලෙස. ඊට පස්සේ මට හැකි වුණා මගේ විවාහක නැන්දම්මාගේ අවමඟුල් චාරිත්‍ර ඉටු කිරීමට. මට සතුටුයි මේ ගැන ඔහු පැවසීය.

මුතුකරුපන්  හා  මහ්රූන්  නිසා යුවළට දරුවන් තිදෙනෙකි. ඔවුන් ෂා, සජී හා සජීවි වන අතර ඔවුන් කිසිදු ආගමික අනන්‍යතාවයක් පෙන්වනු නොලබයි. අප    ඔවුන්ගේ පවුල සමඟ සාකච්ඡා කළා. ඔවුන්ගේ අසල්වාසීන් හා ඥාතීන් හේතුවෙන් ඔවුන් මුහුණ පෑ අපහසුතා සම්බන්දව හා එම සිදුවීම්  හරහා ඔවුන් හුදෙකලාකරණය කරනු ලැබූ ආකාරය ඔවුන්ගේ පවුල  සමඟ මෙහි දී සාකච්ඡා කරනු ලැබීය.

අප අපගේ ජීවිතය පටන් ගන්නා විට අපට කිසිවක් තිබුණේ නැහැ. පවුල් දෙකෙන්ම අපව අත් හැර දමනු ලැබුවා. සමහර යාලුවන්ගෙන් උදව් තිබුණා.  ඒත් ඒවා ප්‍රමාණවත් වුණේ නැහැ. අපිට ජීවත් ජීවත්වෙන්න ස්ථිර වාසස්ථානයක්වත් නිදාගන්න හරියට ඇඳක් වත් තිබුනේ නැහැ. ආහාර වෙනුවෙන් පවා අරගල කරන්න සිද්ධ වුණා. නමුත් බලාපොරොත්තු අත්හැරියේ නැහැ. අපේ ජීවිත ඉතා සරලව ගතකරමින් ජීවත් වෙන්න පටන් ගත්තා. අනෙක් අයට පේන්න ජීවිතේ මූලික අවශ්‍යතා සපුරා ගනිමින්. මගේ බිරිඳ  ඉතාමත් ධනවත් පවුල්  පසුබිමක් සහිත කෙනෙක් .මුලින්ම ඇයට මේ තත්වෙට හුරුවෙන්න අපහසු උනා. නමුත් ඇය ජීවිතය වෙනුවෙන් අභියෝග බාරගෙන ජීවිතයට හුරුවෙන්න පුරුදු වුණා .  මම ඇයට  ගරු කරනවා. දැන් අපට අත්හැරපු ඥාතීන් අප සමග යහපත් සබඳතාවක් පවත්වනවා. අපට හොද ගෞරවයක් හා හදුනා ගැනීමක් අපගේ ප්‍රජාවෙන් ලැබෙනවා. එය ඉතා උසස් ලඟාකර ගැනීමක්  ඔවුන් පැවසුවා.

මේ ඒ හා සමාන මඩකලපුව ප්‍රදේශයේ වෘත්තාන්තයකි.

මඩකලපුවේ චන්ද්‍රකාන්තන් මහේන්ද්‍රදාස කතෝලිකයෙකු වන අතර ඔහු අප සමග  සාකච්ඡාවට එක්විය.

මම හින්දු කෙනෙක් විවාහ කරගත්තා. අපේ විවාහය පැවැත්වුණේ මඩකලපුවේ  මාමනගම හින්දු කෝවිලේ. ඊට පස්සේ අපේ විවාහය ලියා පදිංචි කරනු ලැබුවේ කතෝලික පල්ලියේ.  අප දෙදෙනාගේම දෙමව්පියන් හා ඥාතීන් සතුටු වන අන්දමට කටයුතු කිරීමට ඊට පසුව අපට හැකි වුණා  . චන්ද්‍රකාන්තන්  නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර   අංධ ආගමික භක්තිකයකු නොවීය.

ආගම අපේ ජීවිතවලට අවහිරයක් නො විය යුතු ය යන්න මුලින්ම අපි  තීරණය කරනු ලැබුවා. ඒ වගේම ආගමික කටයුතු වලට බාධාවක් නො පැවතිය යුතු බවටත්. ඒ අනුව අපි තෛපොංගල් දීපවාලි හා දෙමළ අලුත් අවුරුද්ද සමරනු ලබනවා. එසේම අපි එක්ව ග්‍රගෝරිියන්    අලුත් අවුරුද්ද වගේම නත්තලත් සමරනු ලබනවා .   තව දුරටත්  වෙනසකින්  තොරව  අපි මෙම ආගම් දෙකම අදහනු ලබනවා.

අපි හින්දු කෝවිල් හි පැවැත්වෙන පූජාවන් හා අනෙකුත් යාතු කර්ම සඳහා සහභාගී වෙනවා සහ පල්ලි උත්සව සඳහාත් සහභාගි වෙනවා. එය අප විවාහ වී අවුරුදු පහළොවක් තිස්සේ සිදු කරනු ලැබූ දෙයක්. අපි අතර කිසිම ආගමික වෙනසක් නැහැ ඇය පැවසීය. එසේම ඔවුන් මෙම තත්ත්වය  සමබර කරනු ලබන අතර ඥාතීන් හා ඔවුන් අතර පවත්නා සම්බන්ධතාවය ද සමබරව පවත්වාගෙන යනු ලබයි.

අපිට දෙවියන් අතර වෙනසක් නැහැ. එසේම අපේ ජීවිතවලට කවදාවත් ආගම අවහිරයක් වෙලත් නැහැ. අපි අපේ පුතාට කියලා නැහැ කුමන ආගමක් ද  ඇදහිය යුත්තේ කියලා. ආගම මිනිසුන්ට මඟ පෙන්වනවා. එය පරස්පරයක් ඇති නොකරන අතර ජීවිතවලට අවහිරයක් වෙන්නෙත් නැහැ. චන්ද්‍රකාන්තන් පවසනවා.

එසේම මෙම යුවළ ආගමික කණ්ඩායම් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කරනු ලබනවා. ඔවුන්ට දරුවා පාසලට ඇතුළත් කරන විට යම් බාධාවන්ට මුහුණ දෙන්න සිදු වී තිබුනා.  අප අදහන්නේ කුමන ආගමද යන්න අපි නිශ්චිතව ඉදිරිපත් කරන්න සිදු වුනා. පාසලේදී එක් නිශ්චිත ආගමක්   උගන්වනු ලබනවා. කෙසේ වෙතත් මෙම යුවළ දරුවාට මෙම ආගම් දෙකම ඉගැන්වීමට යම් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

අපේ පුතා ක්‍රිස්තියානි ආගම වැළඳගනී යැයි මගේ සැමියාගේ පවුලේ ඥාතීන් මුල්කාලීනව බියක් දැක්වූවා. මෙනිසා අවසානයේ  පවුලේ ඥාතීන්ගේ බලාපොරොත්තුව සපුරාලීමට හැකියාව ලැබුණා.  හින්දූන් සිකුරාදා දිනයට මස් අනුභව කරන්නේ නැහැ. දැන් ඇය ද එය ප්‍රායෝගිකව සිදු කරනු ලබයි. ඔවුන්ගේ ජීවිතවලට සතුට සම්බන්ධ රහස වූයේ මෙම සරල හුවමාරු ප්‍රතිපත්තියි.

නවරාත්‍රී සැමරුම සාමාන්‍යයෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව සමරනු ලබන අතර පසුගිය 2019 වර්ෂයේ පැවති වැඩවර්ජනය හේතුවෙන් එය පැවැත්වීමට අපහසු වුණා. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන චන්ද්‍රකාන්තන් මහත්මිය මෙම වාර්ෂික උත්සවය පැවැත්වීම සඳහා පෙරමුණ ගෙන මූලිකත්වය ගනු ලබන කෙනෙක්.ඇය තම පීඨයේ සහායකයින් සමග මෙම උත්සවය සාමාන්‍යයෙන්  ඉතා සාර්ථකව පැවැත්වීමට කටයුතු කළා ය.

නුවර හා මඩකලපුව ප්‍රදේශයන්හි ජීව වන මෙම පවුල් දෙකෙහි ජීවන විලාසයන් තේරුම් ගැනීම හරහා  ඔවුන්ගේ ජීවිතයට සුවිශේෂත්වයක් අත් කර ඇත.

සෑම ආගමික ඉගැන්වීමක්ම හොඳම ඉගැන්වීමයි. අපි සියලු ආගම් පිළිගනු ලබයි. සමාජයේ  යහපත් චර්යාවන් සමඟ ජීවත් වන්නේ නම් සදාචාරය හොඳ හිත හා කීර්ති නාමය ආගමේ කොටසක් බවට පත්වනු ඇත. මෙය මෙම පවුල් දෙක මගින් අපට ඒත්තු ගන්වන පණිවිඩයයි.