Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

තල් හකුරු හංගන
යාපනේ කුල වක්කඩ

දකුණේ හකුරු කුලය ලෙස පීඩනයට හා අවඥාවට භාජනය කර ඇති පිරිස මෙන්ම උතුරේද තල් රා කර්මාන්තයේ නියුක්ත පල්ළරන් කුලයේ ජනයා අඩු කුලයක් ලෙස සැලකුම් ලැබීමේ අවඥාවට හා අමානුෂික වේදනාවට ගොදුරුව සිටිති.

11.03.2019  |  
යාපනය දිස්ත්‍රික්කය

“අපි තල් සංවර්ධන සමූපකාර සමිතියේ ශාඛාවක්. දැන් අවුරුදු දහයක විතර ඉඳලා රා බෝතල් කරනවට අමතර හකුරු හදන්න පටන් ගත්තා. අපේ සමිතියට සාමාජිකයො දාහක් විතර ඉන්නවා. අධ්යාක්ෂ මණ්ඩලයකුත් තියෙනවා. හැබැයි දෙසිය පණහක් විතර තමයි සක්රිදය සාමාජිකයො ඉන්නෙ“ පණ්ඩත්තිරිප්පු තල් හකුරු නිෂ්පාදන කම්හලේ නිෂ්පාදන කළමනාකාර රෙජිනෝල්ඩ් වසන්ත සිය සමිතියේ පසුබිම පැහැදිලි කරයි. ඉතා පිරිසිදු හා උසස් තත්ත්වයේ තල් හකුරු නිපදවන කම්හලක් වන එය යන්ත්රල සූත්රය අඩුවෙන් භාවිතා කරන හා මිනිස් ශ්‍රමයට බර තැබූ තැනකි.

පසුගිය කාලයේ යාපනයේ පිරිසිදු තල් හකුරුවලට ලාභ බාල හිල් බඩුවලට අත්වන ඉරණම අත්ව ඇතැයි දැනගන්නට ලැබුණි. විශාල වශයෙන් දේශීය සංචාරකයින් යාපනයට පැමිණීම හා ඔවුන් තල් ආශ්රිමත නිෂ්පාදන මිලට ගැනීමටද උනන්දුවීමද නිසා ඇතැමුන් තල් හකුරු වැනි නිෂ්පාදන ලාභය අරමුණු කරගනිමින් ප්‍රමිතිය පිළිබඳ නොසලකා නිපදවන බව රහසක් නොවිණ. සමහර වෙළෙඳුන් විකුණන තල් හකුරු යාපනයට ගෙන ආවේ දකුණෙනි. ඒවා පිටි හා සීනිද තල් පැණි ටිකක්ද මුසු කර නිපදවන බව කියැවිණි. එහෙත් අපේක්ෂා සුන්කර ගත යුතු නොවේ. තවමත් යාපනය පිරිසිදු තල් රාවලට මෙන්ම තල් හකුරුවලටද රක්ෂිත ස්ථානයකි. ඒ යාපනය නගරයෙන් බැහැර පණ්ඩත්තිරිප්පු තල් හකුරු නිෂ්පාදන කම්හල වැනි කම්හල් සමඟ යාපන වැසියන් සමූපකාර සමිති ලෙස සංවිධානය වී පිරිසුදු තල් රා සහ තල් හකුරු නිෂ්පාදනය කරන බැවිනි.

මනිපායි, සන්දිලිපායි වැනි නගරයෙන් බැහැර ප්ර දේශවල එවැනි සමූපකාර සමිති බිහිවන්නේ 1980 ගණන්වල අගභාගයේදී ය. මුල් කාලයේ මේ සමිතිවල කාර්යය වුයේ ප්ර දේශයේ නිපදවන තල් රා එකතුකොට බෝතල් කිරීමයි. ඔවුන් ඒවා සඳහා බලපත්ර් ලබාගත් අතර රා අලෙවිකරන තැබෑරුම්ද පැවතුණි. සන්දිලිපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පණ්ඩත්තිරිප්පු ගමෙහි ද එවැනි පැරණි සමූපකාර සමිතියක් තිබේ. ඔවුන්ද මුලින්ම රා බෝතල් කිරීමේ කාර්යයට අත ගැසූ නමුත් වසර දහයකට ඉහත තල් හකුරු නිෂ්පාදන කර්මාන්තයද අතුරු කාර්යයක් ලෙස ඇරඹුවේ අධික බදු හා පාසල්, කෝවිල් ආදියෙහි මායිම් නිසා රා අලෙවියට පැනවෙන සීමාද සලකමිනි. “අපි තල් සංවර්ධන සමූපකාර සමිතියේ ශාඛාවක්. දැන් අවුරුදු දහයක විතර ඉඳලා රා බෝතල් කරනවට අමතර හකුරු හදන්න පටන් ගත්තා. අපේ සමිතියට සාමාජිකයො දාහක් විතර ඉන්නවා. අධ්යලක්ෂ මණ්ඩලයකුත් තියෙනවා. හැබැයි දෙසිය පණහක් විතර තමයි සක්රිමය සාමාජිකයො ඉන්නෙ“ පණ්ඩත්තිරිප්පු තල් හකුරු නිෂ්පාදන කම්හලේ නිෂ්පාදන කළමනාකාර රෙජිනෝල්ඩ් වසන්ත කියයි.

දවසකට බෝතල් හාරදාහක විතර රා එනවා

අවුරුද්දේ හැම මාසෙකම හකුරු සෑදීම සඳහා තල් රා එකතු කරගැනීමට නොහැකිය. තල් ගසකින් දිනකට තල් රා බෝතල් හතඅටක්වත් ලබා ගැනීමට හැකිවන්නේ වර්ෂා කාලයෙන් පසුවය. තල්මලෙන් සරුවට තෙලිදිය වෑහෙන කාලය හෙවත් තල් රා වාරය ලෙස ඔවුන් සළකන්නේ මාර්තු සිට අගෝස්තු දක්වා අතරතුර කාලයයි. “රා වාරෙට අපේ සමිතියට විතරක් දවසකට බෝතල් හාරදාහක විතර රා එනවා. අපි ඒවයින් බෝතල් එක්දාස් පන්සීයක් විතර බෙදලා දෙනවා අහලපහළ තැබැරුම්වලට. ඒවා අපේ රා විකුණන තැන් නේ. ඉතිරි රා වලින් කොටසක් ගන්නවා හකුරු හදන්න. තවත් රා කොටහක් මනිපායිවල තියෙන ඉස්කාගාරෙට දෙනවා තල් අරක්කු හදන්න“ වසන්ත තමන්ගේ කම්හලේ කාර්යභාරය විස්තර කිරීමට පටන්ගත්තේ එලෙසය. රා ලෙස බීමට ගන්නා පැසුණු තෙලිදියෙන් තල් හකුරු සෑදිම කළ නොහැක්කකි. ඒ නිසා කිසියම් ප්රාතිකර්ම මාලාවක් කරමින් තල් හකුරු නිපදවීමේ කාර්යය ආරම්භ කිරීමට සිදු වේ. තල් මලෙන් වෑහෙන තෙලිදිය එකතුවන්නට උස තල් ගස් මුදුන්වල එල්ලා ඇති මුට්ටිවල පතුළේ බුලත්විට කෑමට ගන්නා හුණු ටිකක් තැම්පත් කිරීම මෙහිලා සිදුකරන ආරම්භක පිළියමයි. රා ලෙස බීමට ගන්නා තෙලිදිය පැසීමට අවශ්‍ය නිසා එවැනි මුට්ටියකට හුණු මුසු කරන්නේ නැත. එනම් මෙලෙස හුණු දැමිමෙන් සිදුවන්නේ තල් තෙලිදියෙහි මධ්යිසාර නිපදවීම අඩාල වීමයි. එවැනි තෙලිදිය පැණි රසය.

රෙජිනෝල්ඩ් වසන්ත

රා නිපදවන්නන් සමූපකාරයට ගෙන එන හුණු නොදැමූ මුට්ටිවල රා බෝතල් කිරීම සහ වැඩිපුර ඇති ප්රිමාණය ඉස්කාගාරයට යැවීම සිදුකරන අතර හුණු යෙදූ පැණි රසැති රා දර ලිප්වල උණු කිරීම සිදුකරයි. අංශක පනහකට පමණ රත්කරන රා යළි ටැංකිවලට දමා පොස්ෆරික් අම්ලය මුසු කරන්නේ හුණුවල ඇති භාෂ්මිකතාව උදාසීන කිරීමටයි. හුණුවලින් ඇතිවිය හැකි කට කාරවන ගතිය එවිට මගහැරෙන අතර ටැංකිවල පතුළට හුණු බේරීමද සිදුවේ. එලෙස හුණු වෙන්කරනලද නොපැසුණු පිරිසිදු රා හෙවත් තෙලිදිය යළි උකු පැණියක් බවට පත්වනතුරු උණු කිරීම සිදුවේ. පදමට උණුවූ තල් පැණි බෝතලයක් අවුරුද්දක කාලයක් තබාගත හැකිවන අතර පැණි ලෙස අලෙවි කිරීමටද තල් රා අවාරයේ හකුරු නිපදවීමටද භාවිතා කළ හැකි වේ. නොපැසුණු රා හෙවත් තෙලිදිය බෝතල් අටක් උණුකිරීමෙන් ලබාගත හැක්කේ එක් පැණි බෝතලයකි. හකුරු කිලෝවක් නිපදවීමට එවැනි පැණි බෝතල් එකහමාරක් උණුකළ යුතුය. පැණි ලෙස අලෙවි කරන්නේ නම් බෝතලයක මිල රුපියල් හාරසිය පණහකි. පිරිසිදු හකුරු කිලෝවක මිළ රුපියල් අටසියයකි. රා බෝතලයක් විකුණන්නේ රුපියල් අනුවකට නිසා ශ්රරමය හා දර වැනි ඉන්ධන වියදම්ද සළකා බලනවිට රා අලෙවියෙන් වැඩි මුදලක් උපයා ගත හැකි බව පෙනෙන නමුත් සෑම රා බෝතලයක් සඳහාම රුපියල් තිස් එකක බද්දක් ගෙවීමට සිදුවේ. එමනිසා හකුරු කර්මාන්තයද නොනැසී පවතින නමුත් සියලු වියදම් අත්හැරිවිට සමූපකාර සමිතියට හකුරු කිලෝවකින් ලැබිය හැකි ලාභය රුපියල් දහයකි. තල් රා එළිමහනේ තබාගත හැක්කේ පැය හතරක පමණ සීමිත කාලයක් වන හෙයින් අලෙවි කළ නොහැකි වන රා බිමට හැලිමට සිදුවන බවද රෙජිනෝල්ඩ් වසන්ත පවසයි.

තල් හකුරට වක්කඩක් වූ කුලය

තල් හකුරු කර්මාන්තය හා තල් රා කර්මාන්තයේද අනාගතය අවිනිශ්චිත වීමට ඉඩ තිබේ. ඒ යාපනයේ උග්රන ගැටලුවක්ව ඇති කුල ප්රාශ්නය හේතුවෙනි. එහි රා මැදීම යනු එක් කුලයකට සීමා වුවකි. දකුණේ හකුරු කුලය ලෙස පීඩනයට හා අවඥාවට භාජනය කර ඇති පිරිස මෙන්ම උතුරේද තල් රා කර්මාන්තයේ නියුක්ත පල්ළරන් කුලයේ ජනයා අඩු කුලයක් ලෙස සැළකුම් ලැබීමේ අවඥාවට හා අමානුෂික වේදනාවට ගොදුරුව සිටිති. වෙල්ලාල ඇතුළු ඉහළ යැයි පැවසෙන සියලු කුලවල ජනයා පල්ළරන් කුලයේ ජනයා නිපදවන රා පානය කළද ඔවුන්ගේ හකුරුවල රස දිව ගා බැලුවද මේ සහෝදර ජනයා හා නොපෑහී අතේ දුරින් වෙසෙන්නට වග බලා ගනී.

“මෙහේ රා නිපදවන අයට විශාල කුල පිඩනයක් තියෙනවා. මේ ගම්වල මිනිස්සු කළවමේ හිටියට රා නිපදවන අයට අඩු කුලේ කියලා නොසළකා ඉන්නවා. අපේ සමිතිවල ඉන්නෙම එහෙම නොසළකා හැරුණු මිනිස්සු. ඉතිං ඒ අය තමන්ගෙ තත්ත්වෙ ගැන බොහෝම කලකිරෙනවා. එතකොට මිනිස්සුන්ට ඕන තමන් කරන රස්සාවෙන් ඈත් වෙන්න. මොකද දකුණෙදි වගේ මෙහේදි කෙනෙකුගේ නමෙන් කියන්න බැහැ කුලය මොකක්ද කියලා. රස්සාවෙන් ඈත් වුණොත් ගමෙන් තමයි කියන්න පුලුවන්. ඒක පිට අය දන්නෙ නැහැනෙ“

මෙවැනි ගම්වල පල්ළරන් කුලයටත් පහළ පීඩිත කුලවල ජනයාද ජීවත්වන අතර ඒ කිසිවෙකු දෙස ඉහළ කුලවල ජනයා ගෞරවාන්විතව බලන්නේ නැත.

“ඉහළ කුලවල අයට කුල ප්රනශ්නය අමතක වෙන්නෙ රා බොන්න එන වෙලාවට විතරයි. කුල දෙකක් අතරෙ විවාහයක් ගැනනම් හිතන්නවත් බැහැ ආදරය කරලා බැන්දොත් මිස. හැබැයි එහෙම වුණොත් පවුල් අතර විරසක ඇතිවෙන්න පුලුවන්. මෙහේ අඩු කුල අයට ඉහළ කුලේක අයගෙ සුසාන භූමියක මිනී වළදාන්න බැහැනෙ. ඉතිං අපි හිතමු අඩු කුලේ කෙනෙකුගෙ දරුවෙක් ඉහළ කුලේ කෙනෙකුගෙ දරුවෙක් කසාද බැන්දා කියලා. එතකොට අර ඉහළ කුලේ කෙනා කවදාහරි මැරුණම එයාගෙ කුලේ අය ඒ මැරුණු කෙනා තමන්ගෙ සොහොනෙ වළදාන්න දෙන්න බැහැ කියනවා“

රා මැදීම යනු එක් කුලයකට සීමා වුවකි

කුල භේදය මුල් කරගත් හා කුල සිරිත් නීතියක් බවට පත්වූ යාපනය සමාජයේ සුසාන භූමි මතු නොව ආගමික ස්ථානද කුල අනුව වෙන් වී තිබේ. හින්දු කෝවිල් පමණක් නොව ඇතැම් ක්රිිස්තියානි සම්ප්රොදායන්ට අයත් පල්ලිද කුල අනුව වෙන්ව තිබීම විස්මයජනක ය. ඊටත් වැඩි විස්මය බැතිමතුන්ගේ කුලය අනුව පල්ලි කෝවිල් බෙදුනද ඒවායේ පූජකයින් වන්නේ කුලීනයන් වීමයි.
තල් රා සහ අරක්කුද තල් හකුරු කර්මාන්තයද රඳා පවතින්නේ රා නිපදවන්නන් නිසාය. ඔවුන්ගේ ජීවනෝපායට හෙවත් මේ කර්මාන්තයට පවතින මතුපිට තර්ජනය වන්නේ ව්යා ජ නිෂ්පාදනයි. යීස්ට් මුසුකොට ව්යාෝජ තල් රා නිපදවීමේ සිට සීනි හා පාන්පිටි දමා හොර තල් හකුරු සැදිම දක්වා පරාසයක එය විහිදෙයි. එහෙත් නීති රීති සම්පාදනය හා ප්ර මිතිගත රාමුවක් තුළ කර්මාන්තය නැවත ස්ථාපිත කිරීමේ සමූපාකාර ක්රේමය වැනි උපක්ර ම මගින් ඒ බාධක ජයගත හැකිය. ජයගැනීම අසීරු වන්නේත් පසුබිමේ පවතින වඩාත් බරපතල තර්ජනය වන්නේත් මේ ජනයාගේ හිසමත හෙලා ඇති බරපතල කුල පීඩනයයි. පණ්ඩත්තිරිප්පු තල් හකුරු නිෂ්පාදන කම්හල වැනි කම්හල් සමඟ යාපන වැසියන් සමූපකාර සමිති ලෙස සංවිධානය වී පිරිසුදු තල් රා සහ තල් හකුරු නිෂ්පාදනය කරන සමුපකාර සමිති මේ පටු බේද ජය ගන්නට ඇති හොඳ ම විකල්පය යි.