Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කමලා අතරගල්ල

1982 වර්ෂයේදී ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවයට සහ රජරට සේවයට විශේෂාංග සපයමින් මාධ්‍යකරණයට පිවිසි කමලා අතරගල්ල, නිදහස් මාධ්‍යවේදිනියක ලෙස මුද්‍රිත මාධ්‍ය සමඟද කටයුතු කළාය. 2000 වසරේ සිට ඇය ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති ලේඛිකාවක් ලෙස 2000 ‘ලක්බිම’ පුවත්පතට සේවය කරයි.

රිදීපුර තරුණ සංවිධානය 2004දී පිරිනැමූ විශිෂ්ට සේවා උපහාරය, වයඹ පළාත් සංස්කෘතික අමාත්‍යාංශය 2006 දී පිරිනැමූ ‘ස්වාභිමානී කලාශූරී සම්මානය’, සියපත පුවත්පත සහ වයඹ කලා සංවිධානය එක්ව 2008දී පිරිනැමූ ‘ජන්මභූමි විභූෂණ සම්මානය’, රත්නපුර සියලූ ජාතීන්ගේ සමගි සංවිධානය 2008දී පිරිනැමූ ’කලාපති සම්මානය’, වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය 2012 වසරේ පිරිනැමූ ‘උපහාර සේවා සම්මානය’, ජාතික තරුණ සේවා සභාව 2013දී පිරිනැමූ ‘විශිෂ්ට සේවා උපහාර සම්මානය’ ඇතුළුව සම්මාන රැුසකින් ඇය පිදුම් ලබා ඇත.

1987 වර්ෂයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කාව්‍ය නිර්මාණ ප‍්‍රදර්ශනය පැවැත්වූ ඇය, ආදිවාසී බසින් පළමු වරට ලියැවුණු ළමා සාහිත්‍ය කෘති තුනෙහි කතුවරියයි.

ඇය ලියූ ‘වන්නියලැත්තන්ගේ පරම්පරා පොජ්ජට හිත්ලෑවෙමි’ කෘතිය පාසල් අමතර කියවීම් පොතක් ලෙසද නිර්දේශිතය.

ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී බාහිර උපාධි අපේක්ෂිකාවකි.

kamalaatharagalla@gmail.com
කොළඹ නගරයේ නැවත පදිංචි කිරීම්:
අවුරුදු තිහට මොනවා වෙයිද කියලා කවුද දන්නෙ
06.08.2016  |  අනාවරණ | සමාජ
සැඟවූ පරපුරක උරුමය සොයා ගිය
පුතු එනතුරු මඟ බලමි
10.06.2016  |  සමාජ