Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ශිවන්ති ප්‍රනාන්දු

2009 වසරේදී 'ලංකා' පුවත්පතේ මාධ්‍යවේදිනියක වශයෙන් හා විකල්ප ප්‍රකාශන කිහිපයකට ලේඛනයෙන් දායක වූ ශිවන්ති, 2012දී 'මව්බිම' පුවත්පතින් ජාතික මාධ්‍යට සම්බන්ධ වන්නීය.

අනතුරුව පිළිවෙළින් 'හිරු' ප්‍රවෘත්ති වෙබ් අඩවියේ කතෘවරිය, 'අද' පුවත්පතේ මාධ්‍යවේදිනියක වශයෙන් කටයුතු කරන ඇය බීබීසී, ඉරුදින, සත්හඬ, ස්වර්ණවාහිනී යනාදී පුවත්පත් හා වෙබ් අඩවි වෙත සිය නිදහස් ලේඛන දායකත්වය සැපයුවාය.

2015 වසරේදී 'ද කලම්බු පෝස්ට්' වෙබ් අඩවිය හා සම්බන්ධ වන ඇය වර්තමානයේ එම වෙබ් අඩවියේ කතෘත්වය හොබවන්නීය. ඊට සමගාමීව 'සත්හඬ' පුවත්පතේ නිදහස් ලේඛිකාවක ද වන්නීය.

ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ දුරස්ථ හා අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවක ද වූවාය.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සමාරම්භක සාමාජිකවක වූ ශිවන්ති, වර්තමානයේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හා ජාතික මාධ්‍ය සංසදයේ සාමාජිකාවක ද වෙයි.

shivanthistv12@gmail.com