මහමුද් ෆුහයිම්
බලය, ධනය මෙන්ම ආගම දහම ද වෙනුවෙන් වෙනස්වු මත දරමින් සමාජයේ යහපත වෙනුවට අයහපත ගෙනදෙන ඇතැම් පුද්ගලයින් හා පිරිස් හමුවේ පුංචි ෆුහයිම් සමාජ හා ආගමික සංහිඳියාව වෙනුවෙන් ගෙන එන පාඩම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය.
අසතුටේ කතාව
මේ වසංගත සමයේ තීව්‍ර වූ සාමාන්‍ය ජනයාගේ අසතුටේ කතාවලින් ස්වල්පයකි. ඒ අසතුටට එරෙහිව ආචාර්ය ලියනගේ අමරකීර්ති පෙන්වා දෙන ආකාරයට සතුට සොයන ඔවුන් විහිලුවට ගන්නා මාධ්‍ය තවත් පිරිසක් වෙනුවෙන් විනෝද සුඛ සම්පාදනය කරයි. අවාසනාව වන්නේ වැරදි සොයන ඔවුන්ට අසතුටේ හේතුව හෝ අසතුට නොපෙනීමයි.
වන්දි අරගලය
උතුරුමද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කළ අවස්ථාවේ මිය ගිය හා බරපතල ආබාධයන් ට ලක්වූ අනෙක් පිරිසට වසර එකොලහක් තිස්සේ නොලැබුණු වන්දි ඉල්ලා යළිත් අරගල කරති.
ආගම කිසිදු බාධාවක් නොවේ
ආගම යනු ජීවත් වන ආකාරයකි. නමුත් මිනිසා නිර්මාණය වූයේ ආගම් සඳහා පමණක්ය යන්න සිතීම මගින් විවිධ අර්බුදයක් නිර්මාණය කරනු ලබයි. මෙලෙස ප්‍රකාශ කරන්නේ විශ්‍රාමික විදුහල්පතිවරයකු හා නුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු හින්දු කටයුතු අධ්‍යක්ෂ වන 71 හැවිරිදි මුතුකරුපන් සම්බන්ධන් ය.
නිදහසට පසු ශ්‍රී ලංකාව
බලය විසින් විවෘත කරන ලද ඉතිහාසය පිළිබඳ ලියැවුණු කතාන්තර කියවීමට අප පුරුදු වී සිටි අතර මතක සංරක්ෂණය යන නමින් වන පොත අපට සත්‍ය අත්දැකීම් ඔස්සේ අතීතය දෙස බැලීමට අවකාශ විවර කරනු ලබයි. 2018 දක්වා ඉතිහාසගත කතාන්තර ඉදිරිපත් කරන මෙම කෘතියෙන් නිදහසට පසු වසර 70ක ඉතිහාසය හා සමෘද්ධිමත් බව වාර්තා කරනු ලබයි.
ගෝලීය වසංගතයක්
වෛරී ප්‍රකාශ පළ කිරීම සහ ඒ සඳහා අසත්‍ය පුවත් යොදාගැනීම සමාජ මාධ්‍ය ජාලාවල මෙන් ම ඇතැම්විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ද ඇස ගැටෙන බරපතළ තත්ත්වයකි. සමාජ මාධ්‍ය භාවිතය හා සාක්ෂරතාව පිළිබඳ බරපතල. ගැටලු ඇති ලංකාව වැනි රටක, මේ තත්ත්වය පාලනය කිරීම අතිශය අසීරු කටයුත්තකි.
විංකල් සුමිතුරෝ
දුක සැප රිය සක මෙන් කරකැවේ. මේ රිය සක දිවිය පෙරළා දෙන දුක සැප වැනි ය. දුක මෙන් සැප ද බෙදාගෙන, එකිනෙකාට පිහිට වී බත්පත ද එකට බෙදාගෙන කන මේ සුමිතුරන් දෙදෙනා ද පාපැදියේ රෝද දෙක මෙනි. ඒ මොහිදීන් හා රාජා යන කාර්මික දෙපළ ය.
අනුල්ලංඝණීය අයිතියක් නෙවෙයි
ජනමාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍ර දෙකේම වසර ගණනාවක අත්දැකීම් ඇති විරංජන හේරත්, නීතිඥයෙකු ලෙස ද භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වන්නෙකි. වත්මන්කොරෝනා සන්දර්භය තුළ ජනමාධ්‍යයේ හැසිරීමත්, සමාජ මාධ්‍ය ජාලයන්ගේ ප්‍රතිචාරත්, ඒ සියල්ල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයත් සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් මේ සම්මුඛ සාකච්ඡාවට ගොනු කෙරිණි.
වාර්ගිකත්වය හා කුල විවිධත්වය
“වෙනත් කුලයක ගැහැණු ළමයෙක් විවාහ කරගැනීමේ ප්‍රතිඵලය මත, එකම ගමේ ජීවත්වීමට අපේ පවුලෙන් මට ඉඩ ලැබුණේ නෑ. අපිට අලුත් ස්ථානයක පදිංචිවීමට සිදුවුණා වගේම වසර 12ක් තිස්සේ ගම සමඟ කිසිඳු සබඳතාවයක් පැවතුනේ නෑ. දැන් අපි සතුටින් ජීවත්වෙනවා. නමුත්, ඔවුන් අපිට අපේ ගමේ ජීවත්වීමට පවතින අයිතිය අහිමි කළා. ඒ වේදනාව නිරන්තරයෙන් අපි තුළ පවතිනවා”
මොරටු වඩුමඩු
පුටු කට්ටලයක් සිදුකරන්නේ සාකච්ඡා මණ්ඩපයක් තැනීමයි. කරත්ත රෝදය, නිවස,වහලය, ඇඳ, අල්මාරිය ආදී මේ කොයි ලී බඩුත් සිදුකරන්නේ මිනිසුන් එකිනෙකා එකතු කිරිමයි. ලීයට ලීයක් වෑද්දුම් කරන්නා සේ විවිධ ජන කොටස් එකට බැඳ තැබීම වඩුමඩුවකින් සිදු කරයි.
අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ්
මුස්ලිම්වරුන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ ප්‍රකටව ඇත්තේ,ශූර ව්‍යාපාරික හැකියාවන්ගෙන් සපිරි පිරිසක් ලෙසිනි. ඒ ශූර හැකියාව ඇතමෙකුට වෙනත් ආකාරයකින් පෙනුණ ද, ව්‍යාපාර ලෝකයේ ඔවුන්ගේ ධනාත්මක චින්තනයට අලගු තබන්නට කිසිවෙකුටත් හැකියාවක් නැත. එබඳු වටපිටාවක කලදුටු කල වල ඉස ගැනීමට කටයුතු නොකළ මුස්ලිම් ජාතික මැහුම් ශිල්පියෙකු ලෙස ත්‍රීකුණාමලය සෝනන් වාඩියේ, මොඩර්න් ටේලර්ස් හි අධිපති අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ් හඳුන්වා දීම සාධාරණ ය.
සැබෑ ජීවිත
වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් 90 දශකයේ මැදභාගයේ සිට පැවතෙන්නන් ය. රජය විසින් ප්‍රදානය කරන ලද ඉඩම්වල ඔවුන් තම ජීවිත ගොඩනගාගත් අතර, මෑත කාලයේ පදිංචි වූ දෙමළ පවුලක් හැරුණ විට මෙම ප්‍රදේශය බෞද්ධ හා කතෝලික ධීවර පවුල්වලින් සමන්විත වේ.
අනාථ මව්වරු
ඔබ මේ දකින්නේ, වාද්දුව ශාන්ත ආනා වැඩිහිටි නිවාසයේ අතැර දමාගොස් තිබෙන මව්වරුන්ගේ සේයාරූ යි. ඔවුන්ට කිසිදු ලේ නෑයෙකු නොමැති නමුත්, එදිනෙදා කටයුතුවල දී එකිනෙකාට උපකාර කරගනිමින් ඔවුන් එක්ව සිටි යි
කොවිඩ් -19ට එරෙහි සටන
දෙකෝටි විසි ලක්ෂයක් ජනයාගේ ජීවිත මාරක ව්‍යයසනයකින් මුදා ගැනීම උදෙසා ඇඳිරිනීතිය පැනවීමේ සිට බොහෝ සීමා කිරීම් සිදුකරන්නට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ. අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනයාට මේ සීමා කිරීම් බරපතල ලෙස දැනෙමින් තිබියදී තවමත් කිසියම් බවභෝගයක්, ආහාරයක් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට අවස්ථාව තිබියදී පවා ග්‍රාමීය ජනයාටත් එතරම්ම සැහැල්ලුවක් නොදැනේ.
නොබෙදුණු සමාජයක් මතයි
ජාතිබේද ඇතුළු මිනිසුන් අතර වන ගෝත්‍රික බෙදීම් තවදුරටත් වලංගු නොවන බව නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය තහවුරු කරමින් සිටී. මිනිසා ඇතුළු මහ පොළොවේ පැවැත්ම වෙනුවෙන් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද යන්න සහ කොවිඩ්-19 වෛරසයෙන් අපට පැහැදිලි කර දෙන පාඩම කුමක්ද යන්න තවදුරටත් අපට නොසලකා හැරිය නොහැකි කාරණා බව වල්පොල රාහුල ආයතනයේ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පවසති.
එකමුතු ආගමික සහයෝගයක්
රජය ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් විටින් විට සමාජගත කරන නිරෝධායන රෙගුලාසි නිසි ලෙස පිළිපැදීමෙන් ලබා දෙන ”එකමුතු සහයෝගය”මඟින් කොවිඞ්-19 අභියෝගය ජයගත හැකි බව කතෝලික, කිතුනු, හින්දු සහ ඉස්ලාම් ආගමික නායකයෝ සිය අනුගාමිකයින්ගේ අවධානයට ලක් කරති.