Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජනවාර්ගික ගැටුමට සියලු ප්‍රජාවන්ගෙන්
ප්‍රතිකාර වුවමනායි

සුළුතර ප්රිජාව හෝ බහුතර ප්රීජාව යන කුමන කාණ්ඩයට ඔවුන් අයත් වුවත්, වගකීම ඇති පාර්ශවය ඔවුන් බව ජනමාධ්ය වේදියකු හා රචකයෙකු වන මුරුගාපති කියයි. ශ්රීය ලංකාවේ අනාගතය ගොඩනැගීම සම්බන්ධ මුරුගපතිගේ අත්දැකීම් හා නිරීක්ෂණ පිළිබඳ කතාබහකි මේ.

26.10.2019  |  
ගම්පහ දිස්ත්‍රික්කය

වත්මන් ශ්‍රී ලාංකික ප්‍රජාවන් ක්‍රියාකළ යුතුවන්නේ කෙසේද?

උතුරේ දමිළ නායකයන්, දමිළ ජාතිකත්වය පිළිබද කතාකළ යුගයේ දී මුස්ලිම්, නැගෙනහිර හා උඩරට ජනතාවගේ සහය අපිට අහිමි වුණා. එසේම මෙරට වසර 30 කට අසන්න කාලයක් පැවති යුද්ධය ජයග්‍රහණය කළ බවට පුරසාරම් දොඩන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ “ප්‍රජාව පදනම් කරගත් වෙනස්කම් කොට සැලකීම තවදුරටත් නොමැත . සෑම අයෙක්ම ශ්‍රී ලාංකිකයෙක්.”

යුද්ධයෙන් වසර 10 කට පසුව බෞද්ධ භික්ෂුවක් වන ඥානසාර හිමි “මෙම රට සිංහල බෞද්ධයන්ට පමණක් අයිති රටක්” යන ප්‍රකාශය යටතේ සියළුදෙනා නැවත ඒකරාශී කළා.

එසේම, ඩඩ්ලි-සෙල්වා ගිවිසුම අත්සන් කිරීමෙන්, ජනවාර්ගික ගැටලුව විසදීමට උත්සාහ කළ යුගයේ, ජේ. ආර්. ජයවර්ධන ඊට එරෙහිව නුවර දළදා මාලිගාව දක්වා පාගමනක් සංවිධානය කර ගිවිසුම අවලංගු කිරීමට බලපෑම් කරනු ලැබුවා. එසේම, මුස්ලිම් ඇමතිවරුන්ට හා ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වීමට බලපෑම් කරමින් බෞද්ධ භික්ෂුවක් මෙම පන්සලේදීම ඉල්ලීම් කළ අතර, මරණය දක්වා උපවාස කිරීම හරහා මෙය සාර්ථක කරගනු ලැබුවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම සිංහල බෞද්ධ නායකයන් දළදා මාලිගාවේ මහානායක හිමියන්ගෙන් ආශීර්වාද ලබා ගැනීම සඳහා යනවා. ජනවාර්ගික ගැටුම් විසදීමට ආදාළව යම් නීතියක් පාර්ලිමේන්තුවට ගෙන ආවොත්, එහි අවසන තීන්දුව රඳාපවතිනුයේ දළදා මාලිගාව හා අනෙකුත් බෞද්ධ බලපෑම්කරුවන් මත.

මේවා සාමාන්‍යයෙන් සිදුවන දේවල් නෙවෙ යි. මෙය ලංකාවේ නොලිවුණු නීතිය යි. දමිළ නායකයන්, මුස්ලිම් ප්‍රජාව වගේම උතුර, නැගෙනහිර, බටහිර හා උඩරට දෙමළ ජනතාව මෙම යථාර්තය තේරුම් ගත යුතු යි.

මේවා තමයි යුද්ධයෙන් පසු ලාංකීය ප්‍රජාවගේ අත්දැකීම්, විශේෂයෙන්ම දමිළ කතා කරන ප්‍රජාවගේ. දෙමළ සහ මුස්ලිම් ප්‍රජා නායකයන් ඒකීය බවින් යුතු තීරණයක් හරහා ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබදව විමසා බැලිය යුතු යි.

වසර 30 ක දීර්ග කාලින යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට නොහැකි වී තිබෙනවා, එසේම මෙම වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය තවදුරටත් ඒ සඳහා බාධාවක් ඇතිකරනු ලැබුවා. එබැවින්, සුළුතර හෝ බහුතර ප්‍රජාව යන කුමන කාණ්ඩයකට ඔවුන් අයත් වුවත්, ඔවුන් තමයි තීරණගැනීමේ වගකීම ඇති පාර්ශවයවන්නේ.

  ඔබ සිතන ආකාරයට ශ්‍රී ලංකික ඩයස්පෝරා ප්‍රජාවන්ගේ භූමිකාව විය යුත්තේ කුමක්ද ?

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ, ඩයස්පෝරා ප්‍රජාවගේ දායකත්වය සීමාසහිත යි. ඔවුන්ගෙන් පුරවැසිබාවය ලබාගත් පාර්ශවයන්ට ලංකාවේ දේශපාලන කටයුතු සඳහා මැදිහත්වීමට හැකියාවක් නෑ. රජය වෙත පීඩනය එල්ල කළහැකි එකම මාර්ගය වන්නේ කතිකා කිරීම යි.

ඕස්ට්‍රේලියාව තුළ, සිංහල සඟරා පහකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශනය කරනවා, නමුත් මාසිකව එක දමිළ සඟරාවයි ප්‍රකාශනය කරන්නේ. එහි නම “එතිරෝලි’’(ප්‍රතිරාවය.) සිංහල ජනතාව තම ප්‍රදේශවල සිටින අසරණ ප්‍රජාවට ආධාර සපයනවා වගේම යුද්ධයෙන් පිඩාවට පත්වූ පවුල් වල ජීවිකාවෘත්තිය ගෙනයාම සඳහා සහයෝගය ලබාදෙනවා. ඩයස්පෝරා ප්‍රජාව අතර සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් රැස්වීම් හා  ක්‍රියාකාරකම් හරහා ඔවුන්ගේ මව්දේශයට පවතින පක්‍ෂපාතීත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ලබනවා.

 වර්තමනයේ ජනවාර්ගික ගැටුම් සාමාන්‍ය දෙයක් ලෙස ඔබ සිතන්නේ ඇයි?

වාර්ගික ගැටලු ඉස්මතු වී තිබෙන අවස්ථාවක, තමන්ගේ කාර්යාලීය කටයුතු පමණක් පවත්වාගත යුතුයි යන මතයේ සිටින දේශපාලකයන් සිටින එකම රට ලංකාව යි. දේශයේ ආර්ථික සම්පත්වලට ඍනාත්මක බලපෑම් ඇතිවිය හැකි බව දැන දැනම ඔවුන් ජනවාර්ගික ගැටුම් මතුවන ආකාරයේ විවිධ නීති පනවනවා. මෙහි ප්‍රථිපල ලෙස හුදෙක් වර්ගවාදී මට්ටමින් පවතින  ගැටලු, ස්ථිර ගැටුම් බවට පත්වෙනවා.

ලංකාවට 1915 පටන් ජනවාර්ගික කලහයන් පිළිබඳ අත්දැකීම් පවතිනවා. වාර්ගික සහජීවනය පිළිබඳව ඇතිතරම් කතාබහට ලක්වුව ද, එය ප්‍රයෝගිකව ගම්‍යමානවන්නේ නෑ. හදිසි නීතිය හා ඇඳිරි නීතිය අතරතුර, සුළුතර ජනතාවගේ සම්පත් බලෙන් පිළිස්සීම සහ බඩුබාහිරාදිය ඇවිස්සීම ආදිය සිදුවෙනවා.

මෙම ජනවාර්ගික ගැටුම් විසදීම සදහා විදේශීය බලවේගයන්ගේ සහය ලබා ගතහැකිද ?

“වෙනත් රටක ඉල්ලිමක් නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදී ගැටලුවලට විදේශීය බලවේග මැදිහත් වීම සිදුවන්නෙ නෑ’’

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම භූදේශපාලනය මඟින් අල්ලාගෙන සිටිනවා. භූගෝලීය සාධක වැනි කරුණු ජාත්‍යන්තර සබදතා සඳහා බලපෑම් කරනවා. ලංකාව ඉන්දියාවේ අසල්වාසි රාජ්‍යක් වගේම ඔවුන් දකුණු ආසියාව තුළ ආධිපත්‍ය පතුරුවා සිටින රටක්. 2009 වර්ෂයේ මුල්ලිවයික්කාල්වල සිදු වූ ඛේදන්තය අතරතුර, යුද්ධය හේතුවෙන් උගුලට හසුවී සිටි ජනතාවට සහයදීම සදහා කිසිඳු විදේශ රාජ්‍යයක් මැදිහත් නොවුයේ ඉන්දියාව නිසා යි. යුද්ධය අවසන්වීමෙන් පසුව ජනාධිපතිවරණ දෙකක් ලංකාවේ පවත්වනු ලැබුවා. ආණ්ඩුවත් වෙනස්වුණා, ඒ අතරතුර විදේශීය බලවේග ලංකාව තුළ වඩාත් ප්‍රබලව ස්ථාපිත වුණා.

“නායකයන් දෙදෙනා ශ්‍රී ලංකා -ඉන්දීයා ගිවිසුම අත්සන් කලා.එම ගනුදෙනුවට අවසානයේ සිදුවුනේ කුමක්ද?’’

මෙවැනි ගනුදෙනු හරහා ඉන්දියාවේ ආධිපත්‍ය ලංකාව තුළ ස්ථාපිත වුණා වගේම මෙ සඳහා විදේශීය බලවේගයන් ද වක්‍රාකරව මැදිහත් වුණා. මෙම විදේශීය බලවේග හරහා වාසිදායක තත්ත්වයන් ළගාකර ගතහැකි පරිමාණය මත, ඔවුන් ජනවාර්ගික ගැටුම් සඳහා විසඳුම් ඉදිරිපත් කරනු ලැබුවා.

  දේශපාලන නායකයන්, බුධිමතුන්, රචකයන්, කලාකරුවන්, පුවත්පත් වාර්තාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ භූමිකාව විය යුත්තේ කුමක්ද?

 “සන්නිවේදනය අත්‍යවශ්‍යය යි. ලංකාවේ ජනවාර්ගික ගැටලු උත්සන්නවන අවස්ථාවල දී, මොවුන් ඒ වෙනුවෙන් කළහැකි සියලු දේ සිදු කළා, නමුත් නීතිය සහ ක්‍රියාපටිපාටියට අදාළ තත්ත්වය සාධාරණ විය යුතු යි.’’

අපි 1974 දී ජාතික එක්සත් සම්මේලනය පැවැත්වුවා. 1977 දී, කලහයන් පැනනැගුනා. දකුණේ දමිළ ප්‍රජාව සරණාගතයන් බවට පත්වුනා සහ ඔවුන් කනකසන්තුරේ පදිංචි වුණා. ඔබ කතාකරන ජනතාව එක් පැත්තක වැඩිවුණා, අන්තවාදීන් අනෙක්පස වාඩිවුණා. වාර්ගික ප්‍රචණ්ඩත්වයන්ට, ඝාතනය කිරීම්වලට හා මංකොල්ලකෑම්වලට සම්බන්ධ වූ පුද්ගලයන්ට ලංකාවේ නීතිය තුළින් සිදුවුණේ කුමක් ද? මෙම අයහපත් බලවේගයන් පසුපස සිටියේ දේශපාලකයන්, නමුත් හරිදේ සිතන පුද්ගලයන්, ඔවුන්ගේ උපරිම ශක්තිය කැපකරනු ලැබුවා.

  මෙම ජනවාර්ගික ගැටලු සඳහා විසදුමක් ලබා ගැනීමට අවශ්‍යවන බාහිර හා අභ්‍යන්තර පරිසරය පෝෂණය කිරීම සඳහා කලාව හා සාහිත්‍ය කුමන ආකාරයේ කාර්යයක් ඉටු කළ යුතු ද ?

සන්නිවේදනයේ හුවමාරුව ඉතා වැදගත්. මෙම භාෂාවන් දෙකම ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛවෙනවා. ඉංග්‍රීසි කියන්නේ සම්බන්ධිකරණ භාෂාව. දමිළ, සිංහල හා මුස්ලිම් කතුවරුන්, කලාකරුවන් හා පුවත්පත් කලාවේදීන් අතර නිරන්තර රැස්වීම් හා සාකච්ඡාවන් සමස්ත ලංකාව පුරා සිදුවිය යුතු යි.’’

වාර්ගික අවබෝධය නිර්මාණය වන ආකාරයේ කතිකාවන් සදහා පහසුකරණය සැපයීම හා වැඩසටහන් සම්බන්ධිකරණය කිරීම ලංකාවේ පළාත් 9ට අදාළ පළාත් සභාවන් මඟින් සිදුකළ යුතු යි. විවිධ ජනවාර්ගිකත්වයන් ප්‍රකටවන ආකාරයේ මානසිකත්වයන් සහිත ජනතාවක් මෙන්ම සංස්කෘතික සහ සංස්කෘතික අගයන් ඉස්මතුවන පරිදි අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමටත් හැකි ආකාරයේ දමිළ හා සිංහල කලාවන් හා සාහිත්‍ය ශිෂ්‍යයන් අතරට හඳුන්වා දියයුතු යි.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාරවරුන් සහ ශිෂ්‍යයන් වාර්ගික, ආගමික හා භාෂාමය මතවාදයන් ඉවත්කර ඇති සියළුදෙනා ශ්‍රී ලාංකිකයන් යන ආකල්පය පෝෂණය කළ යුතු යි.

  සිංහල හා මුස්ලිම් මහජනතාව සමඟ වඩාත් හොද සබඳතාවක් ගෙනයන පුද්ගලයෙකු ලෙස, මේ රට තුළ සහජිවනයෙන් ජීවත්විය හැක්කේ කෙසේ ද සහ ඔබ සිතන ආකාරයට අපි එය කෙතරම් ප්‍රමාණයකින් ළගා කරගෙන තිබේ ද?

අපේ අසල්වාසී රට ඉන්දියාවේ මෙන්, ලංකාව තුළ බොහෝ ජනවාර්ගික ප්‍රජා කණ්ඩායම් දක්නට ලැබෙන්නේ නෑ. ජනවර්ග තුනක් පැවතුනත්, ප්‍රධාන වශයෙන් අපි කතාකරන්නේ භාෂාවන් දෙකයි. මගේ බොහෝ කෙටි කතා මඟින් වාර්ගික ඒකීය බව හා සහජිවනය පිළිබදව අවධාරණය කරලා තියෙනවා. මේ අතරින් ඇතැම් කෙටි කතා තෝරාගෙන “මතක සෙවණැලි’’ යන මාතෘකාව යටතේ සිංහලෙන් ප්‍රකාශනය කරලා තියෙනවා.

දමිළ භාෂාවට ආදරය කරපු මගෙන් එම භාෂාව ඉගෙනගත් අපවත් වී වදාළ රත්නවංශ හිමියන් වෙනුවෙන් මම ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. උන්වහන්සේ වාසය කළ මිනුවන්ගොඩ කොරස ගමේ  මෙම පොත ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය පැවැත්වුණා. මෙම උත්සවයට ඉතා විශාල ජනතාවක් සහභාගී වුණා වගේම, කතාවන් පැවැත්වුවා.

“කාලයක් තිස්සේ මම හදවත් රෝගයෙන් හා දියවැඩියාවෙන් පීඩාවිඳිනවා. මගේ ජීවිතය රදා පවතින්නේ ඉන්සියුලින් මත, ඒවගේම විවධ අතුරුආබාධ සදහා මම ප්‍රතිකාර ගන්නවා. මගේ පවුලේ වෛද්‍යවරයා බංගලාදේශයේ මුස්ලිම් වෛද්‍යවරයෙක්. මට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා ලංකාවේ සිංහල වෛද්‍යවරයෙක්. මම  දෙමළ. මෙයින් අදහස් වෙන්නේ කුමක්ද?’’

රෝග සහ රෝගිත්වයන් සඳහා දේශපාලනය, භාෂාව-කුලය සම්බන්ධ වෙන්නේ නෑ. රෝගීන් පිළිබඳ සැළකිලිමත්වන වෛද්‍යවරුන් ජනවර්ගය, ආගම, භාෂාව සහ කුල වෙනස්කම් පිළිබඳ සොයාබලන්නේ නෑ. ඒනිසා තමයි, ඔවුන් හිපොක්‍රටික් දිවුරුම ලබාදෙන්නේ. ජනවාර්ගික ගැටුම් කියන්නේ ලංකාව තුළ පවතින රෝගයක්, ඉතා බරපතල තත්ත්වයේ මෙවැනි රෝගයක් සඳහා ප්‍රජාවන් තුනම ප්‍රතිකාර කළ යුතු යි.

ලංකාවේ බොහෝ කොටස්වල ජනතාව තවමත් ජිවත්වෙන්නේ මැටි ගහපු, සනීපාරක්ෂක පහසුකම් අවම තත්ත්වයක. මෙලෙස ජිවත්වෙනකොට, නායකයන් අජීවී දේව ප්‍රතිමා තබන්න ස්ථාන සොයමින් ඉන්නවා. කෝවිල් හදන්න, අලුත්වැඩියා කරන්න, ඒවා පවිත්‍ර  කරන්න ඩයස්පෝරාව විශාල වශයෙන් මුදල් නාස්ති කරනවා. අපේ රටේ දේශපාලන පක්ෂ ප්‍රමාණය වැඩිවෙලා, එම නිසා රට තුළ සාමය ඇති කිරීමේ හැකියාව පහළ ගිහිල්ලා. ඒවගේම කාලසීමාව දීර්ඝවෙලා. අපිට දුර ගමනක් යන්න තියෙනවා.