Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ධර්මරාජා තුරෙයිරාසා
මොන විවේකයක්ද? හැමදාම වැඩ

ධර්මරාජා තුරෙයිරාසා යාපනයේ කෝපායි හි පදිංචිකරුවෙකි. වයස අවුරුදු හැටක් වන ඔහුගේ රැකියාව දුරගමන් සේවා පෞද්ගලික බස් රථවල ආසන වෙන් කිරීම ය. ඔහුගේ පවුලේ සාමාජිකයන් අට  දෙනෙකි. ඒ දුවලා 4 ක් හා පුතාලා 2ක් ද ඇතුළුව ය. බාලම දරුවාගේ වයස අවුරුදු 23කි. මේ ඔහු තම පවුල නඩත්තු කරන ආකාරය ගැන කළ පැහැදිලි කිරීමකි. කොහොමද මාසික ආදායම? […]

05.06.2016  |  
යාපනය දිස්ත්‍රික්කය

ධර්මරාජා තුරෙයිරාසා යාපනයේ කෝපායි හි පදිංචිකරුවෙකි. වයස අවුරුදු හැටක් වන ඔහුගේ රැකියාව දුරගමන් සේවා පෞද්ගලික බස් රථවල ආසන වෙන් කිරීම ය. ඔහුගේ පවුලේ සාමාජිකයන් අට  දෙනෙකි. ඒ දුවලා 4 ක් හා පුතාලා 2ක් ද ඇතුළුව ය. බාලම දරුවාගේ වයස අවුරුදු 23කි. මේ ඔහු තම පවුල නඩත්තු කරන ආකාරය ගැන කළ පැහැදිලි කිරීමකි.

කොහොමද මාසික ආදායම?
රුපියල් 50000 ත් 60000 අතර ගණනක් තමයි.

ලැබෙන ආදායම පිළිබඳ සෑහීමකට පත් වෙනවද?
ඔව්

ළමයින් වෙනුවෙන් කොපමණ වියදම් කරනවද?
බාලම දුව විතරයි අපිත් එක්ක ඉන්නේ. අනෙක් අය බැඳලා වෙන්වෙලා. වෙනම ගණන් බලන්නේ නෑ. පවුලේ වියදමට දරුවගෙ වියදමත් ඇතුළත්.

පවුලේ අය එක්ක විවේකය ගත කරන්නෙ කොහොමද?
මොන විවේකයක් ද? හැමදාම වැඩ.

චිත‍්‍රපටියක් බලන්න එහෙම යන්නෙ නැද්ද? අඩුම තරමින් විනෝද චාරිකාවක්වත්?
නෑ! ටීවී එකෙන් තමයි චිත‍්‍රපටි බලන්නෙ. ඉඳල හිටලා වන්දනා ගමනක් යනවා එච්චරයි. මට වෙලාවක් නෑ වැඩ.

මාසික ආදායමෙන් වියදම පිරිමහගන්න පුළුවන්ද?
යන්තම් පිරිමහලා වැඩ ටික කරගෙන යන්න ඇති.

අනාගත සැලසුම් එහෙම මොනවද?
එහෙම දෙයක් නෑ.

යම් මුදලක් ඉතිරි කරනවාද?
කොහොම ඉතිරි කරන්නද? බඩු ගණන් වැඩියි. එළවළු ගිනි ගණන්. ඉස්සර රුපියල් 500ට ගත්ත බඩු ටික ගන්න දැන් රුපියල් 2000ක් යනවා.

/dharmaraja2