Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මුලතිවු හි යථාතත්ත්වයට පත්වූවන්ගේ කතාවක්
අරගලය නොනවතී

හැටපස් වියැති පද්මනාදන් ධනරාණි මහත්මිය තම ස්වාමි පුරුෂයා සහ දියණියන් දෙදෙනා සමඟ මුලතිව්හි අනින්ජියන්කුලම ප්ර දේශයේ වෙසෙන්නීය. ඇය අදටත් ශ්රීා ලංකාවේ පැවැති තිස් අවුරුදු සිවිල් යුද්ධයේ බලපෑම්වලින් විඳවන්නීය. මේ වන විට ජීවිකාවක් සඳහා හඹා යන්නී, කාබනික දත්බෙහෙත් නිෂ්පාදනයේ යෙදෙන්නීය. ශෝචනීය වුවද ඇය යථා තත්ත්වයට පත් වීමේ කතාවේ අත්දැකීම් මෙසේ අප හා බෙදා ගත්තාය.

20.11.2019  |  
මුලතිව දිස්ත්‍රික්කය
பத்மநாதன் தனராணி

ඔබ දත් බෙහෙත් කුඩු නිෂ්පාදනය පිළිබඳ යම් පුහුණුවක් ලැබුවද?

කවදාවත්ම නැහැ… දුප්පත්කම කාව හරි ගිලගන්නකොට ඒ කෙනා බේරෙන්න මොනවා හරි කරනවා. මගේ පුතාටත් මේ රස්සාව කරන්න වුණේ ඒ තත්ත්වය නිසයි. අතේ සතයක් නැති වෙනකොට කාට වුණත් ජීවත්වෙන එක අභියෝගයක් වෙනවා. මොළේ හොයනවා බේරෙන්න මොකක් හරි ක්‍රමයක්. මේ පැත්තේ මේ පිදුරු ලේසියෙන්ම හොයාගන්න තියෙනවා. මගේ දෙවැනි පුතා දත් බෙහෙත් කුඩු හදන්න පටන්ගත්තේ අවුරුදු 15ට විතර කලින්. අපි ඒක අදටත් කරගෙන යනවා.

  අපි ඔබේ පවුලේ විස්තර ටිකක් දැනගන්න කැමතියි?

මට දරුවන් අටදෙනෙක්. වැඩිමල් හය දෙනාම පිරිමි ළමයි. බාල දෙන්නා ගෑනු ළමයි. මගේ ලොකුම පුතා ඉපදුණේ 1974 අවුරුද්දේ බාලම දුව 1996 අවුරුද්දෙ. දැන් ජීවතුන් අතර ඉන්නේ මගේ දූලා දෙන්නා විතරයි.

  ඔබේ පුතාලාට මොකද වුණේ?

අපේ පස්වැනි පුතා ඉපදුණේ 1984. එයා ඉපදුනේම ආබාධයක් සහිතව, ඇවිදින්න බැරුව. එයාගේ හැම දේටම අපට එයාව උස්සගෙන තමයි අරන් යන්න වුණේ, අඩුගානේ වැසිකිළියට පවා උස්සගෙනයි ගියේ. මගේ හයවැනි පුතා ඉපදුණේ 1992. එයාට අවුරුදු පහක් වෙද්දි උණක් හැදිලා බෙහෙත් ගන්න පහසුකම් අඩු නිසා නැති වුණා. ඒ පුතාගේ මරණෙන් පස්සේ මගේ පස්වැනි පුතා එයාගේ සහෝදරයා නැති වීම ගැන හරිම දුකෙන් ඉඳලා ඊට මාස හතරකට පස්සේ නැති වුණා. ඉතින් අපට එකම අවුරුද්දෙ පුතාලා දෙන්නෙක්ම එකළඟ නැති වුණා. මගේ ලොකුම පුතා බැඳලා යන්න ගියා. එයාගේ නෝනා (බිරිඳ) යුද්දෙ කාලේ ෂෙල් ප්‍රහාරයකින් මැරුණා.  බේරුණේ එයාලාගේ අවුරුදු 5ක පුතා විතරයි. මගේ දෙවැනි පුතා 2009 ඉඳන් 2014 වෙනකල් හිටියේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක. 2014 එයා නිදහස් වුණාට පස්සේ පිටරට ගියා. මම දන්නේ නැහැ එයා ජීවතුන් අතරද නැද්ද කියලාවත්. මගේ තුන්වැනි පුතා ළඟදි කටාර් ගියා. අනෙක් පුතා කසාදෙන් පස්සේ වෙනම ඉන්නෙ. යුද්දෙ නිසා අපි ඔක්කොම විසිරිලා ගියා වගේම අපි තාමත් අපේ පැවැත්ම සඳහා සටන් කරනවා. ළමයි අටක් ඉන්න පවුලක් වෙලත් අපිට තාම අපේ කෑම වේල වෙනුවෙන් මහන්සි වෙන්න වෙලා. යුද්දෙ නම් දැන් ඉවරයි! ඒත් ජීවිත සටන නම් තාම පවතිනවා.