Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක්
අපි නව ව්‍යවස්ථාවක් පනවනවා

“අපි නව ව්‍යවස්ථාවක් සම්මත කර, සියළු ජනතාවගේ ගැටලු විසඳීමට හැකි පරිදි එය ක්‍රියාත්මක කරනවා. අපි ටීඑන්ඒ (TNA) සමඟ සහයෝගයෙන් එය ක්‍රියාත්මක කරනවා” යනුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෑතක දී යාපන අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක දී, එම ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන් සමඟ පැවසී ය. පහත දැක්වෙන්නේ හිටපු අගමැතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයේ දිගුවකි.

04.12.2019  |  
යාපනය දිස්ත්‍රික්කය

“ඔබ සහ අපි යන දෙපාර්ශවයම සටන් වදිමින් සිටින්නේ, අපේ රට තුළ නිදහස තහවුරු කිරිමට. අද, අපිට ස්වාධීන අධිකරණයක් තියෙනවා. ඒවගේම, පාර්ලිමේන්තුව තුළ සියළු ගැටළු මතුකිරීමට සහ විවාදයට භාජනයට කිරීමට හැකි ආකාරයේ පරිසරයක් පවතිනවා. දැන් මාධ්‍ය නිදහසක් තියෙනවා. අපි මේ රට බාරගත්තේ බෙහෙවින් ණය බරක් උසුලන අවධියේ, නමුත් දැන් ආර්ථිකය තරමක් දුරට යථා තත්ත්වයට පත් වී තිබෙනවා. අපි සංවර්ධන වැඩ කටයුතු ආරම්භකරලා තියෙනවා. සංවර්ධනය, යාපනය සහ අනෙකුත් ප්‍රදේශවලත් සිද්ධවෙනවා. වැඩකටයුතුවල ප්‍රගතියක් ඇතිවෙමින් පවතිනවා.මම හිතනවා ඒක හොඳ දෙයක්. ඒවගේම, සෑම අංශයක් තුළම සංවර්ධනය වීමක් අපිට දැකගන්න පුළුවන්. අනෙක් අතින්, අපි සංහිඳියාව සම්බන්ධයෙනුත් බොහෝ දේවල් සිදුකරලා තියෙනවා.

අපි අතුරුදන් වූ පුද්ගලයන් සඳහා කාර්යාලයක් සහ වන්දිගෙවීම සඳහා කාර්යාලයක් පිහිටුවලා තියෙනවා. මම දන්නවා, තව ගොඩක් දේවල් කරන්න ඉතුරුවෙලා තියෙනවා. එය අනාගතයේ දී සිදුවේවි. දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් අපි දීර්ඝ සාකච්ඡා පැවැත්වුවා, නමුත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපට නොහැකිවුණා. ඒකට හේතුවවන්නේ, අපිට පාර්ලිමේන්තුව තුළ 2/3 බහුතරය නොතිබීම යි. අවසන් දේශපාලන විසඳුම වියයුත්තේ කුමක්ද යන්න පිළිබඳව, අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අතුරුදන්වීම් සිද්ධවෙලා තියෙනවා, ලෝකයේ ඕනෑම යුධ කලාපයක් තුළ මේවා සිද්ධවෙලා තියෙනවා. අපිට කවදාවත් එය වළක්වන්න බෑ.

ජනමාධ්‍යවේදීන් සම්බන්ධ හැඳුනුම්පත් ගැටලුව සහ මෝටර් බයිසිකල් සඳහා ණය ලබාදීම සම්බන්ධවත් අපි කතාකරලා තියෙනවා. පොලී රහිත ණය යෝජනා ක්‍රමත් තිබෙනවා. තවදුරටත්, ඔබ සහ රටේ දකුණේ සිටින ජනමාධ්‍යවේදීන් අතර සබඳතා ගොඩනැඟීමට අවශ්‍ය පහසුකම් සකස්කරලා තියෙනවා. ඔබට දැන් මාධ්‍ය පුහුණුව සඳහා අමතර අවස්ථාවන් තියෙනවා.

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සඳහා ස්මාරක භූමියක් යාපනයේ තියෙනවා. මාර්ගය පළල් කිරීමේ දී, එම භුමිය අලුත් තැනකට ගෙනයාවි.

වන්දිගෙවීම සම්බන්ධ සාකච්ඡාවන්, සමාලෝචනයකරලා තියෙනවා. දැන්, එය ක්‍රියාත්මක කිරීමයි කරන්න තියෙන්නේ. අපි මෙය ඉදිරියට ගෙන යා යුතු යි. ඒ නිසා තමයි කියන්නේ, අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ මැතිවරණය ජය ගත යුතුයි කියලා.

එයින් පසුව, පාර්ලිමේන්තු මහමැතිවරණයක් පැවැත්වේවි. මම අපේක්ෂා කරනවා, එම මැතිවරණයෙන් අපිට අවම වශයෙන් ආසන 125ක්වත් ගන්න පුළුවන්වෙයි කියලා. ඒවගේම, TNA එකටත් ආසන ලැබෙයි. ඉතින් අනෙකුත් පක්ෂ සමඟ අපිට ආසන 150 ක් පමණ ලබාගන්න පුළුවන් නව ව්‍යවසථාව සඳහා සහයෝගය ලබාගැනීමට. සියළුදෙනාටම පිළිගත හැකි ආකාරයෙන් නව ව්‍යවස්ථාවක් අපි සම්මත කරගන්නවා වගේම සියළුම ජනතාවගේ, සියළුම ප්‍රශ්න විසඳීමට හැකිපරිදි එය ක්‍රියාත්මක කරනවා. අපි TNA සමඟ සහයෝගයෙන් එය ක්‍රියාත්මක කරනවා” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා  පැවසී ය.

ජනමාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සහ අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් ප්‍රතිචාරයන් මෙහි දැක්වේ.

ජනමාධ්‍යවේදියා 1: උතුරු නැගෙනහිර දමිළ ජනතාවට, UNP විසින් ලබාදෙන පොරොන්දු මොනවා ද?

අගමැතිතුමා: අපේ මැතිවරණ ප්‍රකාශනය තුළින් මේ සියළුදේ සම්බන්ධයෙන් අපි ඔබට පවසන්නම්. අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධ ගැටළුව සඳහා අපි ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නවා. අපි වන්දිදීමේ ක්‍රියාවලිය කඩිනම්කරනවා; අපි වරදකරුවන්ට එරෙහිව ඔවුන් කොහේ සිටියත් නීතීමය ක්‍රියාමාර්ගගන්නවා; කරුණු සෙවීමේ කොමිසමක් ද පිහිටුවීමට අපිට සිදුවෙනවා.

ජනමාධ්‍යවේදියා 2: අතුරුදන් වී සිටින සිංහල ජනමාධ්‍යවේදීන් හතරදෙනෙක් සම්බන්ධයෙන් පමණක් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දමිළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ සිද්ධීන් සහ අපරාධයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි?

අගමැතිතුමා: M.P. රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපි වහා ක්‍රියාමාර්ගගත්තා. නමුත්, අපි කවදාවත් අපේක්ෂා කළේ නෑ මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි පෙරළියක්. මාධ්‍ය ගැටළු සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමට අපි ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

ජනමාධ්‍යවේදියා 2: ජනමාධ්‍යවේදියෙකු වශයෙන්, පැහැරගැනීමට ලක්ව, නොමැරී බේරුන ජනමාධ්‍යවේදීන්ගෙන් කෙනෙක් මම. මෙම රජය බලයට පැමිණි පසු, රාජිත සේනාරත්න අමාත්‍යවරයා මගේ නම සඳහන් කර, මෙම ජනමාධ්‍යවේදියාගෙන් විමර්ශනයක් ඇරඹිය යුතු බව පැවසුවා. පැහැර ගැනීමට ලක්ව, දිවි ගලවාගත් අයෙක් සාක්‍ෂි ලබාදීමට සිටින්නේ නම්, රජයට පවතින ගැටළුව මොකක් ද?

අගමැතිතුමා: අපිට අවම මිනිස් බලයක් තිබුණේ; මෙවැනි සිද්ධීන් එකින් එක විමර්ශනය කළ යුතු යි. සමස්ත පොලිස් බලකායම මෙම විමර්ශනයට සම්බන්ධ කරගැනීමට නොහැකි යි. අපි සියළුම විමර්ශනයන් පවත්වනවා; ඝාතනයකිරීම්වලට සම්බන්ධ ගැටළුවලින් අපි මෙය පටන්ගනිමු.

ජනමාධ්‍යවේදියා 3: ඉන්දීය ජනමාධ්‍යවේදියෙකු ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගෙන් අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමසු විට, “යටත් වූ පුද්ගලයන් කිසිවෙක් අතුරුදන්වුණේ නෑ” යනුවෙන් ඔහු පැවසුවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ස්ථාවරය කුමක් ද?

අගමැතිතුමා: යටත්වන හා යුද්ධයේ අවසාන කාලය අතරතුර අවධීන්වල දී බොහෝ දෙනෙක් අතුරුදන්වෙලා තියෙනවා. එම ප්‍රමාණය හරියටම ගැන බැලීමටත්, ඔවුන්ට කුමක් සිද්ධවුයේ ද යන්නත් සොයාබැලීමට සිද්ධවෙනවා. යුධ කලාපය තුළ උතුරේ හෝ දකුණේ, ලෝකයේ ඕනෑම කොටසක අතුරුදන්වීම සම්බන්ධ සිද්ධීන් තියෙනවා. අපිට එය වළක්වන්න බෑ. ගෝඨාභය රාජපක්‍ෂ විසින් ලබා දුන් ගණන හා නිල ප්‍රමාණය අතර පවතින වෙනස පිළිබඳ මම නිරීක්ෂණය කළේ නෑ.

ජනමාධ්‍යවේදියා 4: ඉරණමඩු පානිය ජල ව්‍යාපෘතිය එ.ජා.ප. ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව හඳුන්වාදෙනු ලැබුවා. දැන් අත්හැරදමා තිබෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.6 ක් වියදම් කරලා තියෙනවා. එකසැරේම, රුපියල් බිලියන 3.6ක් වියදම් යන වෙනස් ව්‍යාපෘතියක් සඳහා 2019 ඔක්තෝම්බර් 16 වන දින කැබිනට් අනුමැතිය ලැබුණා. අත්හරින ලද ඉරණමඩු ව්‍යාපෘතිය, රුපියල් මිලියන 400 ක් වියදම් ගිය යාපනය කසල බැහැරකිරීමේ ව්‍යාපෘතියට බලපෑම් කරලා තියෙනවා. මෙයට හේතුව කුමක් ද?

අගමැතිතුමා: අපි ඉරණමඩු ව්‍යාපෘතිය ඇරඹීමට සුදානම්. මෙම ප්‍රදේශය තුළ පවතින දේශපාලන ප්‍රශ්නය විසඳෙන්නේ නම්, අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරනවා. නැගෙනහිර පළාතේ පවතින මාධ්‍ය මඟින් මෙම ගැටළුව විසඳීමට සහයෝගය ලබාදෙන්න පුළුවන්.අපිට විකල්ප සැළසුම් හදිස්සියේම ක්‍රියාත්මක කරන්න බැහැ. ඉරණමඩු ව්‍යාපෘතිය අත්හැරදමා නෑ. විකල්ප ව්‍යාපෘතිය සම්බන්ධ ශක්‍යතා වාර්තාව මත ක්‍රියාමාර්ග ගනු ලබනවා. මුදල් අමාත්‍යංශය, මෙම විකල්ප සැළසුම සම්බන්ධයෙන් ඇමති මණ්ඩලය දැනුවත් කරාවි.

ජනමාධ්‍යවේදියා 5: දේශපාලන සිරකරුවන් නිදහස්කිරීම සම්බන්ධයෙන් රජය මුහුණදෙන අභියෝගය කුමක් ද?

අගමැතිතුමා: සමහර පුද්ගලයන්ට දණ්ඩන නියමකරලා තියෙනවා. ඇතැම් පුද්ගලයන් විමර්ශනයට ලක් කරමින් සිටිනවා. ඇතැම් රඳවාතබාගෙන සිටින්නන්, ප්‍රසිද්ධ පුද්ගලයන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අසුවී සිටින්නන්. ප්‍රශ්නය තමයි, ඔවුන්ව නිදහස් කරන්නේ කෙසේ ද සහ ඒ සඳහා පවතින පදනම කුමක්ද යන්න පිළිබඳව යි. කෙසේවෙතත්, දැන් සිරගත වී සිටින්නේ ප්‍රධාන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නන් පමණ යි.

ජනමාධ්‍යවේදියා 6: නැගෙනහිර ජනමාධ්‍යවේදීන් විමර්ශන සඳහා කොළඹට කැඳවනු ලබනවා. වීරකේසරී පුවත්පතේ ප්‍රකාශනය කරන ලද පුවතක් සම්බන්ධයෙන් විමර්ශනයකිරීම සඳහා ජනමාධ්‍යවේදී සෝබිතන්, මෑතක දී කොළඹ 4වෙනි තට්ටුවට කැඳෙව්වා. මෙම පුවත සම්බන්ධයෙන් පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබිලා තිබුණා. සංස්කාරකවරයා, පුවත්පත සඳහා වගකිව යුතු යි. සංස්කාරවරයා නොමැතිව ජනමාධ්‍යවේදියා පමණක් ඍජුවම කැඳවනු ලැබුවා. තුවාලයක් හේතුවෙන්, යාපනයේ දී තමාව ප්‍රශ්නකිරීම්වලට ලක්කරන ලෙස ජනමාධ්‍යවේදියා ඉල්ලාසිටියා. නමුත්, ඔහුට කොළඹට පැමිණ පෙනී සිටින ලෙසට CID විසින් බලකරනු ලැබුවා. මුලතිව් හි ජනමාධ්‍යවේදියෙක්, සාක්ෂිකරුවෙක් වශයෙන් මෑතක දී කැඳවනු ලැබුවා. ළඟම පොලිස් ස්ථානයට පැමිණ, විමර්ශනයට මුහුණදෙන ලෙසට ජනමාධ්‍යවේදියාට දැනුම් දී තිබෙනවා. ඔවුන් මෙය සිදුකරමින් සිටින්නේ මාධ්‍ය භයගැන්වීමට සහ ඔවුන්ව අනතුරට භාජනය කිරීමට ද?

අගමැතිවරයා: එම  නිලධාරීන්ගේ නම් දැනගැනීමට ඉඩදෙනවා නම්, CID එකෙන් අපිට මේ ගැන විමසන්න පුළුවන්.

ජනමාධ්‍යවේදියා 6: උසාවියට අපහාස කළ බවට වරදකරුවෙකු වූ පුද්ගලයෙක්, ජනාධිපති සමාවක් ලැබීමෙන් නිදහස්කරනු ලැබුවා. නැවතත්, උතුරේ දී උසාවියට අපහාස කිරීම හේතුවෙන් චෝදනා ලැබුවා. නමුත්, අදවෙනකම් ඔහු නිදැල්ලේ ඇවිදිනවා. එය දකුණේ දී සිදුවුණා නම් වැඩි සැළකිල්ලක් ද, උතුරේ දී සිදුවූවා නම් අවම සැළකිල්ලක් ද දක්වන බව ඔබ සිතනවා ද?

අගමැතිතුමා: ඥානසාර හිමිට එරෙහිව එල්ලවන දෝෂාරෝපණය පිළිබඳව ද ඔබ අදහස් කරන්නේ? අපි ඒ ගැනත් විමර්ශනය කරනවා.

ජනමාධ්‍යවේදියා 7: අවසන් කෙටුම්පත මට්ටම දක්වා නව ව්‍යවස්ථාව වර්ධනය කළ බව ඔබ පැවසුවා. එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීම සඳහා, 2/3 බහුතරය ඔබට අවශ්‍ය යි. විරුද්ධ පක්ෂ මේ සඳහා එකඟවෙයි ද?

අගමැතිතුමා: සියළුදෙනාටම පිළිගත හැකි ආකාරයේ නව ව්‍යවස්ථාවක් අපි සම්මත කරගන්නවා වගේම සියළුම ජනතාවගේ, සියළුම ප්‍රශ්න විසඳීමට හැකි පරිදි එය ක්‍රියාත්මකකරනවා. අපි TNA සමඟ සහයෝගයෙන් එය ගෙනියනවා. දැන්, ඔබ මට සමාවෙන්න. මට පෙ.ව. 5.00ට යාපනයේ බිෂොප්තුමා හමුවීමට පල්ලියට යන්න සිද්ධවෙනවා.

ජනමාධ්‍යවේදියා 8 (ස්ත්‍රී): ඔබ පැවසුවා, අතුරුදන් වූවන් සම්බන්ධ කාර්යාලය සංහිඳියාව පදනම් කරගනිමින් විවෘත කළ බව. සුවිශේෂී දිනයක් නම්, කාර්යාලය පෙ.ව. 10.00ට විවෘත කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා, නමුත් නොදන්නා පාර්ශවයක් විසින් එය උදෑසන 5.00ට විවෘත කර තිබෙනවා. මිනිස්සු මියයමින් සිටිනවා, ඔවුන්ගේ ආදරණියන්ට කුමක් සිදුවේ ද යන්න නොදැනම. මොකක්ද මෙයින් ලැබෙන වාසිය?

අගමැතිතුමා: අතුරුදන් වූවන්ගේ දෙමාපියන් අරගල කරන්නේ, ඔවුන්ගේ ස්වාධීනත්වය වෙනුවෙන්. අපි එයට බාධා කරන්නේ නෑ. අපි එයාලට දෙන පණිවිඩය තමයි, විමර්ශනයන් කඩිනම් කරනවා. දකුණෙත් අතුරුදන් වූ පුද්ගලයන් ගොඩදෙනෙක් සිටිනවා. අපි ඒ සියල්ලන් ගැනම විමර්ශනය කරනවා.

අගමැතිතුමා: අවසාන වශයෙන් මම ඔබෙන් ප්‍රශ්නයක් අසන්න ද? ඇයි උතුරේ ජනමාධ්‍යවේදීන් නැත්තෙ?

ජනමාධ්‍යවේදියා 8 (ස්ත්‍රී):  රට තුළ ආරක්ෂාවක් නැති නිසා.

අගමැතිතුමා: මම හිතන්නෙ, ඔයාලගේ මිනිසුන්ගෙන් ඔබලාට ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.

ජනමාධ්‍යවේදියා 8 (ස්ත්‍රී): නෑ. එහෙම නෙවෙ යි. ස්ත්‍රී හා පුරුෂ යන දෙපාර්ශවයම ආරක්‍ෂිත නෑ, එයාල මේ රටේ දෙමළ ජනමාධ්‍යවේදීන් නම්.