Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

හෙට දවස සමෘද්ධිමත් කීරීමට
අද දවස පවතින්නේ අපේ අතේ  

එක්අයෙකු විසින් අන්අයෙකු අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට, සිසුන් අතර ආත්ම විශ්වාසය, සමාජ ඒකාබද්ධතාවය හා නායකත්වය ලක්ෂණ ගොඩනැගීමට අපි බොහෝසෙයින් මහන්සි වෙනවා. සමාජ මාධ්‍ය භාවිතා කරමින්, දැනුම හා මිත්‍රත්වය වර්ධනය කරනු ලබනවා. එය අපිව එකට බැඳ තබන අතරම සම්පතක් ලෙස සිතන්නත් පුළුවන් යනුවෙන්  යුනිටි මිෂන් ට්‍රස්ට් ( Unity Mission Trust ) ව්‍යාපෘති සම්බන්ධකාරක බර්ටල් පින්ටෝ ජයවර්ධන විසින් පැවසීය. මේ ඔහු කැටමරාන් සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාව යි.

08.01.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය

   යුද්ධයෙන් බලපෑමට ලක් වූ ජනතාවට යුනිටි මිෂන් ට්‍රස්ට් ආයතනය මඟින් අනුග්‍රහය ලබාදෙනවා. ඔබ මෙම මෙහෙවර ආරම්භ කළේ කෙසේ ද?

යුද්ධයේ අවසාන අදියරේ දී, අභ්‍යන්තර අවතැන් වූ ජනතාවගේ කඳවුරුවල සිටි යුද්ධයේ බලපෑමට හසු වූ දරුවන් සඳහා ආහාර හා අධ්‍යාපනික සහාය සැපයීමේ ප්‍රමුඛස්ථානයක අපි හිටියා. නැවත පදිංචිකිරීමේ කටයුතුවලදී ද අපගේ සේවය අඛණ්ඩව සිදු කළ අතරම ඇතැම් දුපත්/අසරණ ගම්මානවලට පානීය ජල පහසුකම් වැනි මූලික අවශ්‍යතා අපි සපයනු ලැබුවා.

සෞඛ්‍ය තත්ත්වයන් සතුටුදායක නොවන මට්ටමේ පැවති අවස්ථාවල දී, සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් අතට පත්කිරීමට අසරණ ජනතාවට අවශ්‍ය වෛද්‍ය කඳවුරු අපි සකස්කරලා දුන්නා.

උර්කාවතුරයි ප්‍රදේශයේ, 25000ක ජනතාවකට සිටියේ එක වෛද්‍යවරයෙක් පමණ යි. එමනිසා, මෙම ප්‍රදේශවල තිබෙන විවිධ ජනාවාස තුළ වෛද්‍ය කඳවුරු ඇරඹීම සඳහා වෛද්‍යවරුන් 40 දෙනෙකු පමණ අපි කැඳවනු ලැබුවා. ඉන්පසු, මන්නාරමේ, විදතල්තිව් ප්‍රදේශයෙ හි අපි වෛද්‍ය කඳවුරු පවත්වනු ලැබුවා.

  ඉතා ඉක්මනින් ජනතාවට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ආධාර හා කාර්යමණ්ඩලය ඔබ රැස්කර ගත්තේ කෙසේ ද?

මම වැඩ කළේ බැංකුවක සහ මගේ බිරිඳ චිත්‍ර ගුරුවරියක්. අපි විසින් ඇති කරගෙන තිබූ සබඳතා ඔස්සේ පුළුල් සම්බන්ධතා ජාලයක් නිර්මාණය කර ගැනීමට හා අපි කරන ලද කාර්යයන් සඳහා ප්‍රමාණවත් තරම් මානව සම්පත් ළඟා කර ගැනීමට හැකිවුණා.

එසේම, හමුදා කාර්යමණ්ඩලය විසින් අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිචාර දැක්වීමට ඉදිරියට පැමිණි අතරම අතිශයින් ඉහළ සහයෝගයක් අප වෙත ලබාදුන්නා වගේම අපේ කටයුතු ඉදිරියට ගෙනයනු ලැබුවා. විශ්‍රාමික හමුදා කාර්යමණ්ඩල ප්‍රධානී, මේජර් ජනරාල් ලොහාන් ගුණවර්ධන, අපේ සංවිධානයේ සභාපතිත්වය දරණු ලැබුවා.

  ජනතාව පත්ව තිබෙන තත්ත්වය සඳහා වගකිවයුතු වන්නේ හමුදාව ලෙස විග්‍රහ වූ සන්දර්භයක් තුළ, හමුදාව සමඟ ප්‍රජාවට සහයෝගය දැක්වීමේ කාර්යය අභියෝගයක් වුණා ද?

ප්‍රවාහනය , ආහාර සහ නිවාස සැපයීමේ දී අපි හමුදාවේ සහයෝගය ලබාගත්තා. මූලිකම හේතුව වුණේ, දමිළ ප්‍රදේශවල හමුදාව හැරුණුවිට වෙනත් කිසිවෙකුත් සිටියේ නෑ. ජනතාව සමඟ වැඩ කිරීමේ දී, නිරායුධව කටයුතු කරන ලෙසට අපි හමුදාවට අවවාද කරනු ලැබුවා. ඔවුන් අපේ ඉල්ලීම පිළිගත් අතරම , ඔවුන්ගේ සහය ලබාදුන්නා.

  යුද්ධයෙන් බලපෑමට ලක් වූ තරුණ ප්‍රජාව බලාත්මක කිරීමට ඔබගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ මොනවාද ?

භෞතික වශයෙන් සහයෝගය සපයනවාට වඩා මනෝවිද්‍යාත්මක සහය, විශ්වාසය ගොඩනැගීම හා උපදේශන සේවාවන් සැපයීමට අවශ්‍ය වුණා. එමනිසා, උපදේශනය හා සම්බන්ධ පාර්ශවකරුවන් වශයෙන් අප සමඟ කටයුතු කිරීමට, සිවිල් සමාජ සංවිධාන හා ඔවුන්ගේ නියෝජිතයන්ට අපි ආරාධනා කළා. ඇතැම්අය  ඇහුවා “ ඔබලා ඉතාම උනන්දුයි දරුවන් ආරක්ෂා කිරීමට, ඉතින් ඇයි ඔබ දරුවන් උදෙසා ව්‍යාපෘතියක් ආරම්භ නොකරන්නේ?” මෙම ප්‍රශ්නය මගේ සිත තුළට තද බල ලෙස කාවැදුනා. ළමුන් වෙනුවෙන් යමක් කිරීමට අපි තීරණය කළා. මේ මත පදනම්ව, අපේ අවධානය තරුණ ප්‍රජාව වෙත යොමුවුණා. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පන්ති වෙත අපි අවධානය යොමුකළා. මන්ද, ඔවුන් අපගේ සමාජයේ මීළග නායකයන් බවට පත්වන පාර්ශවය යි. එමනිසා, අපි දරුවන් 500ක් උතුරේ සිට කොළඹට ගෙන්වනු ලැබූ අතර තවත් දරුවන් 150ක් ඔවුන් සමඟ සම්බන්ධ කළා. මේ දරුවන් 650ම දින 4ක නේවාසික වැඩසටහනකට සහභාගීවුණා. ඇතැම්අය කෙදිනකවත් කොළඹට ඇවිත් නොතිබුණ අතර, අතිවිශාල ගොඩනැගිලි, වාහන හා වෙළඳ සංකීර්ණ දැකීමෙන් ඔවුන් පුදුමයට පත්වුණා. රට පිළිබඳව ඔවුන් තුළ පැවති හැඟීම වෙනස්වීමට මෙය උපකාරීවුණා.

ඊයේ කියන්නේ අපිට හරිම අමිහිරි හා දුෂ්කර දවසක්, නමුත් එම දිනය ගෙවී ගිය පසුව අපිට එය වෙනස් කරන්න බෑ. හෙට දිනය පැමිණෙන්න තියෙන්නේ නමුත්, අද දිනය තියෙන්නේ අපේ අතේ. අපි යමක් කරන්න ඕන දැන්. හෙට දිනය සාර්ථක කරගන්න අපි උත්සාහ කරන්න ඕන. අපගේ කාර්යය පිටුපස පවතින දැක්ම මේක තමයි. අපගේ සේවය මේ වනවිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා පුළුල්කරලා තියෙනවා. ඔවුන්ගේ දීර්ඝ කාලීන දැක්ම පිළිබඳ සිතන්න කියලා තමයි අපි සෑමවිටම ශිෂ්‍යයන්ට  මතක්කර දෙන්නේ. සියළුම දරුවන්ට සමානාත්මතාවයෙන් හා උසස් ලෙස සැළකිය යුතු අතරම ගෞරව කළ යුතු යි. ඔවුන් කොහෙන්ද යන්න පිළිබඳව ගැටළුවක් නෙවෙයි, ඔවුන් ශ්‍රී ලාංකීය මාතාවගේ පුතුන් හා දියණියන්. ඔවුන් තමයි අපේ රටේ උරුමය.

  ශ්‍රී ලාංකීය සාරධර්ම ආමන්ත්‍රණය කිරීමේ දී ඔබ කෙතරම් දුරට සාර්ථක ද ?

ලංකාවේ ජයග්‍රහණය රඳාපවතින්නේ, අපේ එකමුතුබව කෙතරම් ශක්තිමත් ද යන්න මත යි. අපගේ බහුත්වවාදී සමාජය, ලංකාවේ උසස්බව විද්‍යාමාන කරනවා. සමාජයක්, මුදල් හා දේපළ මඟින් ධනවත් කළ නොහැකි යි, එය බහුත්වවාදී සමාජයක් පිළිබඳ අපගේ පිළිගැනීම මත පදනම්වෙනවා. මෙය, එක් එක් දරුවාගේ මනස තුළ වර්ධනයකිරීම අපේ අපේක්ෂාව යි. එමනිසා, සමාජයන් නැවත එක්සත් කිරීම සඳහා සංහිඳියාව අවශ්‍යවෙනවා. ගම් සම්බන්ධකිරීමේ ක්‍රියාවලියේ අපි නියැලී සිටීමේ හේතුව මෙය යි. සුළු වශයෙන් සහයෝගය සැපයීම මඟින් මෙන්ම ඔවුන්ගේම සමාජයන් තුළින් සුළු වශයෙන් දායකත්වයන් උත්පාදනය මඟින් අසරණ/දුප්පත් දරුවන්ට හා ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන්ට අපගේ දරුවන් සහය ලබාදෙනවා. ග්‍රාමීය සංවර්ධනය හා සංහිඳියා අවකාශයන් ආමන්ත්‍රණය කරන ආකාරයේ සාර්ථක සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියක් පසුගිය වසරේ දී අපි ක්‍රියාත්මක කරනුලැබුවා.

මෙම සියළුම ක්‍රියාවන් සඳහා කේන්ද්‍රීය සාධකවන්නේ, උතුරේ සිට දකුණට පැමිණ වැඩකරන දරුවන් හා දකුණේ සිට උතුරට පැමිණ වැඩකරන දරුවන්. මිත්‍රත්වයේ පාලම හා ඔවුන්ව සම්බන්ධ කිරීම මඟින් අපි මෙය වර්ධනය කරනුලබනවා. එයින් පසු, ඔවුන් මිත්‍රයන් ලෙස මෙය ගෙනයයි.

ආත්ම විශ්වාසය, සමාජ සහජීවනය, නායකත්වය හා එකිනෙකාට උපකාරකිරීම පිළිබඳ අවබෝධය හා දැනුම වර්ධනය කරගැනීම සඳහා දින හතරක් පුරා පැවැත් වූ නේවාසික තරුණ කඳවුර මඟින් ඔවුන්ට අවස්ථාවක් සපයනු ලැබුවා. ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීම සඳහා සමාජ මාධ්‍ය උපකාර කරනු ලබනවා. මෙය ඔවුන්ව එකට බැඳ තබන අතරම ලංකාවේ සම්පතක් බවට පත්වෙනවා. ඔබටත් අපගේ පාර්ශවකරුවෙක් වීමට හැකි අතරම අපගේ ගමනට සමබන්ධවීමට පුළුවන්. ශ්‍රී ලංකාව ගොඩනැඟීමට, අපි අපගේ උපරිම මට්ටමින් උත්සාහකරනවා. අන්අයට පණිවිඩ ව්‍යාප්ත කිරීම මඟින්, එක් පුද්ගලයෙකුට සමාජය තුළ අතිවිශාල වෙනසක් සිදුකළ හැකිබව අපගේ විශ්වාසය යි. අපි මෙය දැඩිව විශ්වාස කරනවා.