Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පාස්කු ඉරිදා ප්රවහාරයට පසු අම්පාරේ ප්‍රතිචාර
මම මාළු සඳහා කොස් හුවමාරු කරගත්තා

අහමඩ් ලෙබ්බේ යකෝබ් වයස අවුරුදු 57ක් වන අවුරුදු 20 ක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම් තුන සමඟ වෙළඳාමේ නිරතවන පුද්ගලයකු වේ. මෙහි සඳහන් වන්නේ අප ඔහු සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි.

08.01.2020  |  
අම්පාර දිස්ත්‍රික්කය
யாக்கூப்

පාස්කු ඉරිදා ප්‍ර‍හාරයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අපට රට වටා මිනිසුන්ට සිදු වූ බලපෑම පරිමාණය කිරීමට අවශ්‍ය වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ වෙළඳාමේ නිරත පුද්ගලයකු සමඟ එහි ප්‍රතිවිපාකයන් අවබෝධ කරගැනීමට අප සාකච්ඡාවක නිරත වුණා. “මා ද්‍රව්‍ය හුවමාරු වෙළඳාමේ නිරතවෙමින් සිටියා. මා මේ ප්‍ර‍දේශයෙන් ද්‍රව්‍ය මිලදී ගෙන මෙහි සිට කිලෝ මීටර් තිහක් තිස්පහක් ඈතින් ප්‍රදේශයේ ජීවත් වන සිංහල හා දෙමළ ප්‍රජාව වෙත රැගෙන යනවා. එන ගමනේදී අනෙක් ප්‍රදේශයන්ගෙන් භාණ්ඩ රැගෙන විත් මේ ප්‍රදේශයේ දෙමළ හා මුස්ලිම් ප්‍රජාව වෙත විකුණනු ලබනවා. සේරම දැන් නෂ්ටාවශේෂ වෙලා”. ඔහු පැවසුවා. අහමඩ් ලෙබ්බේ යකෝබ් වයස අවුරුදු 57ක් වන අවුරුදු 20 ක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම් තුන සමඟ වෙළඳාමේ නිරතවන පුද්ගලයකු වේ. මෙහි සඳහන් වන්නේ අප ඔහු සමඟ සිදුකරන ලද සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.

ඔබ විසින් කුමන වර්ගයේ වෙළඳාම් කරන්නේද?

අවුරුදු 5ක් තිස්සේ අම්පාර උහන ප්‍රදේශයේ සිංහල ජනතාවගෙන් කොස් පොල් ආදිය මිලදී ගෙන ඒවා අපේ ප්‍රදේශයේ මුස්ලිම් හා දෙමළ ජනතාව වෙත අලෙවිකරනු ලැබුවා. ඊට පස්සේ පසුගිය අවුරුදු 15 පුරාවටම මගේ ව්‍යාපාරයේ සුළු වෙනස්කම් සිදුකරනු ලැබුවා. සයින්දමරදු ප්‍රදේශයේ මුස්ලිම් ධීවරයන්ගෙන් මාළු මිලදී ගෙන ඒවා සිංහල ජනතාව වාසය කරන ප්‍රදේශ වෙත රැගෙන ගොස් විකුණා ඒ සඳහා ඒ ප්‍රදේශවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ වන කොස්, පොල්, දෙහි, ආදී දේ මේ ප්‍රදේශයේ මිනිසුන්ට රැගෙන ඒම ආරම්භ කළා. ව්‍යාපාරය ඉතා හොඳින් ඒ කාලයේ සිදු වෙමින් පැවතුනා. නමුත් අද ඒ සේරම විනාස වෙලා.

කොපමණ කාලයක සිට ඔබගේ  ව්‍යාපාරය බලපෑමට  ලක් වූයේ ද?

පසුගිය මාස තුන තුළ එනම් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මට වැඩ කරන්න බැරිවෙලා තියනවා. සිංහල ප්‍රජාව සමඟ වෙළදාම් කිරීමට බියක් ඇති වෙනවා වගේම  මා පීඩාවට පත්කරනවා. දෙමළ ප්‍රජාව ජීවත් වන ප්‍රදේශවල වෙළදාම් කරද්දිත් මේ තත්වය මීට සමානයි. ඊට පස්සේ මා මෙහි ජීවත්වන මුස්ලිම් හා දෙමළ ප්‍රජාව සමඟ ඉතාම සුළුවෙන් වෙළදාම කරන්න පටන් ගත්තා. මා පෙර වෙළදාම සිදු කළ ආකාරයට සිංහල ප්‍රජාව සමග වෙළදාම් කිරීමට දිනයක් නැවත එනතුරු බලාගෙන ඉන්නවා.

ඔබ සඳහන් කළා පසුගිය මාස කිහිපය තුල වෙළදාම් කරන්න බැරිවුණා කියලා. වෙළදාම නොමැතිව ජීවිතය කළමනාකරණය කර ගන්නගන්නේ කෙසේද?

මා දරුවන් පස් දෙනෙකුගේ පියෙක්. මගේ දෛනික ආදායමෙන් තමයි ඒ සියලු දෙනාම නඩත්තු වුනේ. මා දෛනික වැටුපට වැඩකරන කම්කරුවෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. නමුත් මගේ පවුල නඩත්තු කරන්න ඒ මුදල ප්‍රමාණවත් නැහැ. ඉතින් මට සිද්ධ වුණා මගේ ඥාතීන්ගෙන් මිතුරන්ගෙන් මුදල් ණයට ගන්න.

මේ මොහොතේ තත්ත්වය කෙසේද?

මේ ප්‍රදේශයේ ජනතාවට ප්‍රහාරයෙන් සෘජුව බලපෑම් සිදු නොවුණුත්,  දේශපාලනඥයින්ගේ හා ආගමික නායකයින්ගේ වර්ගවාදී ප්‍රකාශනයන් හේතුවෙන් මේ සිංහල ප්‍රජාව අප දිහා සැකෙන් බලන්නේ. ඒ වගේම මේ තත්ත්වයට වෛරසහගත කථනයන් වගේම මාධ්‍ය හරහා ප්‍රචාරයවන අසත්‍ය පුවත් ද බලපෑම් කරනවා. ඒ වගේම මීට පෙර මාත් එක්ක ඉතාමත් හොදින් කතා කරපු සිංහල මිනිස්සු දැන් ඒ තරම් හිතවත්කමින් කතා කරන්නේ නැහැ. මෙයත් ඉතා පීඩාකාරී තත්ත්වයක්. ඔවුන්ට අප සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසයක් නැහැ. දෙමළ ප්‍රජාව පවා ඉස්සර වගේ මා සමග කතා තා කරන්නේ නැහැ. ඔවුන් මගෙන් මාළු මිලදී ගෙන වෙනදා වගේ හොඳින් කතා නොකර ඉක්මණින් ඉවත්වෙලා යනවා. මම දන්නේ නැහැ ඔවුන්ගේ හැඟීම්. දුකට කාරණාව තමයි මුස්ලිම් නාමයන්  සහිත කුඩා පිරිසකගේ ක්‍රියාකාරකමකින් බොහෝ මිනිසුන්ගේ සාමයට, මිත්‍රත්වයට හා ජීවනෝපායන්ටද බලපෑම් වුණු එක.

ඔබ සිතන ආකාරයට මෙම අභියෝගයන්ට ආමන්ත්‍රණය කරන්නේ හා ජනවාර්ගික සාමය ගොඩනැගීම සිදු කරන්නේ කෙසේද?

එල්ටීටීඊ යුද්ධ කාලයේදි පවා මා වෙළඳාම් කළා. අද තියෙන්නෙ මානසික ගැටුමක්. අපට සිදුවෙනවා මිනිස්සුන්ගේ හිත්වල පැහැදීම ඇති කරන්න, ඔවුන් ගේ සිත් දිනා ගන්න.  වෛරසහගත කථනයන් හා සදාචාරය සම්පන්න නොවූ මාධ්‍ය ක්‍රියාකාරකම් නිසා මේ දිනවල ඔවුන් ප්‍රතිවිරෝධතාවන් පෙන්වමින් ඉන්නවා. වෛරසහගත කථනයන් වැළැක්විය යුතුයි. සමාජ මාධ්‍ය ප්‍රචාරණය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතිනවා. මෙහි අර්ථය සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඉගෙනගත යුතු වෙනවා යන්නයි. සාමාන්‍යයෙන් කියනවනම් අසත්‍ය ප්‍රචාරයන් ව්‍යාප්තිය පාලනයය කිරීම හරහා සාමය රැගෙන ආ හැකියි. තවද දේශපාලනඥයින් හා ආගමික නායකයින් ඔවුන්ගේ ප්‍රජාව ගැන පමණයි සිතන්නේ. ඔවුන් අනෙක් ප්‍රජාවන් ගැන හිතන්නේ නෑ වගේම  ඔවුන් සමග සාමයෙන් ජීවත්වීම පිළිබඳ වත් සිතන්නේත් නැහැ.

ඔබ සිතන ආකාරයට පෞද්ගලිකව ඔබට ප්‍රතිසන්ධානය ගොඩනැඟීම සිදුකළ හැක්කේ කුමන අයුරින් ද ?

මා සියලු දෙනා සමඟ මිත්‍රත්වයකින් කටයුතු කරනවා. ඒ ව්‍යාපාරය අරමුණෙන් නෙමෙයි මං සියලුදෙනා සමඟ විශ්වාසයෙන් හා මිත්‍රත්වය සමීප වෙනවා. එපමණයි මට කරන්න පුළුවන්. මම හැම උදේකම නැගිටින්නෙ මේ තත්වය ඉක්මණින් වෙනස් වේවි යන බලාපොරොත්තුවෙන්.  වෙළදාම් කරන අපි වගේ අයට මිනිස්සු එකට සිටීම ඉතාම වැදගත්.  එය සිදුවිය යුත්තක්. එකිනෙකා සමඟ වෙන්ව ජීවත් වීම සිදුවිය නොහැකියි. සියලු දෙනා මෙය මතකයේ තබා ගත යුත්තක්.