Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

නව ජනාධිපතිවරයා සංහිඳියාව මත සිට කටයුතු කරාවි ද?
ජනාධිපති රාජපක්ෂගේ ප්‍රමුඛතාව

මැතිවරණයෙන්, ගෝඨාභය රාජපක්ෂ 7වන ජනාධිපතිවරයා වශයෙන් පත්වීමත් සමඟ, සංහිඳියාව සහ දේශපාලනයේ නිරවුල්බව පිළිබඳ ගැටළු මතුවෙමින් පවතී. නව ජනාධිපතිවරයා බහුතරයගේ අපේක්ෂාවන් උදෙසා ක්රි යාකරන්නේ ද යන්න හෝ සියළු ශ්රීා ලාංකිකයින්ගේ ජනාධිපතිවරයා වශයෙන් ඔහු, සැළකිල්ලෙන් සිතාමතා කටයුතු කරන්නේ ද? අනුරාධපුරයේ දී, නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ පණිවිඩය සම්බන්ධයෙන් ඉතා වැදගත් අවධානයක් මෙහි දී ලබාදිය යුතු යි.

08.01.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය
பதவியேற்பு வைபவ

 “මට ජනාධිපතිවරණ මැතිවරණය ජයගැනීමට හැකිවූයේ, සිංහල ප්‍රජාවගේ සහයෝගයෙන් පමණක් බවට මා දැනුවත්ව සිටිනවා වුව ද, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවට ද මාගේ ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට පත්වන මෙන් මා ඔවුන්ගෙන් ඉල්ලසිටිනවා. කෙසේවුවත්, ඔවුන්ගේ ප්‍රතිචාරය මාගේ අපේක්ෂාවන් සමඟ එක්වූයේ නෑ. නව ජනාධිපතිවරයා වශයෙන්, ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්සත්ව කටයුතු කරන ලෙස මම සියළුදෙනාගෙන්ම ඉල්ලාසිටිනවා. දැන්, අප සියළුදෙනාගේම වගකීම වන්නේ, අපේ රට එක ජාතියක් වශයෙන් ඉදිරියට ගෙනයාම යි.” මෙම ප්‍රකාශයත් සමඟ පැහැදිලි වන්නේ, රාජපක්ෂ සුළු ජාතීන්ගෙන් ලද අවම සහයෝගය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන බව යි.

මැතිවරණ ප්‍රතිඵල

මැතිවරණ ප්‍රතිඵල සිතියම, LTTE සංවිධානය විසින් අඳින ලද ඊළාම් සිතියමට සමාන වෙනවා. ජනතාව අතර පවතින ජනවාර්ගික බෙදීම එයින් ඉතා පැහැදිලිව දැක්වෙනවා.

උතුරු-නැගෙනහිර සිටින 80%කට වඩා ජනතාව, සජිත් ප්‍රේමදාස සඳහා ඡන්දය ලබා දී තිබෙනවා. ඔවුන් තම මනාපය ලබාදුන්නේ නෑ, ඔවුන් සජිත්ගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නෑ, නමුත්, TNA විසින් එය බලෙන් සිදුකරන ලෙස ඉල්ලාසිටියා. ඒවෙනුවට, සිදුවුණේ ගෝඨාභය රාජපක්ෂව ප්‍රතික්ෂේප කිරීමක්. මේ ආකාරයට තමයි 2009 සිට පැවැත් වූ සෑම මැතිවරණයකදීම උතුර සහ නැගෙනහිර ඡන්ද, රාජපක්ෂවරුන්ට විරුද්ධව  ලබාදුන්නේ.

එසේවුවත්, 70%කට ආසන්න ප්‍රමාණයකගේ ඡන්දය ගෝඨාභයට ලැබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිර්මාණය කිරීමත් සමඟ පැවැත් වූ දෙවන මැතිවරණය මෙය යි. 2018 පෙබරවාරි මස පැවැත් වූ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලවලට මෙය සමාන යි. දකුණේ ඡන්ද තීරය මඟින් පැහැදිලිවෙනවා, ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපතිවරණ මැතිවරණයේ දී ළඟා කරගෙන තිබෙන බව. තවදුරටත්, අප්‍රේල් 21වන දින ප්‍රහාරයෙන් පසුව, ශක්තිමත් නායකත්වයක් සඳහාවන අවශ්‍යතාවය පිළිබඳව සිංහල ජනතාවට දැනිලා තිබෙනවා. ගෝඨාභය වගේ “යකඩ මිනිසෙක්” මේ සඳහා සුදුසුවන බව ඔවුන් සිතුවා.

ගෝඨාභය, ජනාධිපතිකම ඉලක්කකිරීම ඇරඹුවේ මෙයට වසර තුනකට පෙර “වියත්ගම” සහ “එළිය” වැනි සංවිධාන නිර්මාණය කිරීම මඟින්. ඒ හරහා, සමාජයේ විවිධ මට්ටම්වල සිටි සිංහල පුරවැසියන්ට ප්‍රවේශ වියහැකි අවස්ථාවන් සපයනු ලැබුවා. මෙම සංවිධාන දෙක මඟින් සිදුකළ යුතු කාර්යයන් මුල සිටම සැළසුම් කළ අතර, රාජපක්ෂව ජනාධිපතිවරණ මැතිවරණය සඳහා සුදානම් කිරීමත් සහ ඔහුගේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාවට කලින්ම සන්නිවේදනය කිරීමත් සිදුවුණා.

සන්හින්දියාවේ ස්වරූපය

සිංහල ඡන්ද මඟින් ගෝඨාභය ජනාධිපතිවරයා බවට පත්වූයේ නම්, ඔහු සංහිඳියාව හා සම්බන්ධ උත්සාහයන් හසුරුවන්නේ කෙසේ ද සහ ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් සොයන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ගැටළු මතුවෙනවා.

මේක තමයි හරියටම ඉන්දියාව සහ ජාත්‍යන්තර ප්‍රජාව නිරීක්ෂණය කරමින් සිටින්නේ. මැතිවරණය තුළ සිංහල ජනතාවගේ වරම, ගෝඨාභයගේ එළඹුම, දේශය පිළිබඳ පවතින සැළකිලිමත්බව මෙන්ම බටහිර, මේ සම්බන්ධයෙන් බලගතු සාධක බවට පත්වේවි.

ඔහුගේ මැතිවරණ ප්‍රකාශනය තුළ, ගෝඨාභය ජනවාර්ගික ප්‍රශ්න හෝ සංහිඳියාව පිළිබඳ සඳහන් කර නෑ. ඔහු, ප්‍රමුඛතාවය ලබා දී තිබුනේ, ජාතික ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය වෙත යි. “ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියළුම මහජනතාවට සේවය කිරිම යි. එමනිසා, මට ඡන්දය ලබාදුන් සහ ලබානොදුන් ජනතාවගේ සමාජ අයිතිවාසිකම් මම ආරක්ෂා කරන්නෙමි” යනුවෙන් අනුරාධපුරයේ දී දිවුරුම් දෙන අවස්ථාවේ ගෝඨාභය පැවසී ය.

“ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන්, නව ව්‍යවස්ථාවට සහයෝගය ලබාදුන් අය ජාතිද්‍රෝහීන්. ඔවුන්ට එය ක්‍රියාත්මක කිරීමට සිද්ධවෙනවා” යනුවෙන් නව ආරක්ෂක ලේඛම් වශයෙන් පත්කරනු ලැබූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ගෝඨාභය බලයට ගෙනඒමට මාස කිහිපයකට පෙර ආරම්හ කරන ලද “වියත්ගම” වැඩසටහන සම්බන්ධයෙන් පැවැත් වූ හමුවක දී පැවසී ය. නන්දිකඩාල් හි, යුද්ධයේ අවසන් අදියරයන් සඳහා සහභාගී වූ ගුණරත්න, 53වන සේනාංකය සඳහා අණදුන් පුද්ගලයා යි. මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා සහ මානව විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවිධ දෝෂාරෝපණයන් මෙම සේනාංකයට එරෙහිව එල්ලවන අතර, ඔහුගේ නව පත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබෙනවා. මේජර් ජෙනරාල්, ප්‍රකාශනයන් කිහිපයක කතුවරයෙකුවන අතර රණමග ඔස්සේ නන්දිකඩාල් ප්‍රකාශනය ද ඊට ඇතුළත්.

රාජපක්ෂ තමන්ගේ දිවුරුම්දීම සඳහා තෝරාගත් ස්ථානය පිළිබඳව අවධානය යොමුකිරිම වැදගත්වෙනවා: රුවන්වැලිසෑය. එය, අනුරාධපුරයේ පිහිටි අතර දුටුගැමුණු රජු, එනම් අතීතයේ සිංහල හා ද්‍රවිඩ පාර්ශවයන් අතර පැවති දීර්ඝකාලීන යුද්ධය නිමාකර එළාරව මරා දැමූ රජතුමා විසින් ඉදිකරන ලද්දකි. එනිසාම, මෙම ස්ථානය සිංහලයන්ගේ ජයග්‍රහණය හඟවන ස්ථානයක් වශයෙන් දක්නට පුළුවන්. රුවන්වැලිසෑයේ දී කරන ලද ඔහුගේ කතාව අතරතුර, නව ජනාධිපතිවරයා දුටුගැමුණුගේ පන්සලේ දිවුරුම්දීමට ලැබීම ගෞරවයක් ලෙස සඳහන් කළේ ය. එමඟින් ගම්‍යමාන වන පණිවිඩය වැදගත්වන්නේ මන්ද, එය සුළුතර ප්‍රජාවන්ට සිදුකරන තර්ජනයක් වශයෙන් දක්නට ලැබීම යි.

රාජපක්ෂ ලබාදුන් ආකල්ප හා ඔහුට සමීපතමයන්ගේ මතයන් ගත්විට, ඔහු සංහිඳියාව පිළිබඳ උත්සාහයන් නොකඩවා ඉදිරියට ගෙනයන්නේ කෙසේ ද හා ඔහු දේශපාලන විසඳුමක් ලබාදේවි ද යන්න පිළිබඳව ස්වභාවිකව විමසාබැලීමක් පමණ යි. ඔහුගේ සහෝදරයාවන, මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටිය දී, 13වන සංශෝධනය පිළිබඳව පොරොන්දුවක් ලබාදුන්නා, නමුත් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණේ නෑ. එසේනම්, නව ජනාධිපතිවරයා ද ඒ හා සමාන ස්වරූපයක් ගැනීමේ හැකියාවක් පවතිනවා.

ඉන්දීය ගැටළුව

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, මැතිවරණ ප්‍රතිඵල සම්පුර්ණයෙන්ම ප්‍රකාශ කර අවසන්වීමට මත්තෙන්, ගෝඨාභය රාජපක්ෂ වෙත සුබපැතුම් පණිවිඩයක් පවා එවී ය. ඔහුගේ පණිවිඩය තුළ, තේරීපත් වූ ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබුණි. මෝදි වහා සිය විදේශ කටයුතු ඇමති, සුබ්‍රමනියම් ජෛෂකෙර්ව කොළඹට එවා රාජකාරිමය ලෙස ද ආරාධනය ලබාදුනි.

උපායශීලි පිරිස් සඳහන් කරන්නේ, ඉන්දියාවේ අපේක්ෂාව වන්නේ චීනයේ බලපෑම ලංකාව මත ප්‍රතිස්ථාපනය වීම වන අතර මන්ද, රාජපක්ෂවරුන්ට චීනය සමඟ ඉතා සමීප බැඳීම් පවතින බව ඔවුන් දන්නා නිසාවෙනි. ජනාධිපතිවරයාට, කරුණු දෙකක් පිළිබඳව අවබෝධ කරදීමට ඉන්දියාවට අවශ්‍ය වේ: එක, චීනය සමඟ පවත්නා සබඳතා ආර්ථික සහ මුල්‍යාධාරවලට පමණක් සිමාකළ යුතු යි. දෙක, සුළුතරය හුදෙකලා කිරීම භයානක යි. විශේෂයෙන්ම දමිළ ප්‍රජාව සහ ඔවුන්ගේ හැඟීම් සම්බන්ධයෙන් අවධානය නොදැක්වීම අත්හළ යුතු යි. මෙය, කැරලි ඇතිවීමේ විභවතාවයන් කෙරෙහි හේතුවිය හැකි යි.

2015 මැතිවරණය පරාජයවීමෙන් පසුව, මහින්ද රාජපක්ෂ ඔහුගේ පරාජයවීම සම්බන්ධයෙන් ඉන්දියාවට දෝෂාරෝපණ එල්ල කළේ ය. ඔහුගේ පරාජය සම්බන්ධයෙන් කටයුතු කළ කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගේ නම සඳහන් කර තිබුණා. එයින්, අනාවරණය වන්නේ අපගේ ජාතික ප්‍රතිපත්ති උදෙසා ඉන්දියාවට බලපෑම් කළ හැකි බව යි. රාජපක්ෂවරුන්, චීනය සමඟ සබඳතා පවත්වමින් සිටින අතරතුර දී, ඉන්දීය නිලධාරීන් මෙම තත්ත්වය දෙස ඉතා සමීපව විමසා බලනවා. එමනිසා, රාජපක්ෂ පාර්ශවයට ඉන්දියාවේ අවධානය සම්බන්ධයෙන් නොසලකා හැර සිටීමට නොහැකි යි. යුධ අපරාධ සම්බන්ධයෙන් UNHRC මඟින් ජිනීවා වෙත ලබාදුන් නියමිත කාලය මාර්තුවලින් අවසන්වෙනවා. එය, රාජපක්ෂගේ හිසට ඉහළින් එල්ලෙමින් පවතින පිහියක් හා සමාන යි.

සංහිඳියාව හා දේශපාලන විසඳුම සම්බන්ධ ගැටළුවේ බරපතලකම අනුව, ඉන්දියාව සහ පුළුල් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඇහුම්කන් දීම ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්වෙනවා. මීළඟ, පාර්ලිමේන්තු මැතිවරණයවන තෙක්, ප්‍රධාන වෙනස්කම් සිදුකිරීම අපේක්ෂා කළ නොහැකි යි. 19 වන සංශෝධනය මඟින්, ජනාධිපතිවරයාගේ බලයන් සීමාකර තිබෙනවා. මහජන මැතිවරණය 2020 මාර්තු හෝ අප්‍රේල් පැවැත්වේවි. එයින් පසුව සකස්වෙන රජයට, රටේ මීළඟ ගමන සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ දී ඉත වැදගත් භූමිකාවක් ඉටුකිරීමට සිදුවේවි. කෙසේවෙතත්, බලවත් ජනාධිපතිවරයෙක් වශයෙන්, ගෝඨාභයගේ දක්ෂතාවය පිළිබඳව සුළුවෙන් තක්සේරු කළ නොහැකි යි.