Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ගංවතුරට ගසා ගෙන නොගිය
මනුස්සකම

අලි ඇතුන් පවා ගසාගෙන යන මහා සැඩ පහරක් සහිත ගංවතුරක පිහිනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මොවුන්ද නොදන්නවා නොවේ. ජාතිල වර්ග කවරක් වුව ද මිනිස් ජීවිත රැසක් අනතුරක දොරකඩ තිබියදී මේ තීරණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව තේරුම් ගත් ඔවුහු මගීන් රැගත් බසය තිබෙන තැනට යාමට ගංවතුරට පැන්නාහ.

16.01.2020  |  
පොළොන්නරුව දිස්ත්‍රික්කය

රජරට ගම්බිම්වලට ඉහළ අහස් කුසින් අනෝරා වැසි ඇදහැලී පසුගිය දෙසැම්බරයේ ඇතිවූ ගංවතුර,ආපදා දැන් පහව ගොසිනි. පෙලොන්නරුව – මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප‍්‍රදේශය ගංවතුරට යට වී එහි ජල මට්ටම අඩි හතකට ආසන්නව පවතිද්දී ගමන් කරමින් තිබූ බස් රථයක් මගීන් සමඟ ජල කඳ මැද කොටුවී තිබිය දී නිරුපද්‍රිතව ගොඩ බිමට රැගෙන ආ මෙහෙයුම පිළිබඳ දෝංකාරය මෙහි තවම මැකී ගොස් නැත. එයට මුල්වී ක‍්‍රියා කළ වීරයින් දෙදෙනෙකි, මෙහි එන මොහමඞ් සහ පවාස්. මේ දිගහැරුම ගංවතුරට ගසාගෙන නොගිය ඒ මනුස්සකම පිළිබඳ ය.

”මිනිස්සු පනස් හතර දෙනෙක් එක්ක බස් එකක් ගංවතුරට කොටුවෙලා.හැමෝම පණ බයේ විලාප දෙනවලූ බේර ගන්න කියලා.”මහවැලි ගෙඟ් කුලියට වැලි ගොඩ දමන කම්කරුවකු වන පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ජවුපර්ඞීන් මොහමඞ් මජීඞ්ට මේ ආර.චිය ලැබුණේ සිකුරාදා අලූයම 2.30ට පමණය.මහවැසි හේතුවෙන් මේ දිනවල මහවැලි ගඟ පිටාර ගලන නිසා තාවකාලිකව රැුකියාවත් අහිමිව සිටින ඔහු ඒ වනවිට සිටියේ ගල්ලෑල්ලේ අම්බාස් හොටලය අසල සිය මිතුරා පවාස්ද සමඟිනි.

”පොඩි ළමයි, බබාල හම්බ වෙන්න ඉන්න අම්මලා ගෑනු අය ගොඩක් දෙනෙක් ඉන්නව කියල කියන්නේ.” ආරංචිය ගෙනආ අය හතිලමින් වැඩිදුරටත් පැවැසීය.දරුවන් දෙදෙනෙකුගේ පියෙකුවන මොහමඞ්ට එකෙනෙහිම දරුදුක දැනුනේය. දෙවරක් කල්පනා නොකොට හෙතෙම පවාස්ද කැටුව පොලොන්නරුව මඩකළපුව ප‍්‍රධාන මාර්ගය ගංවතුරට යටවී තිබෙන තැනට වේගයෙන් දිව ගියේය.කාරණය සැබෑවකි.පොලීසියේ ජීවිතාරක්ෂක කණ්ඩායම් ඇතුළු බොහෝ පිරිසක් එතැනට රැස්ව සිටිනු මොහමඞ්ට එහි ගිය පසු දැකගත හැකිවිය.එහෙත් ගංවතුරට කොටුවූ බස් රථයක් ඇසට පේන මානයක නොවීය.ගංවතුරේ නැෙඟන සැඩ පහරේ ඝෝෂාව හැර කවුරුන්හෝ නඟන විළාපයක්ද එවේලේ ඔහුට නෑසුණි.

මොහමඞ් සහ පවාස්

”බස් එක ගංවතුරට කොටුවෙලා තියෙන්නේ මීට ගොඩක් එහා. බස් එක ඇතුලේ ඉන්න කෙනෙක් පොලීසියේ ලොකු මහත්තයාට ටෙලිපෝන් කරලා තියෙන්නේ. බස් එක ඇතුලේ ලොකු සෙනඟක් ඉන්නව කියලයි කියන්නේ ඒ වැඩි විස්තරය එතැන සිටි මොහමඞ් දන්නා හඳුනන අයෙකුගෙනි. මේ කියන අන්දමට බස් එක ඇත්තේ ගොඩ බිමට තරමක් දුරින් බව ඔහුට තේරුම් ගියේය. එමෙන්ම මාර්ගයේ ගංවතුර මට්ටම අඩි හතකට පමණ ආසන්නව තිබෙන හෙයින් කළ යුත්තක් නොපමාව කලයුතු බව තම මිතුරා පවාස්ට කීය.

.මොකද කරන්නේ අපි පීනලා යමුද බස් එක තියෙන තැනට. ඒ යෝජනාවද මොහමඞ් ගෙන්මය.දවස පුරා මහවැලි ගෙඟ් වැලි ගොඩ දමන්නට එහි ජලකඳ සමඟ එකට පොරබදන සගයාගේ මේ ඉල්ලීම අවදානම් සහිත එකක් වුවද පවාස් එය ඉවතදැමුවේ නැත. ”හරි මං එනවා පීනලා යන්න” පවාස් එකඟවිය. අඳුර මැදින් ඔවුන් දෙදෙනා පොලීසියේ ලොකුමහත්තයා සිටින තැන සොයාගෙන ගියේය. පොලොන්නරුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ජරූල් මහතා ද කලයුත්තක් ගැන නිශ්චිත තීරණයකට එළඹිය නොහැකිව පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ කථා බහ කරමින් සිටියදී මොමඞ්ගේ සහ පවාස්ගේ පැමිණීම එක්තරා අන්දමක සතුටට කාරණයක්ද විය.

ඔවුන්ගේ පිහිනුම් හපන්කම් පිළිබඳව පොලිස් ප‍්‍රධානියා මිට පෙර දැන සිටි නිසාවෙනි.

”සර් අපි බස් එක තියෙන තැනට පීනලා යන්නයි හදන්නේ.” මිතුරා පවාස් පෙන්වමින් මොහමඞ් කීවේය.හිතන තරම් ලේසි වෙන එක්ක නෑ නේද? සැඩ පහර හරිම සැරයි.ඔවුන්ගේ තීරණයට එක්වරම එක්වරම එකඟතාවය පළනොකරමින් පොලිස් ප‍්‍රධානියා කීවේය.”.නෑ සර් අපිට යන්න පුළුවන්.කොහොම හරි යන්නම්. මොහමඞ් සහ පවාස්ගේ එක්වර පිළිතුර විය.

අලි ඇතුන් පවා ගසාගෙන යන මහා සැඩ පහරක් සහිත ගංවතුරක පිහිනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මොවුන්ද නොදන්නවා නොවේ.එහෙත් අභියෝගයක් බාර ගැනීම නොව ආරංචියේ හැටියට මිනිස් ජීවිත රැුසක් අනතුරක දොරකඩ තිබියදී මේ තීරණය හැර වෙනත් දෙයක් නොවන බව තේරුම් ගත් ඔවුහු මගීන් රැුගත් බසය තිබෙන තැනට යාමට ගංවතුරට පැන්නාහ.සැඩ පහරේ සැර ගතේ සවිය පරදවන්නට කිහිප විටක් උත්සාහ දැරූවද හිතේ වාරුව ඊට වඩා බලවත්වීදෝ සෑහෙන වේලාවකින් සිය ඉලක්කය කරා යාමට තරුණයෝ දෙදෙන සමත්වූහ.සැබැවින්ම තමන් සිතාසිටියාටත් වඩා තත්වය බරපතල ඔවුනට බැව් තේරුම් ගියේ බසය තුලට ඇතුලූවූ පසුය.අනේ අපිව බේරා ගන්නෝ යන එකම විලාපයෙන් දෙසවන් තුල දෙන දෝංකාරය මැද අඳුරේ පිරික්සා බැලූවිට මොහමඞ්ට සහ පයාස්ට පෙනී ගියේ ඒ වන විට බස් රථයේ මගී ආසන මට්ටමට වතුරෙන් යටවී තිබෙන බවයි.කුඩා දරුවන්, කාන්තාවන්,ගැබිණි මව්වරුන් වැඩිහිටියන් ඇතුළුව මගීහු 54 දෙනෙකු බස්රිය තුල සිටින බවද දැන ගත්තේය. ඔවුහු සියල්ලෝම පෙරකී පරිදි විලාප නඟමින් උන්නේ තමන් එතෙක් වේලා අසුන් ගෙන සිටි ආසන මතට නැඟීගෙනය.

බස් රථය මගීන් සමඟ ජල කඳ මැද කොටුවී තිබිය දී

බසය තුල සිටි අයෙකුගේ ජංගම දුරකථනයෙන් මොහමඞ් පොලීසියේ ලොකු මහත්තයා ඇමතීය.”සර් අපි දැන් බස් එක ඇතුලට ඇවිල්ල ඉන්නේ.සෙනඟ පණහකට වැඩිය ඉන්නවා. පොඩි ළමයි,බබාල හම්බවෙන්න ඉන්න අම්මලා මේ හැමෝම බය වෙලා විලාප දෙනවා ඒ අයව බේරගන්න කියලා. දැන් සර් බස් එකේ සීට් මට්ටමට එනකල් වතුර ඇවිල්ල තියෙන්නේ මොකද අපි කරන්නේ.” ”මොහමඞ් ඔයාල ඔහොම ඉන්න. කට්ටියට කියන්න කළබල වෙන්න එපා කියලා.අපේ පොලීසියේ පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම දැන් එනවා බෝට්ටුවේ. ඔයාලා එයාලට උදව් කරන්න සෙනඟ ගොඩට ගන්න.”
”පොලීසියේ ලොකු මහත්තයා කිව්ව විදියට ටික වෙලාවකින් බෝට්ටුව අවා. අපි මුලින්ම පොඩි ලමයි,ගෑණු අයව,බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා කීප දෙනෙක් බෝට්ටුවට ගොඩ කලා.ඒ අයව රේල් පාර පැත්තෙන් අරගෙන ගිහිල්ලා රේල් පාරට ගොඩ කලා.ඒ විදියට දෙපාරකට පහලොස් දෙනෙක් අරගෙන ගියා.තුන්වෙනි පාර ගන්න එනකොට බෝට්ටුව සැඩ පහරට ගහගෙන ගිහිල්ලා කුඹුක් ගහක හැපුණා.ඒ වැදුණු පාරට බෝට්ටුවෙ කොටසක් කැඩිලා ගියා.ඊට පස්සෙ පොලීසියේ මහත්තුරු බැකෝ එකක් ගෙනල්ලා බස් ගොඩට අදින්න හැදුවා,බැරි වුණා ඊට පස්සේ ලොකු ස්කැවේටර් එකක් ගෙනල්ලා බොහොම අමාරුවෙන් බස් එක ගොඩට ඇදලා ගත්තා.ගොඩක් දෙනෙක්් මේ වැඬේට මහන්සි වුණා.තමන්ගේ ජිවිතය ගැන හිතන්නේ නැතුවයි අනෙක් අයගේ ජීවිත බේරගන්න දැඟලූවේ.අපිටත් හරිම සතුටුයි සිද්ධ වෙන්න ගිය ලොකු අනතුරක් මේ විදියට වළක්වාගෙන ඒ ජීවිත බේරගන්න ලැබිම ගැන. මොහමඞ් සහ පවාස් එසේ පැවැසුවේ දෑස් කෙවෙනිවල එක්වෙමින් තිබු කඳුලූ කැට දෑත්වලින් පිස දමමිනි.

”මේ වැලි ගොඩදාන තරුණයෝ දෙන්න නොහිටියානම් වැඬේ ගොඩක් අසීරු වෙනවා.ඒ දෙන්නගේ කැපවීම ඉතා ඉහළයි.ඒක අගය කරන්න ඕන.”පොලොන්නරුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක,ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්.එස්.එම්.ජරූල් මහතා ප‍්‍රකාශ කලේ එය පැසසුමට ලක් කරමිනි.