Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සංස්කෘතිය තීරණය වන්නේ පරිසරය මත මිස
උපතින් නොවේ!

බහු සංස්කෘතික ප්‍රජාවක් ජීවත් වන ස්ථානයක් වශයෙන් එකිනෙකා ගැන හොඳින් දැන ගැනීම වැරැද්දක් නැහැ. සියලු දෙනා එය කළ යුතුයි. මෙසේ පවසන්නේ රූපවාහිනියෙන් විශාල ප්‍රමාණයක් හඳුනාගනු ලැබූ නිළියක වන නිරංජනී ශන්මුගරාජා ය. මෑතකදී එළි දක්වන ලද සැලකියයුතු දර්ශන ප්‍රමාණයක් දෙමලෙන් අඩංගු වන සුනාමි චිත්‍රපටියෙහි ප්‍රධාන චරිතයක් ඇය රඟපායි. සුනාමි චිත්‍රපටය නිෂ්පාදනය හා එළිදැක්වීම සම්බන්ධව නිරංජනී ශන්මුගරාජා සමඟ කළ සාකච්ඡාවකි මේ.

23.03.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය

දෙමළ නිළියක් හැටියක් වශයෙන් ඔබ සිංහල චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලබා ගන්නේ කොහොමද?

මම  ඉපදුනේ හා හැදුනේ වැඩුනේ නුවර. මම මුස්ලිම් පාසලක දෙමළ භාෂාවෙන් ඉගෙන ගත්තෙ. මම මගේ පාසල් කාලේ කුරාන් හා කිසීදා කටපාඩමින් කියන්න හැකියාව ලැබුණා. මම මගේ ආගම දන්න තරමටම ඉස්ලාම් ධර්මය ගැනත් දන්නවා. ඒ වගේම මා සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳවත් ඉතා හොඳින් දන්නවා. බහුසංස්කෘතික ප්‍රජාවන් ජීවත් වන රටක එකිනෙකා ගැන හොඳින් දැන් ගැනීම වැරැද්දක් නැහැ. ඒ වගේම සියලු දෙනා එය කළ යුතුයි.

ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ කොට පවත්වන ලද නාට්‍ය තරඟ තරගාවලියකදී සිංහල කතා කරන දෙමළ කාන්තාවකගේ චරිතය නිරූපණයට මම හොඳම නිළිය සම්මානය දිනාගත්තා. සිංහල වේදිකා නාට්‍ය තරගාවලියක දෙමළ කාන්තාවක් හොඳම නිළිය සම්මානය දිනා ගත් පළමු අවස්ථාව තමයි ඒ.

ඔබ  මෑතකදී එළි දැක්වූ සුනාමි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපානවා. එයට කලින් ඔබගේ චිත්‍රපට අත්දැකීම් සම්බන්ධයෙන් අපට කියන්න.

මුලින්ම මම ගායනයට තමයි වැඩි ක කැමැත්තක් දැක්වුයේ. මා විවිධ ගායනා තරග සඳහා සහභාගි වෙලා ගීත ගායනා කළා. ඊට පස්සේ මම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වශයෙන් සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේ මට  ඉනි අවන්  චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ කාලේ ශ්‍රී ලංකාවේ සිනමාවේ දෙමළ නිළියන් ඉතාමත් හිගයි.  2011 ඉනි අවන්  චිත්‍රපටය රඟපාන අවස්ථාවේදී මම සිනමාවට සම්බන්ධ වුණා. යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශය සංවර්ධනය කළ යුතුයි යන අදහස හා යුද්ධයෙන් පසු තරුණයන් මුහුණ දුන් ගැටලු මොනවාද කියන එක මෙම චිත්‍රපටයට කේන්ද්‍ර වුනේ.   2012 චිත්‍රපටය එළිදැක්වුණා. 2013 පැවැති ජාතික සිනමා සම්මාන උළෙලේදී මගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනා ගන්න මට හැකියාව ලැබුණා.

එතැන් සිට මා තවත්  චිත්‍රපට හතක රගපෑවා. ලංකා සිනමාවේ පළමු ද්‍රවිඩ නිළිය වුණේ අද්විතීය සිනමා නිළි රුක්මණී දේවි. ඒ තමයි පළමු සිංහල සිනමා නිළිය. මට කියන්න ආඩම්බරයි රුක්මණී දේවියගෙන් පස්සේ සිංහල සිනමාවට එක් වූ එකම දෙමළ ජාතික නිළිය තමයි මම.

අපිට කියන්න මේ චිත්‍රපටිය කොහොමද සිද්ධ වුණේ කියලා?

ලංකාව ඇතුළුව මේ කලාපය හටගත් දරුණුම හා විශාලතම ස්වභාවික ආපදාවක් සුනාමිය. විශාල ප්‍රමාණයක් තුවාලකරුවන් බවට පත්වුණා. මෙම කතාව ශ්‍රී ලංකාවේ සිදු වූ සත්‍ය සිද්ධියක් පදනම් කරමින් නිර්මාණය වුණා. ඒ 2004  අතුරුදන් වූ ළමයකු සම්බන්ධ කතා පුවතක්. මේ සිද්ධියට දෙමාපිය යුවළ නමයක්  කල්මුනෙයි මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කලත් ජාන පරීක්ෂාවක් මගින් අදාල සිද්ධියට සම්බන්ධ දරුවා සතය්‍ය දෙමව්පියන් වෙත භාර කරනු ලැබුවා. මේ සිද්ධිය ඉතාම සුළු වෙනස්කම් සහිතව මේ චිත්‍රපටිය දිගහැරෙනවා. රූපගත කිරීම් කළේ ත්‍රිකුණාමලය, කුච්චවේලී, නුවර, දිගන,  මීගමුව හා හම්බන්තොට වගේ ප්‍රදේශවල. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි කල්‍යාණි කියන දරුවන් දෙදෙනකුගේ මව. එය තමයි මා මෙහි රඟන චරිතය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කලාශූරී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක. ඔහු අන්තර්ජාතික සම්මාන ලබා ගත්  චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙක්.

චිත්‍රපටය තියෙන ඊට ආවේ ආවේණික භාෂා සම්මිශ්‍රණයෙන් සම්බන්ධව අපට යමක් සඳහන් කරන්න

සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනම මේ චිත්‍රපටියට භාවිත කරලා තියෙනවා. ඕනෑම කෙනෙක්ට ඒ කතාව තේරුම් ගත හැකි විදියට තමයි මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ. දෙබස් සිංහලෙන් පවතින විට දෙමළ භාෂාවෙන් උපසිරැසි ඇතුලත් වෙනවා. චිත්‍රපටය නරඹන්නට භාෂාව බාධාවක් නොවන පරිදි ඒ විදියට තමයි එය නිෂ්පාදනය කරලා තියෙන්නේ.

චිත්‍රපටය අපට දෙන පණිවිඩයය කුමක් ද?

කෙනෙකුගේ උපතින් ඔහුගේ ආගම හෝ සංස්කෘතිය නිර්ණය කරන්න බැහැ. මේ චිත්‍රපටියේදී එය අපට පැහැදිලිවම පෙන්නුම් කරනවා. ඒක පාරිසරිකව තමයි විනිශ්චය කරන්නේ කියලා. මේ ළමයා දෙමළ දෙමව්පියන්ට දාව උපදිනවා. අවුරුදු 12ක් සිංහල දෙමව්පියන් සමග ජීවත් වෙනවා. නීතිය ඉදිරියට පැමිණි විට එය සෙනෙහස හා  මනුෂ්‍යත්වයේ ගැටලුවක් බවට පත්වෙනවා. චිත්‍රපටිය විතරක් නෙවෙයි යථාර්ථයේදී ස්වභාවධර්මය ඉදිරියේ සියලු දෙනා සමානයින් බව ඔප්පු කරනවා. එය සංහිඳියාව ප්‍රමුඛ කොට ගත් චිත්‍රපටයක අනිවාර්ය ලක්ෂණයක්.

කලාව හරහා සංහිඳයාව සිදුකළ හැකිද?

සංහිහිඳියාව පදනම් කරගත් කලා කටයුතු සිදු කරලා තියෙනවා. මේ තේමාව යටතේ නාට්‍ය හා චිත්‍රපට තවමත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. සෑම මනසක්ම වෙනස් විය යුතු වෙනවා. කලාකරුවන් වුණත් වෙනස් විය යුතුය. ඔවුන් ඔවුන්ගේ මනස් වෙන්ස් කරගත් යුතුයි. එහෙම වුණොත් තමයි අපට සංහිඳියාව යථාර්ථයක් කරගන්න පුළුවන් වෙන්නේ.