Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ලුණු වතුර බොන
බේරුවල මිනිස්සු

කළුතර, කෙත්හේන පොම්පාගාරයෙන් නිකුත් කරන ජලයට මේ දිනවල ලවණ මිශ්‍රවීම නිසා දිස්ත්‍රික්කයේ ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටී. වියළි කාලගුණයත් සමග කළු ගඟට ලවණ මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පීඩා විදින පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න ය.

10.04.2020  |  
කඵතර දිස්ත්‍රික්කය

එදිනෙදා කටයුතු නිසියාකර සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බව ඔවුන් පවසයි. කළු ගඟ ඔස්සේ ජලය ගලා බසින මෝය 2015 සහ 2016 වසරවල මුහුදු කෑමට ලක්වීම හේතුවෙන් ලවණ මිශ්‍රවීමේ ගැටලුව උග්‍ර වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි .

මින් වැඩිම ජනතාවක් පිඩාවට පත්ව සිටින ප්‍රදේශයක් ලෙස බේරුවල අලුත්ගම හැඳින්විය හැක. මේ ප්‍රදේශයේ සිංහල ,මුස්ලිම් ,දෙමළ යන ජන වර්ග තුනම වාසය කරන අතර මේ ජනතාවට ජලයෙන් සහනයක් සැලසීමට වසර කීපයක සිට කටයුතු කරන සමාජ සේවකයෙකු පිළිබඳ කතාවයි මේ.