Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වැට් බදු සංශෝධනය:
මෙහෙම ගියොත් ව්‍යාපාර වැහිල යාවි

තිලකසිරි රත්නායක, පිටකොටුව කෝප් ෆෙඞ් කිරිහලේ කළමනාකාරවරයාය. වැට් බදු සංශෝධනය ඔහු සේවය කරන වෙළෙඳ ව්‍යාපාරයට සෘජු බලපෑමක් නොකළත්, ඔහුගේ නිරීක්ෂණ, බදු වැඩි වීමෙන් ඇති කරන බලපෑම්වල සංකීර්ණ ස්වරූපය තේරුම්ගැනීමට අතිශය වැදගත් වේ. වැට් බදු වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන ඔබ දැනුවත්ද? ඔව්. ඒත් මේ ව්‍යාපාරය අයිතිවෙන්නෙ සමූපකාර සමිතියකට නිසා කෙළින්ම ඒකෙන් බලපෑමක් නෑ. […]

02.08.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය

තිලකසිරි රත්නායක, පිටකොටුව කෝප් ෆෙඞ් කිරිහලේ කළමනාකාරවරයාය. වැට් බදු සංශෝධනය ඔහු සේවය කරන වෙළෙඳ ව්‍යාපාරයට සෘජු බලපෑමක් නොකළත්, ඔහුගේ නිරීක්ෂණ, බදු වැඩි වීමෙන් ඇති කරන බලපෑම්වල සංකීර්ණ ස්වරූපය තේරුම්ගැනීමට අතිශය වැදගත් වේ.

වැට් බදු වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන ඔබ දැනුවත්ද?

ඔව්. ඒත් මේ ව්‍යාපාරය අයිතිවෙන්නෙ සමූපකාර සමිතියකට නිසා කෙළින්ම ඒකෙන් බලපෑමක් නෑ. නමුත් බදු වැඩි කළාම ඒක හැම අංශෙකටම බලපානවා.

ඒ බලපෑම ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

බදු වැඩි වුණාම බඩු මිල වැඩිවෙනවා. ජීවන වියදම ඉහළ යනවා. සේවාවල මිල ඉහළ යන්න ඒක හේතු වෙනවා. හොඳම උදාහරණය තමයි මේ වෙළෙඳසැලට කොළකැඳ සපයන සැපයුම්කරු, රු 30ට අලවි කරන කොළකැඳ වීදුරුව රු. 40ක් කරන්න ඉල්ලා හිටිනවා. කොළවලට බදු නැති වුණත්, ගෑස්, ප්‍රවාහන වියදම්, සේවක කුලී ආදිය ඉහළ ගියාම ඒක නිෂ්පාදනයේ මිලට එකතු වෙනවා. පසුගිය කාලයේ කිරි නිෂ්පාදනවල මිල ඉහළ ගියා. රු.40ට තිබුණු කිරි එක කෙටි කාලයක් ඇතුළත රු. 60ක් වෙලා. රු. 200ට තිබුණු කිරි හට්ටිය රු. 240ට වැඩි වුණා. මැටි හට්ටියේ මිල ඉහළ යෑමත් ඒකට හේතුවක්. මේ නිසා අලවිය පහළ ගිහින් තියනවා. වෙනද සතියකට එයින් කිරි හට්ටි 80ක් ගත්තා. දැන් 40යි ගන්නෙ.

පසුගිය වසරවලට සාපේක්ෂව ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක්ද-පසුබෑමක්ද තිබෙන්නෙ?

කොටින්ම කිව්වොත් දැන් බිස්නස් නෑ. වෙනද මෙහෙම කතා කර කර ඉන්න ලැබෙන්නෙ නෑ. හැම මොහොතෙම අත නොනවත්වා වැඩ. මේකෙ සෙනග පිරිලා. දැන් මිනිස්සු වියදම් කරන්නෙ අත්‍යවශ්‍යම දේකට විතරයි. කිරි එකක් බොන්නත් දෙපාරක් හිතනවා.

මේ මොහොතේ බදු වැඩි කිරීම සාධාරණද-අසාධාරණද?

කොහෙත්ම සාධාරණ නෑ. මෙහෙම ගියොත් සමහර ව්‍යාපාර වැහිලම යාවි.

බදු වැඩි කිරීමෙන් තොරව, රජයේ ආදායම් ඉහළ නැංවීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග මොනවාද?

රටේ නිෂ්පාදන අංශය වැඩිදියුණු කිරීමට පියවර ගත යුතුයි. දැනට පවතින පිළිවෙත අනුව සිදුවන්නේ තව තවත් නිෂ්පාදන අධෛර්යමත් වීමයි.