Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වැට් බදු සංශෝධනය:
වියදම වැඩිවෙනවා, හම්බවෙන්නෙ එකම ගාණ

වාලික්කන් සෙල්වරාජ් පිටකොටුව වේල්ලවීදියේ සපත්තු අලූත්වැඩියා කිරීමේ රැකියාවේ නිරතවන්නෙකි. වැට් බදු වැඩි කිරීම ඔහුට කවර අන්දමින් බලපාවිද? ආණ්ඩුව වැට් බදු වැඩිකිරීම ගැන දන්නවද? ඔව් බදු වැඩිවුණා කියලා දන්නවා. බජාර් එකේ හැමෝමත් ඒ ගැන කතා වෙනවා. වැඩ කරගන්න එන මහත්තුරු නෝනලත් කතා වෙනවා. අහලා තමයි දන්නෙ මට පත්තර කියවන්න නම් බෑ. වැට් බදු වැඩිවීම ඔබට බලපාන්නේ […]

02.08.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය
වාලික්කන් සෙල්වරාජ්

වාලික්කන් සෙල්වරාජ් පිටකොටුව වේල්ලවීදියේ සපත්තු අලූත්වැඩියා කිරීමේ රැකියාවේ නිරතවන්නෙකි. වැට් බදු වැඩි කිරීම ඔහුට කවර අන්දමින් බලපාවිද?

ආණ්ඩුව වැට් බදු වැඩිකිරීම ගැන දන්නවද?

ඔව් බදු වැඩිවුණා කියලා දන්නවා. බජාර් එකේ හැමෝමත් ඒ ගැන කතා වෙනවා. වැඩ කරගන්න එන මහත්තුරු නෝනලත් කතා වෙනවා. අහලා තමයි දන්නෙ මට පත්තර කියවන්න නම් බෑ.

වැට් බදු වැඩිවීම ඔබට බලපාන්නේ කොහොමද?

මගේ නෝනා මැරිලා. දරුවෝ වෙනම ඉන්නේ. මං ඉන්නෙ ඉබ්බගෙවත්තෙ ලෑලි ගේක. කන්නෙ කඩෙන්. එක එක ගණන්වලට කෑම තියෙනවා. මම ගන්න ලාබම කෑම එක රුපියල් 80යි. රෑට හොදිත් එක්ක පාන් කාලක් කනවා. හොඳ කෑම කන්න නම් වැඩියෙන් හම්බ කරන්න ඕන. දවසට රුපියල් පන්සීයක් හම්බකරලා මදි. ඒ වුණාට මං කොහොමද සපත්තු මහන ගාණ වැඩිකරන්නෙ. සමහරු සපත්තුවක කොන මහලා ගාණ රුපියල් 30යි කිව්වම ඒක දෙන්නෙත් බැණ බැණ.

මේ ආණ්ඩුව පත්වුණාට පස්සෙ ආදායමේ වෙනසක් වුණාද?

දැනෙන්න තරම් වෙනසක් නෑ. ආණ්ඩු මාරුවුණා විතරයි. මගේ ලෑලි ගේ කැඩෙන්න ඔන්න මෙන්න. ඒක ගංවතුරට අහුවුණාම රුපියල් දහදාහක් දෙන්නම් කියලා ෆෝම් පුරවාගත්තා තවම දුන්නෙ නෑ.

මේ වෙලාවේ වැට් බද්ද වැඩිකරන එක සාධාරණද?

අසාධාරණයි. මොකද මිනිස්සු අමාරුවෙන්නේ ඉන්නෙ. හැබැයි ආණ්ඩුව දන්නවා මිනිස්සු මොනව නොකළත් හාල් කාලක් තම්බගෙන සම්බෝලයක් එක්ක හරි කනව කියලා. ඒකයි බදු වැඩි කරන්නෙ.

රට දියුණු කරන්න නම් බදු වැඩි නොකර ආණ්ඩුව මොනවද කරන්න ඕන.

මං කලින් කළේ නාටාමි රස්සාව, දැන් ඒව කරන්න ඇඟ හයිය නෑ. එතකොට කච්චේරියෙන් අත්කරත්ත බෙදුවා. මාත් එකක් ඉල්ලූවා. දුන්නෙ නෑ. ඒවා දුන්නෙ මන්ත්‍රීලාට හිතවත් අයට. හැමදේම වෙන්නෙ හිතවත් කමට. රට හදන්න නම් ඒක නවත්තන්න ඕන. අනිත් එක අපි වගේ මිනිස්සුන්ගෙනුත්, සල්ලි තියෙන අයගෙනුත් එක විදියට අරන් බෑ. එයාලගෙන් වැඩිපුර ගන්න ඕන. පොඩි මිනිහට සහනයක් දෙන්න ඕන.