Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වැට් බදු සංශෝධනය:
අවසානෙදි බර පැටවෙන්නෙ ජනතාවටයි

 සිවලිංගම් සෙල්වරාජ් පිටකොටුව බස්තියන් මාවතේ තොග හා සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන්නෙකි. රුපියල් 32 000කට වැඩි පිරිවැටුමක් සහිත ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරයට වැට් බදු වැඩි කිරීම කවර අන්දමින් බලපානු ඇතිද? ඔබ ආණ්ඩුවට වැට් බදු ගෙවනවාද? ඔව්! අලුත් සංශෝධන අනුව වැට් බද්ද ගෙවන්න සිද්ද වෙලා තියෙනවා. වැට් බදු ගෙවන ආදායම් මට්ටම වෙනස් කිරීම ඔබට බලපාන්නෙ කොහොමද? ආදායම වැඩිවීමත් […]

05.08.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය
සිවලිංගම් සෙල්වරාජ්

 සිවලිංගම් සෙල්වරාජ් පිටකොටුව බස්තියන් මාවතේ තොග හා සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන්නෙකි. රුපියල් 32 000කට වැඩි පිරිවැටුමක් සහිත ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරයට වැට් බදු වැඩි කිරීම කවර අන්දමින් බලපානු ඇතිද?

ඔබ ආණ්ඩුවට වැට් බදු ගෙවනවාද?

ඔව්! අලුත් සංශෝධන අනුව වැට් බද්ද ගෙවන්න සිද්ද වෙලා තියෙනවා.

වැට් බදු ගෙවන ආදායම් මට්ටම වෙනස් කිරීම ඔබට බලපාන්නෙ කොහොමද?

ආදායම වැඩිවීමත් එක්ක වැට් බද්ද ගෙවන්න වෙනවා. අපි මේ වෙළඳාම කරන්නෙ සුළු ලාබයක් තියාගෙනයි. ඒවගේ තත්ත්වයකදි ලැබෙන ආදායමට අනුව වැට් බදු අය කිරීමට තීරණය කිරීම නිසා අපි තවත් අමාරුවෙ වැටෙනවා. මොකද අපි බඩු ගන්නෙ ආනයනකරුවන්ගෙන් නෙමෙයි. එහෙම ගන්නවනම් වැට් බදු ගෙවන්න අමාරු නෑ. ඒත් අපි බඩු ගන්නෙ අතරමැදියන් හරහායි. එතකොට මේ බද්ද අයවෙන්නෙ කාගෙන්ද කියලා හොයා ගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. අන්තිමට මේ නිසා අමාරුවෙ වැටෙන්නෙ අපියි.

ආණ්ඩුව වෙනස් වුණාට පස්සෙ බිස්නස් එක කොහොමද? ආදායම් තත්ත්වෙ ඉහළ ගිහින්ද?

ආදායම තරමක් පහළ බැහැලයි තියෙන්නේ.

එහෙම වුණේ කොහොමද‍?

මේ වැට් සිස්ටම් එක නිසා මිනිස්සු බඩු ගන්නෙ අඩුවෙන්.

මේ මොහොතෙ වැට් බද්ද වැඩි කරන එක ගැන මොකද හිතෙන්නෙ?

ජනතාවගේ පැත්තෙන් ගත්තත් අසාධාරණයි. වැට් බදු වැඩි කළොත් අපටත් ඒක භාණ්ඩවලට එකතු කරන්න වෙනවා. එතකොට අවාසිය ජනතාවටයි. වෙළෙන්දන්ට ඒ තරම් අවාසියක් වෙන්නෙ නෑ. අවසානෙදි බර පැටවෙන්නෙ ජනතාවටයි.

වැට් ගෙවන්න හදලා තියෙන ක්‍රමයට එකඟද?

එකඟ වෙන්නෙ කොහොමද? ආනයනය කරන අය ගෙන් බඩු ගනිද්දි වැට් බද්ද අල්ලන්නෙ කාගෙන්ද කියලා හොයන්න බෑ. අනිත් කාරණේ වැට් බද්ද අය වෙන පිළිවෙළ ගැනත් ඒකට අදාළ භාණ්ඩ ගැනයි ජනතාව දැනුවත් නෑ. භාණ්ඩයකට රුපියල් දෙකක් අමතරව අය කළොත් මිනිස්සු අහනව ඇයි වැඩියෙන් ගන්නෙ කියලා. මේ පිළිවෙළ තේරුම් ගත්ත අය වගේම නොගත්ත අයත් ඉන්නවා. මෙයින් සියයට 70 ක් ම දෙනාට වැට් ගැන හරි අවබෝධයක් නෑ.කලින් ඉඳලම මේ වැට් සිස්ටම් එක තිබුණ නම් මේ ප්‍රශ්න නෑ.

බදු වැඩි කරන එක හැර ආදායම් ලබා ගන්න ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැද්ද?

ඒක කියන්න බෑ. දේශපාලනඥයො මාරු වෙනවා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට තීරණ වෙනස් වෙනවා.