මිනිසත් බවේ ආගමික සලකුණ:
නජිබ් ඞීන්
එක් දහස් නවසිය පහළොවේ සිංහල – මුස්ලිම් කෝලාහලය පිළිබඳ පොතපතින් ලද කියැවීම අලුත් මිනිසකු නිර්මාණය වීමේ පළමු පාඩම විය. කිසිකලෙක මිනිසුන් ජාතිය, ආගම, කුලය හෝ වෙන කිසියම් ම බෙදීමකට ගොදුරු නොවිය යුතුයැයි කුඩා කාලයේදීම වටහා ගත්, අද එහි සතුට අත් විඳින මාතර කොටුවේගොඩ උපන් ‘නජිබ් ඞීන්’ ගේ කතාවයි මේ.
මාතර කොටුවේගොඩ උපන් ‘නජිබ් ඞීන්’ ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත මරියා කන්‍යාරාමයෙනි. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුළුවන්නේ උසස් අධ්‍යාපනය සඳහාය. පවුලේ සහෝදර සහෝදරියන් හත්දෙනකු අතරින් තුන්වැනියා ‘නජිබ් ඞීන්’ය. ඞීන්ගේ ලොකු තාත්තා 1945 ‘ඞීන් බ‍්‍රදර්ස්’ ආරම්භ කරන්නේ මාතර කොටුවේගොඩය. අලෙවි කෙරෙන්නේ යකඩ බඩුය. ඉස්ලාම් භක්තිකයකු වූ පියාගේ ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුරම සේවය කළේ කොටුවේගොඩ බෞද්ධ ආගමික පිරිස් ය. ඞීන් වඩාත් පි‍්‍රය කළේ ඔහුට දැනුණු මේ මානව බැඳීමට ය. මුස්ලිම් ප‍්‍රජාව කතා කරන දෙමළ භාෂාව වෙනුවට ඔහු ඔහුගේ ලොකු තාත්තා ගෙන් සිංහල කතා කරන්නට ඉගෙන ගත්තේය.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඞීන් සමත් වූ විෂය වූයේ ඉංග‍්‍රීසි භාෂාව පමණ ය. ලොකු තාත්තාගේ පවුලේ සහ ඞීන්ගේ පවුලේ පිරිමි දහයක් අතුරින් ‘ඞීන් බ‍්‍රදර්ස්’ ආයතනය පවත්වාගෙන යෑමේ වගකීම නජිබ් ඞීන් වෙත පැවරෙන්නේ මීට වසර 48කට පෙර හෙවත් 1970 වර්ෂයේදීය.
”1960-70 අවුරුදුවල ව්‍යාපාර කටයුතු සෑහෙන්න බිඳ වැටිලා තිබුණේ වහල දාන්න ඔන්න මෙන්න. 1977 ජූලි මාසේ ‘ඞීන් බ‍්‍රදර්ස්’ ආයතනය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යෑමේ වගකීම මට පැවරුණා. වසා දමන්න ඔන්න මෙන්න තිබුණු ව්‍යාපාරයක් කොහොමද ගොඩගන්නේ කියල හිතමින් මං වැඬේට බැස්සා.”
අලුත් වගකීමේ ඇරඹුම දැඩි අභියෝගකාරී විය. ඒ මාතරින් ජර්මන් බෙන්ස් ලොරියක මඩකළපුවට හාල් ගෙනියන ව්‍යාපාරිකයෙකු විය. මඩකළපුවෙන් ආපසු මාතර එන හිස් ලොරියේ අපිට ඩීන් ගේ වෙළෙඳසලට බඩු රැගෙන පිළිවෙළ විය. ඩීන් ව්‍යාපාරය භාර ගත්තාට පසු හාල් පටවාගෙන මඩකළපු යන ලොරියේ හාල් ගෝනියක් උඩ නැග මඩකළපු ගියේ ය. මාස දෙකකින් ඔවුන් ලද ආදායම තුන් ගුණයකින් වැඩි විය. මේ ලොරියේ යන එන ගමන්වලදී සිංහල, දෙමළ, මුස්ලිම් අය සමඟ පැවැති සබඳකම් වර්ධනය කර ගන්නට ද ඔහුට හැකි විය. ඒ ගනුදෙනු නිසාම ඔහු සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා තුනෙන් ම ගනුදෙනු කරන්නට ඉගෙන ගත්තේ ය. ඞීන්ගේ මේ ත‍්‍රිභාෂා හැකියාව ඔහුගේ සමාජ සීමා පුළුල් කරන්නට සමත් විය. පියාගේ මෙන්ම ලොකු තාත්තාගේද මිතුරන් වූයේ සිංහල දෙමළ ව්‍යාපාරිකයන්ය. එය 1983 දී ඇති වූ කළු ජූලිය ඞීන් ගේ සිතේ ඉතිරි කළේ වේදනාබර මතකයකි.
”කළු ජූලිය වෙලාවේ දෙමළ ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානවලට කරදර වැඩිවුණා. අපේ ලොකු තාත්තා දෙමළ ව්‍යාපාරිකයන්ට වගේම සාමාන්‍ය දෙමළ ජනතාවටත් ආරක්ෂාව දුන්නා. ඔවුන් ගෙදර හංගගෙන කන්න බොන්න දුන්නා. ආරක්ෂිත ස්ථානවලට ප‍්‍රදේශවලට යන්න උදව් කළා. දැනහැඳුනුම්කමට කොටුවේගොඩ හිටපු පිරිස වුණත් කාටවත් කරදර කරන්න ගියේ නෑ. අපට කරදර කරන්න ආවෙත් නෑ. මේක නිසාම දෙමළ අයට රැකවරණය දෙන්න පහසු වුණා.”
නජීබ් ඞීන් ව්‍යාපාරික කටයුතු භාරගෙන හරියටම වසර 13ක් සම්පූර්ණ වූයේ 1990දීය. එම වසරේ ඔහු දැවැන්ත පියවරක් තැබීය.
”1990 මං මගේම ව්‍යාපාරයක් ලෙස ඞීන් බ‍්‍රදර්ස් ඉම්පෝටර්ඞ් ලිමිටඞ්’ පටන් ගත්තා. බල මෙවලම් ආනයනය ආරම්භ වුණේ ඒ වර්ෂයේ. මම හරිනම් මේ ව්‍යාපාරය පටන් ගන්න ඕනෑ කොළඹ. ඒත් අපිත් එක්ක එකට වැඩ කළ ගමේ පිරිස්වලට රැකියා අවස්ථා ලබාදෙන්න ඕන නිසා විශේෂයෙන් මාතර සිංහල, දෙමළ, මුස්ලිම් සියලූදෙනාටම අවස්ථාව ලබාදීමට මං කල්පනා කළා. ඒක නිසා සියලු ව්‍යාපාර කටයුතු මාතර ආරම්භ කළා.”
මං ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ ඉගෙන ගනිද්දී සිංහල, දෙමළ වගේම බෞද්ධ, හින්දු, කතෝලික යන විවිධ ජාතිකත්ව ආගම්වලට අයත් පිරිස් මුණ ගැසුණා. ඒ මිශ‍්‍රවීම තමයි අපේ ජීවිත වෙනස් කළේ. ආගම තියෙන්න ඕනේ ඇඳුමේ නෙවෙයි හිතේ.
ඞීන්ගේ පියාට මෙන්ම ලොකු තාත්තාට ද මාතර කොටුවේගොඩ, කොටියාගොඩ, වෙහෙරහේන ආදී විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලා සමඟ සමීප සම්බන්ධතාවක් තිබිණි. නජීබ් ඞීන් මහතා සමාජ සේවකයකු කරන්නට එම තත්ත්වයද ඉවහල් වූයේය. මිශ‍්‍ර පාසල් අධ්‍යාපනය කෙනකුගේ ජීවිතය වෙනස් කරන්නට කෙතරම් බලපාන්නේදැයි නජීබ් ඞීන් ජීවමාන උදාහරණයකි.
”මං ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ ඉගෙන ගනිද්දී සිංහල, දෙමළ වගේම බෞද්ධ, හින්දු, කතෝලික යන විවිධ ජාතිකත්ව ආගම්වලට අයත් පිරිස් මුණ ගැසුණා. ඒ මිශ‍්‍රවීම තමයි අපේ ජීවිත වෙනස් කළේ. ආගම තියෙන්න ඕනේ ඇඳුමේ නෙවෙයි හිතේ. ඒ ආභරණයක් ලෙස නෙවෙයි, හරයාත්මකව. භාෂාව සන්නිවේදනයේ පහසුවට තිබිය යුත්තක් මිස එය වර්ග කිරීම සඳහා තිබෙන මෙවලමක් නෙවෙයි.”
නජීබ් ඩීන් කියයි.
ඔහු ගේ සේවය ලබා නොගත් පොදු ස්ථානයක් මාතර නැති තරම් ය. මාතර මහ රෝහලේ මෙන්ම ප‍්‍රදේශයේ විහාරස්ථානවලත් ඞීන් මහතාගේ කැපවීමෙන් ඉදිවූ ගොඩනැගිලි, භික්ෂු නේවාසිකාගාර, ධර්මශාලා, වාට්ටු සංකීර්ණ නැති තරම් ය. ප‍්‍රදේශයේ පාසල් සඳහා මෙන් ම ක‍්‍රීඩා සමාජ සඳහා ඔහු දක්වන ලද පරිත්‍යාගය හේතුවෙන් ජාත්‍යන්තර තරග නියෝජනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහි ව සිටියි.
කොටුවේගොඩ ජයසුමනාරාමයේ දෙමහල් සංඝාවාසයත්, මාතර රෝහලේ තුන් මහල් වාට්ටු සංකීර්ණය යා කරන ගුවන් පාලමත් ඞීන් මහතාගේ ප‍්‍රකාශයේ සත්‍ය බව අපට පසක් කර දෙයි. මාතර කතරගම හින්දු කෝවිලේ දුර බැහැරින් එන බැතිමතුන් සඳහා සත්කාරක සේවා සැපයීමද ඞීන් මහතාගේ තවත් සමාජ සත්කාරයකි. 2014 වර්ෂයේ සිට මාතර කොටුවේගොඩ වෙසක් මහා බත් දන්සැලක් ව්‍යාපාරික ස්ථානයේම පවත්වන්නේද නජිබ් ඞීන් මහතාය.
”1990 දී කොටුවේගොඩ තිබුණු දන්සැලක් දැකලා මටත් ආසා හිතුණා අවුරුදු හයකට කලින් තිබුණු ඒ ආසාව 2014 වසරේ ඉටුවුණා. බෞද්ධ බැතිමතුන් අටදහසකට වැඩි පිරිසකට ප‍්‍රණීත ආහාර වේලක් දීම අපි ආරම්භ කළා.”
‘නජිබ් ඞීන් ෆවුන්ඬේෂන්’ අධ්‍යාපන ආයතනය ඇත්තේ මාතර ගන්දරය. ගන්දර යනු නජිබ් ඞීන්ගේ මවගේ උපන් ගමය. මවට කරන කෘතගුණ දැක්වීමක් ලෙස පාසල් දරුවන් පන්සියයක් සඳහා විෂය දැනුම ලබාදීමටත් තරුණ තරුණියන් දෙසීයක් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබාදීමටත් නජිබ් ඞීන් මහතා කටයුතු කරයි.
”මේ ආයතනයේ වැඩිපුරම ඉන්නේ බෞද්ධ දරුවන්. වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන තරුණ පිරිසත් එහෙමයි. මාතර දිස්ත‍්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල්වලට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනක්ද නජීබ් ඞීන් ෆවුන්ඬේෂන් මගින් අපි ක‍්‍රියාත්මක කරනවා.”
මාතර පැවති උපසම්පදා මහෝත්සවයේ සියලූ ආහාර පිළියෙළ කිරීම නජීඞ් ඞීන් මහතා සහ එම ආයතනයේ සේවකයන්ගේද සහාය ඇතිව සිදුකෙරුණේ මාතර කොටුවේගොඩ පල්ලියේය. පල්ලියේ ප‍්‍රධාන පාලකවරයා ලෙස ඔහු සතියක් පුරා පල්ලියේ ශබ්ද විකාශන යන්ත‍්‍ර නිහඬකර තැබුවේය. මේ සියලූ කටයුතු මැද රටවල් 150ක් අතුරින් ‘බ්‍රෙස් බ‍්‍රෑන්ඞ්ස් එවෝඞ්ස්’ සම්මානය නජිබ් ඞීන් මහතා ගේ ඞීන් බ‍්‍රදර්ස් වෙත දිනාගැනීමට හේ සමත් විය. මාතර ගොඩපිටිය පල්ලිය අසල පිපිරූ බෝම්බයෙන් නජිබ් ඞීන් මහතාගේ වම් ඇසට හානි වූයේය. එසේ වුවද මේ සියලූ කටුකත්වයන් මැද තමා කුඩා කල දුටු සමබිමක සිහිනය ඔහු අතැර නැත.
”මේ රටේ තිබිය යුත්තේ මිශ‍්‍ර පාසල් ක‍්‍රමයක්. ආගම, ජාතිකත්වය, භාෂාව පදනම් කරගෙන පාසල් ඇති කිරීමට මං එකඟ නැහැ. ඒ වගේම ස්ත‍්‍රී පුරුෂ ලෙස වෙන් කිරීම වුණත් සාධාරණ නැහැ. ලෝකයේ මුස්ලිම් ජාතිකයන් සිටින බොහෝ රටවල ඔවුන් කතා කරන්නේ ඒ රටේ මව් භාෂාව. අපේ රටේ දෙමළ භාෂාව ඒක මුල සිට සිදුවූ වැරැද්දක්. මං කියන්නේ තමන් ඉන්න රටේ මව් භාෂාව සියලූදෙනා දැනගත යුතුයි. අපි ලෝකය ඉස්සරහා පෙනී යන්න අපේ ජාතිකත්වය පදනම් කරගෙන නෙවෙයි. ශ‍්‍රී ලාංකිකයන් හැටියට. රටේ ගොඩනැගිය යුත්තේ ශ‍්‍රී ලාංකික සංස්කෘතිය. ව්‍යාපාරිකයෙක් ලෙස මං ඒ හීනය දකිනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා.”