Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පල්ලි - කෝවිල් යන, පන්සල් එන
මඩු පාරේ මිනිස්සු

මේ බිමේ කුංකුම තිලකය පවසන්නේ ජනවර්ගයේ අනන්‍යතාව නොවේ. එය පවසන්නේ උතුරේ සමගිය ගැන ය. පස් පව් ගැන පවසන්නේ බුද්ධාගමේ ය. එහෙත් ඒ වචන පිටවන්නේ හින්දූන්ට ආවේණික දෙමළ බසිනි. මෙය උතුරේ මිනිසුන්ට භාෂාව හෝ ආගම හෝ බෙදා වෙන්කර ගැනීමට වුවමනාවක් නැති බව පවසන තවත් කතාවකි.

16.07.2019  |  
මන්නාරම දිස්ත්‍රික්කය
එල්.කේ.කුමාරිහාමි සහ සෙසු උපාසිකාවෝ

‘‘අපි මේ කතා කළේ බෝ මළුවේ ඉඳන් බුලත් හපන එක හරිද කියලා. ඔයාල හිතන්නේ මං කවුරු කියලා ද? මං කවුරු කියලා හිතුවත් කමක් නෑ.මේ ඉන්න අපි සේරම එක අම්මාගේ  දරුවෝ  වාගේ .පොඩි කාලේ සෙල්ලම් කෙරුවේ එකට. කලබල කාලේ ඈත්වෙලා ගිහින් දැන් ආයෙත් පදිංචියට ආවාට පස්සේ ආයෙම එකට ඉන්නවා. වැඩිපුරම කතා කරන්නේ දෙමළෙන්. මේ සමහර අයට සිංහල බෑ. අපට ඒක ප්‍රශ්නයක් නෙවේ. අපිට හොඳට දෙමළ පුළුවන්, හැබැයි අපි සිංහල. ඈතින් එන සිංහල අයට දෙමළ බැරි නිසා අපි ඒ අයත් එක්ක සිංහලෙන් කතා කරනවා මිස ඕනෑම ගනුදෙනුවක් දෙමළෙන් තමා අපි කරගන්නේ‘‘ යි කියූ ඇය එල්.කේ.කුමාරිහාමි මහත්මියයි.

දැනට 73 වියේ පසුවන කුමාරිහාමි මාතාව උපතින් මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු ප්‍රදේශයේ ය. යුද සමයේ මන්නාරම ප්‍රදේශය හැරදා ගිය ඇය ආපසු 2010 වසරේ මන්නාරම  විකුම්පුර ගම්මානයේ පදිංචියට නැවත ආවා ය. ඒ මැදවච්චිය මන්නාරම් මාර්ගයේ උතුරින් ඇති මඩුපල්ලිය වෙත දිවෙන මාර්ගය අසබඩට ය. එහි අනෙක් පසින් මල්වතු ඔය ය. එම ඉසව්ව හඳුන්වන්නේ මඩු පාර ලෙසිනි.


මල්වතු ඔය තමන්ට අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය සිහිකරන බවත්, මඩුපල්ලිය කිතුනු ආගමට තමන් සමීපකරන බවත් කුමාරිහාමි මාතාව සමඟම එහි  සිටින  ඒ. ඩබ්ලිව්. ප්‍රේමාවති  පවසයි.

මල්වතු ඔය තමන්ට අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය සිහිකරන බවත්, මඩුපල්ලිය කිතුනු ආගමට තමන් සමීපකරන බවත් කුමාරිහාමි මාතාව සමඟම එහි  සිටින  ඒ.ඩබ්ලිව්.ප්‍රේමාවති මහත්මිය(66) පවසයි.

‘මෙහෙ හරි වෙනස්. අපි විශේෂයෙන් කෝවිල් යනවා. පන්සලටත් එනවා.ඒ ඒදදී සිංහලද, දෙමළ ද බෞද්ධ ද, හින්දු ද කියලා වෙනසක් නෑ ගමේ හැමෝම එක්කහුවෙලා වඳින්න යනවා. ක්‍රිස්තියානු නොවුණත් අපි හැමෝම මඩු පල්ලියටත් යනවා.අපි ඉන්න හරියේ මුස්ලිම් අය අඩුයි. ඒ වුණත් ඒ අයත් පොදු දේවල්වලට එකතුවෙනවා.වෙළඳ කටයුතුවලට එනවා.පවුල් පනහක් විතර ඉන්න සිංහල අපි මේ ජනවර්ග දෙකේම අයත් එක්ක සහයෝගයෙන් ඉන්නවා. දුකේදි සැපේදි ළඟ ඉන්නේ සිංහල අයට වඩා සිංහල නොවන අය. අපි පාරට බැස්සාම හැමෝම හින්දු අය වගේ තමා. සිංහල ටිකක් කතා වෙන්නේ ගෙදරදී විතරයි. අපි සිංහල කියලා ටිකක් හොයන්න පුළුවන් පන්සලට එනකොට.හැබැයි දෙමළ අයත් අපි එක්ක පන්සල් එනවා. ඒ එද්දී අපි කිසි කෙනෙක් වෙනස්කරලා අඳුනාගන්න නම් බෑ.‘‘ යි ප්‍රේමාවති කියයි.

ඤාණප්‍රකාශ් මරියසිරන් දන් පිළිගන්වමින්

සිංහල මෙන්ම දෙමළ වැසියන්ට තමන් ආශා කරන මන්නාරමේ  ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති ප්‍රධාන ගැටලුව සිංහල මාධ්‍ය පාසලක් නොමැකම ය.මේ නිසා තම දෙවනි තෙවැනිපරපුරේ අයට සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්  නිවෙස් වසා දමා වෙනත් පළාත්වලට යාමට සිදුවි ඇති බව මේ අය කියති. දෙවැනි ලොකුම ප්‍රශ්නය ජල හිඟය ය. ඒ ගැන ඔවුහු කම්පා නොවෙති. එයට හේතුව උතුරේ අප්‍රමාණ ප්‍රශ්නවලට ඔරොත්තු දීමට ඔවුන් හුරුවී සිටිම ය. තමන් උපන් එම භූමියේ ම දිවි ගෙවනවිට ඇති සතුට වෙනත් කිසිම තැනක නැති බව ඔවුහු පවසති.

මොවුන් සියලු දෙනා අපට මුණගැසුණේ මඩු පාර බෝධිරාජ විහාරස්ථානයේ දී ය. එදින බෝධි රාජ විහාරයට විශේෂ උත්සව දිනයක්වූ බැවින් මඩු ප්‍රදේශයේ බොහෝ දෙනෙක් එහි  බෝධිය පාමුලට රැස්ව සිටියහ. මඩුපාර පදිංචි  සී.බෙනඩික් මහතා ද තම බිරිය හා දරුවා සමඟ එහි පැමිණ සිටියේ ය. තම අසල්වැසියන්ගේ ආගමික උත්සවයට පැමිණ බොහෝ වේලා සතුටින් ගෙවූ බව හේ කී ය.


මරියසිරන් සුවිශේෂී  චරිතයක් වන්නේ  මෙහි සිටින බොදු සිංහල ජනයා ද මුස්ලිම් ජනයා ද වෙනුවෙන් පෙනී සිටින ගැලවුම්කාරයා වීමෙනි.

මේ පිරිසගේ ජනජීවිතයේ සියලු දේට මැදිහත් වන ප්‍රදේශයේ ප්‍රබලම නායක චරිතය සීරන් මහතා ය. ඔහුගේ ජනප්‍රිය නාමය ‘සීරන්‘ වුවත් සම්පූර්ණ නාමය ඤාණප්‍රකාශ් මරියසිරන් ය. ඔහු නානාට්ටන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි ධුරයක් ද උසුලයි. අප නිතර අසන පුවත් තුළ සිටින උතුරේ මහජන නියෝජිතයන්ගේ ස්වභාවය නම් නැවත පදිංචිවන සිංහල ජනයාට විරුද්ධ වීමත්, බෞද්ධ වෙහෙර විහාරස්ථාන  පිටු දැකීමත් ය. මරියසිරන් මහතා මේ සිය ගණනක් මහජන නියෝජිතයින් අතර සුවිශේෂී  චරිතයක් වන්නේ  මෙකී බොදු සිංහල ජනයා ද මුස්ලිම් ජනයා ද වෙනුවෙන් පෙනී සිටින ගැලවුම්කාරයා වීමෙනි. මධ්‍යම රජයේ අමාත්‍යංශවලින්  ලබාගන්නා අරමුදල්   ඔහු පන්සල් පල්ලි හා කෝවිල් සියල්ලට සංවර්ධනය සඳහා යොදවයි.

‘‘  මං නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය.ඒ පක්ෂයෙන් මුළු දිස්ත්‍රික්කයේම සිටන එකම දෙමළ ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයායි. අනෙක් මන්ත්‍රිවරුන් දෙමළ සන්ධානේ අය. ඒ අය අපේ සභාව පාලනය කරනවා. මට චැඩ කරන්න ඒ අයගේ මූල්‍ය සහාය ලැබෙන්නේ නෑ. හැබැයි ආණ්ඩුව පාලනය කරන අපේ පක්ෂයෙන් ලැබෙන්නේත් නෑ. ඒ නිසා මං අපේ ප්‍රදේශයේ විවිධ අඩු පාඩු සම්පූර්ණ කරන්න ව්‍යාපෘති යෝජනා  හදාගෙන ගිහින් මධ්‍යම රජයේ අමාත්‍යංශවලින් ඉල්ලුම් කළාම එක් අමාත්‍යංශයක් විතරක් මට පිහිට වුණා. ඒ  මනෝ ගනේෂන් ඇමතිතුමාගේ අමාත්‍යංශය. එම මුදලින් මං පන්සල් වලටත් උදව් කළා. මේ පළාතේ කරන්න බොහෝම වැඩ තියනවා. කියන්න සන්තෝෂයි, ජන වර්ග තුනේම සාමාන්‍ය ජනයා නම් හරිම සහයෝගයෙන් ඉන්නවා‘‘ යැයි සිරන් මහතා සිංහල බසින්ම කීවේ ය. එදින භික්ෂූන්ට දන් පිරිනැමීට ද සිරන් මහතා එක්විය.

බෞද්ධ හිමිවරුන්ගෙන් බණඅසන සිංහල, දෙමළ ජනයා

ශ්‍රී බෝධිරාජ විහාරයේ  ඉදිකළ නව ස්ථූපයේ කොත නිරාවරණය කිරීමේ මහෝත්සවයට එක්වූ භික්ෂූන් ද ප්‍රකාශ කළේ  මෙම විහාරස්ථානය බෞද්ධ බලය පෙන්වීමට පවතින තැනක් නොව සියලු ජනවර්ගවලට එක්වීමට ගොඩනැගූ පොදු මධ්‍යස්ථානයක් හැටියට ය. අනුරාධපුර අභයගිරි පූර්වාරාමාධිපති බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  පොතානේ ධම්මානන්ද නාහිමියන් ප්‍රකාශකර සිටියේ  බෝධිරාජ විහාරය උතුරේ සිටින විවිධ ජන කණ්ඩායම් සහජීවනයෙන් එක්රැස්කරන ස්ථානයක් බව යි.

‘‘ මෙම ස්ථානය රටේ කලබල ඇතිවන්නටත් බොහෝ කලකට පෙර ඉදිකළ ස්ථානයක්.යුද්ධ කාලයේ දී පවා කිසිවෙක් මෙමස්ථානය විනාශ නොකළේ හැමෝගේම තැනක් නිසා. මඩුපාර ශ්‍රී බෝධි රාජ විහාරස්ථානය දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ භික්ෂූන් වහන්සේලා මෙන්ම ඊට උපකාර කළ සැදැහැවතුන් ද සිහිපත්කළ යුතුයි. මේ ප්‍රදේශයේ වෙසෙන බෞද්ධ හින්දු හා කතෝලික ජනයා  කිසිදු භේදයකින්  තොරව වන්දනාමාන කිරීමට බෞද්ධ පන්සල් වෙතත් එනවා.බෞද්ධ අයත් අනෙක් දේවස්ථාන වෙත  යනවා. ජනතාව ඉන්නේ සමගියෙන්. පොලිසිය,ත්‍රිවිධ හමුදාව මෙන්ම මෙම ස්ථානවලට කැපවී උදව් කරන  සත්පුරුෂ දේශපාලන නායකයිනුත් ඉන්නවා. ‘‘ යි පොතානේ ධම්මානන්ද නාහිමියෝ කියති.

සියල් ජනවර්ගවල ජනයා දාගැබේ පැළඳවීමට කංචුකය පෙරහරින් ගෙනයාම

1953 දී ආරම්භ කර අනතුරුව  පිහිඹියගොල්ලෑව විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ උඩංගාවේ නාරද නාහිමියන්ගේ මූලිකත්වයෙන් සංවර්ධනය කළ මෙම විහාරස්ථානය වර්තමාන විහාරාධිපති කොකටියගොල්ලෑවේ සිරි භාරතී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්  අංගසම්පූර්ණ කරමින් පවතී. ප්‍රදේශයේ පදිංචි බෞද්ධ ජනයා වෙනුවෙන් ආගමික සේවාවන් මෙන්ම සමස්ත මහජනයාට සාමාජීය සේවාවක් ඉටු කිරීමද මෙන්ම උතුරු පළාතට යනෙන සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට ද මෙම සිද්ධස්ථානය විශාල පිටිවහලක් බව සිරිභාරතී නාහිමියෝ නේවා දෙති.  කොස්ගොඩ රතනශිල හිමි ඇතුළු මහ සඟරුවන මෙම ස්ථානයේ අඛණ්ඩව වැඩවසති.

පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය මෙන්ම  දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ද ඇතිව දාගැබ හා මළුව සංවර්ධනය කර තිබේ. ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු ද මන්නාරම පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා ප්‍රධාන පොලිසියේ නිලධාරින් ද ශ්‍රී ලංකා යුද හමුදාවේ 542 සේනාංකාධිපතිවරයා ඇතුළු යුද හමුදා සාමාජිකයෝ ද  එම අවස්ථාවට එක්වූහ. සියලු ජනවර්ග හා ආගම්වල අයත් ජනයාට එක්ව භික්ෂූන්ට දන් පිරිනමා ඔවුන් ද එකට එක්ව දිවා ආහාර භුක්ති විඳීම එදින විශේෂත්වයකි.