Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ගැටුම් මැඩ පැවැත්වීමට චින්තනයේ වෙනසක්
සිදුකිරීම අත්‍යවශ්‍යයි

බහු-සංස්කෘතික ශ්‍රී ලංකා සමාජය තුළ ආගමික හා ජාතිවාදී පිඩනයන් ඇති වීම ඇතැම් ආගම් සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ඇති කරන බලපෑම කෙබඳුදැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   මයිල්වාගනම් තිලගරාජ් මෙලෙස විමසා බලයි.

28.09.2019  |  
නුවරඑළිය දිස්ත්‍රික්කය

බහුතරයක් ශ්‍රී ලාංකිකයන් බෞද්ධයන්, එසේම බෞද්ධ ආගම සදහා ප්‍රමුඛත්වයක් දිය යුතුයි යන පොදු විශ්වාසයක් ශ්‍රී ලංකාව තුළ පවතිනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙන් 1972 දී රාජ්‍ය ආගම බුද්ධාගම බවට පත් කිරීම ඊට හේතුවයි. යම් දෙයක් නීතිගත වූ පසු එය වෙනස් කිරීම පහසු නෑ” යි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වගනම් තිලගරාජ් කියයි.

  ඔබගේ අදහස අනුව, බහු-සංස්කෘතික ශ්‍රී ලංකා සමාජය තුළ ආගමික හා ජාතිවාදී පිඩන  ඇති වීමට බලපා ඇති මූල සාධක මොනවාද?

ශ්‍රී ලංකාව වැනි රටවල් ඉතා දීර්ඝ කාලයක් යටත්විජිත පාලනයට නතුවෙලා තිබුණේ. ශතවර්ෂ දෙක තුනක් තිස්සේ රට විදේශිකයන්ගේ පාලනය යටතේ පැවතීම හේතුවෙන් රට පාලනය කිරීමේ යෝග්‍ය මතවාදය කුමක්ද යන්න පිළිබදව ස්වදේශිකයන්ට නිසි අවබෝධයක් නොමැති වුණා. එසේම, දශක ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායික වෙළද ආර්ථික ක්‍රමය, රටේ මුල්‍යමය තත්ත්වය ශක්තිමත් කිරීමට උපකාරී වුණා. මෙම තත්ත්වය හේතුවෙන් ස්වයං පාලන ක්‍රමයක් පිහිටුවීමට නොහැකි වුණා. බ්‍රිතාන්‍ය පාලකයින් විසින් හඳුන්වාදුන් පරිපාලන ක්‍රියාපටිපාටි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ එක් වෙනසක් සිදුවුණා. අවාසනාවන්ත ලෙස මෙම වෙනස, තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ වර්ගවාදී අගතීන් ඇතිකරනු ලැබුවා. නිදර්ශන ලෙස, නිදහසින් පසුව ඉන්දියානු දමිළ ජනතාවගේ පුරවැසිභාවය පිළිබද අයිතීන් අහෝසි කරමින් ඔවුන් ලංකාවේ පුරවැසියන් නොවන බවට මතයක් ගෙන එනු ලැබුවා. එසේම, තවත් නිදර්ශනයක් වන්නේ, සිංහල රාජ්‍ය භාෂාව කිරීමට ගනු ලැබූ තීරණය යි. මෙම හේතුන් ලංකාව අනාගාමීක රාජ්‍යක් වශයෙන් වර්ධනය වීම වළකනු ලැබූ අතර අවසානයේ දී ප්‍රජාවන් අතර අසමතුලිත බවක් ඇතිකරනු ලැබුවා. එක් ප්‍රජාවක් විසින් තවත් ප්‍රජාවක් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරණ මෙවැනි පසුබිමක් තුළ, ගැටුම් ඇතිවීම ස්වභාවික සංසිද්ධියක්.


රට තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යවෙනවා.

  පාර්ලිමේන්තුව තුළ සියලුම ජනවාර්ගික කණඩායම් නියෝජනය කරන බොහෝ නියෝජිතයන් සිටිනවා. මෙම වෙනස හමුවේ ඉදිරියට යාමට ඔවුන් අසමත්වන්නේ ඇයි?

මේ රටේ බොහෝ පාලකයන් නියෝජනය කරන්නේ බහුතර ප්‍රජාව වන අතර ස්වභාවයෙන්ම ඔවුන් තමන්ගේ ප්‍රජාව වෙත නැඹුරුවෙනවා. එසේම සිංහලයාට පවතින එකම රට ශ්‍රී ලංකාව බව ඔවුන්ගේ විශ්වාසයයි. ඔවුන්, අන්අයට බලපෑම් කළ හැකි ආකාරයෙන් රට පාලනය කිරීමට මෙම මානසිකත්වය හරහා ඔවුන් පෙළඹ තිබෙනවා. එසේම,සිංහලයන් අතර ප්‍රධාන ආගම  වන්නේ බුද්ධාගම බැවින්, රාජ්‍ය ආගම බුද්ධාගම බවට පත් කිරීමට රජයට අවශ්‍ය වෙනවා. ඒ අනුව, ආරම්භයේ සිටම තදබල ලෙස සිද්ධවන යම්දෙයක්, නැවත හැරවීම අපහසුයි. යම්අයෙකු මෙම තත්ත්වය ප්‍රතිසංස්කරණයට හෝ ප්‍රතිශෝධනයට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය වන්නේ ව්‍යවස්ථාවමය අර්බුදයකට ලක්වීමයි. එම නිසා, සියලු දෙනාටම නිදහස් සමාජයක් නිර්මාණය කරමින් මෙම උභතෝකෝටික ප්‍රශ්නය පැරදවවීමට නම්, රට තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම තත්ත්වය වෙනස්කිරීමට අසමත් වුවහොත්, එම අවාසනාවන්ත තත්ත්වය දිගින් දිගටම පවතිවී.

  ගැටුම් මැඩ පැවැත්වීමට චින්තනයේ වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව ඔබ සිතනවාද?

මැතිවරණ කාලසීමාව තුළ අපිට එක්සත්වන ලෙස ඔවුන් කියනවා, නමුත් මැතිවරණයෙන් පසු මෙම ආකල්පය පුළුල් ලෙස වෙනස්වෙනවා. බලයේ සිටින පුද්ගලයින් බලය තහවුරු කරගත් පසු, සමාන ආකල්ප පවත්වාගෙන යන්නේ නම් පමණක් එක්සත්බව පවත්වාගෙන යා හැකි යි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවැනි ආකල්පයක් සහිත පුද්ගලයෙක් කියලා මා හිතනවා. පහුගිය ජනාධිපතිවරණයේ දී ඔහු පොදු අපේක්ෂකයා බවට පත්වුණා. තවදුරටත්, නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්  නොවන බවට ඔහු මහජනතාවට පොරොන්දු වුණා. ජනාධිපතිවරයෙකු වශයෙන් බලයේ එල්ලී සිටීමේ අපේක්ෂාවක් නොමැති නම්, ඔහුට වෙනසක් ඇතිකිරීමට පුළුවන්. අපිට එම අවස්ථාව අහිමි වුණා. එම නිසා තමයි, ආකල්පමය වෙනසක අවශ්‍යතාවය පිළිබදව මා ඉස්මතු කළේ.

  පාස්කු ඉරිදා ප්‍රහාරයේ විපාක හමුවේ රටේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව යම් ජනවාර්ගික- සංස්‌කෘතිමය සිමාවන් පැනවීමට රජය තීරණය කරනු ලැබුවා. වර්තමාන රජයේ පාක්ෂිකයෙකු ලෙස මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

ඕනම පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ ප්‍රමුඛත්වය පදනම් කරගනිමින් ඇඳුම් ඇඳීමේ අයිතිය පවතිනවා. ලාංකීය සන්දර්භය සිංහල, දෙමළ හා මුස්ලිම් යන  සියලුම ජනවාර්ගික ප්‍රජාවන් තමන්ගේ සම්ප්‍රදායික ඇඳුම් පිළිබදව වඩාත් උනන්දුවක් දක්වනවා. එය ස්වභාවයෙන්ම නොවැළක්විය හැකි අතරම, යම් අයෙකු තමන්ගේ සංස්කෘතිය, ප්‍රතිමාන හා අගයන් ඉස්මතු වන ආකාරයේ ඇඳුම් ඇඳීමේ ප්‍රශ්නයක් නොවිය යුතු යි.


ඇතැම් දෙමළ දේශපාලකයන්ට සිංහල කතා කිරීමේ හැකියාවක් නෑ වගේම සිංහල පාලකයන්ට ද එසේම යි

වසර 20කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් දෙමළ දේශපාලකයන්ට සිංහල කතා කිරීමේ හැකියාවක් නෑ වගේම සිංහල පාලකයන්ට ද එසේම යි. ඒ අතර, භාෂව හා කලාව ආරක්ෂා  කිරීම ඉතා වැදගත්, එසේම අනෙක් ප්‍රජාවන්ගේ සංස්කෘතිය, කලාව හා භාෂාව අවබෝධ කරගැනීමත් ඉතා වැදගත්. එය සියලුදෙනා අතර ව්‍යාප්ත කළ යුතු යි. එසේ කිරීමට අසමත් වීමෙන්, කිසිඳු ප්‍රශ්නයකට විසදුම් ගෙන ඒමට නොහැකි වෙනවා.

ඇතැම් පුද්ගලයින්, විශේෂයෙන්ම අන්තවාදී මත දරන සමහර බෞද්ධාගමික නායකයන් පිළිබද ඔබගේ අදහස කුමක්ද?

මේ රටේ බහුතර ජනතාව බෞද්ධ. ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵල ලෙස ඡන්ද අහිමි විය හැකි බව රජයේ විශ්වාසය වෙනවා. මෙයින් අදහස් වෙන්නේ මේ රට රඳාපවතින්නේ බෞද්ධයන් මත බව යි.  මට ඔබට උදාහරණයක් සපයන්න පුළුවන්. පාර්ලිමේන්තුව, ව්‍යවස්ථානුකූල සභාවක් බවට වෙනස් කර, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. මෙම අතුරු වාර්තාව ජනාධිපතිවරයා විසින් මහනායක හිමිවරුන්ගේ අනුමැතිය ලබාගැනීම සඳහා යවනු ලැබුවා. මෙයින් ඉතා පැහැදිලි වෙනවා බෞද්ධාගම සදහා වැඩි වැදගත්කමක් ලබාදී තිබෙනවා කියලා. බුද්ධාගම මඟින් බහුත්වවාදී සමාජය සැමවිටම පිළිගනු ලබනවා කියලා මෙයින් පැහැදිලි වෙන්නේ නෑ.


බුද්ධාගම මඟින් බහුත්වවාදී සමාජය සැමවිටම පිළිගනු ලබනවා කියලා මෙයින් පැහැදිලි වෙන්නේ නෑ

 වතුකර දෙමළ ප්‍රජාව ජාතික ජනවාර්ගික ප්‍රජාවක් ලෙස හඳුන්වාදීම සම්බන්ධ ඉල්ලීම පිළිබඳ ඔබගේ අදහස් මොනවා ද ?

මේ රට තුළ වතුකර ජනතාව ජාතික ජනවාර්ගික ප්‍රජාවන් ලෙස හදුන්වා නොදීමට හේතුවක් තියෙනවා. එනම්, ඔවුන්ගේ අනන්‍ය ඉතිහාසය. ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන්  ලෙස පිළිගත යුතුයි යන මතයට අදාළව බලධාරීන්ට එරෙහිව ගෙන ගිය අරගලයට ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. නිදහසින් පසු, වසර 40ක් තිස්සේ රජය ඔවුන් වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ.  ලංකාවේ නතර වෙනවද නැතහොත් ඉන්දියාවට යනවද යන්න පිළිබඳ නිසි අදහසක් නෑ. රජය ඔවුන් සියලුදෙනාවම නැවත සිය රට වෙත යැවීමට කටයුතු කළා. මෙය “සිරිමා – ශාස්ත්‍රී “ගිවිසුම ලෙස හඳුන්වනවා. කෙසේවුවත්, මෙම රටේ පාලකයන් වතුකර දෙමළ ප්‍රජාවට ඔවුන්ගේ ඡන්ද අයිතිය ලබාදුන්නත්, පුරවැසිභාවය ලබාදුන්නේ නෑ. මේ තත්ත්වය, උඩරට දේශපාලනය තුළ ඉහළ රික්තකයක් ලෙස භාවිතා වුණා. මෙම පසුගිය වසර 40 කාලසීමාව, ඔවුන්ගේ වසර 80ක දේශපාලන ඉතිහාසයේ විශාලතම අත්වැරැද්ද යි. බොහෝ ජනතාව බටහිර රටවල්වල පදිංචි වී, පුරවැසිභාවය ලබාගත්තා. ඔවුන් එම රටවල්වල පුරවැසියන් බවට පත් වුණා. ඒවගේම, විශාල ඉන්දියානුවන් ප්‍රමාණයක් මැලේසියාවේ පුරවැසියන් ලෙස හඳුනාගන්න පුළුවන්. එමනිසා, ඉතා ඉක්මනින් ඔවුන්ව හඳුනාගෙන, පුරවැසිභාවය ලබාදීම අත්‍යවශ්‍ය දෙයක්. අතීතයේ සිදුකළ බොහෝ උත්සාහයන් ව්‍යර්ථ වී ගියා. වර්තමානයේ, ඔවුන්ගේ අනන්‍යතාවය නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවට යෝජනාවක් ලැබිලා තියෙනවා. අපිත් එයම යෝජනා කරනවා. නමුත්, මෙම නව ව්‍යවස්ථාව හඳුන්වාදේවි ද යන්න පිළිබඳ විශ්වාසයක් අප තුළ නෑ. එමනිසා, පාර්ලිමේන්තුව ඔවුන්ව වතුකර දෙමළ ප්‍රජාව ලෙස ලියාපදිංචි කළා. අනාගතයේ එය විවාදයට ගැනීමේ අවස්ථාව පවතිනවා. වතුකර ප්‍රජාව කියන්නේ අනන්‍යතාවයක්, මෙම ගැටලුව ජාතික දේශපාලනය වෙත ගෙන ඒමට අපි වැඩකටයුතු සකසමින් ඉන්නේ.