Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
අප ගැන

‘කැටමරාන්’ (The Catamaran) ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව සිටින ජනමාධ්‍යවේදීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ත්‍රෛභාෂා වෙබ් අඩවියකි. රටතුළ සිදුවන වඩාත් සිත්ගන්නාසුලූ සිද්ධීන් සඳහා විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්ද සමඟින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පසුබිම් විස්තරයක්ද සහිතව මෙහි අන්තර්ගතය ඉදිරිපත් කෙරේ.
අන්තර් ජාතික මාධ්‍යයනට හා ශ්‍රී ලාංකික නිදහස් ජනමාධ්‍යවේදීනට මෙම වෙබ් අඩවිය සඳහා දායකවීමේ අවස්ථාව ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ බවට පත් වන්නේ ආධුනික වාර්තාකරුවන්ට අවස්ථාව සලසා දීම හා විශාල පාඨක පිරිසක් වෙත එක්වර පිවිසීමේ අත්දැකීම දේශීය මාධ්‍යවේදීන්ට ලබා දීමත් ය.
වෙනස් ප්‍රජාවන් ගෙන් යුතු මාධ්‍යවේදීන් එකමුතුවකට ගෙන ඒමේ අවස්ථා වර්ධනය කිරීමත් ඉන් සැපැයෙන සහයෝගයත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය වර්ධනය කිරීමට සුවිසල් දායකත්වයක් සලසනු ඇත.
ද කැටමරාන් (The Catamaran) වෙබ් සඟරාවේ කතෘ මාණ්ඩලික මෙහෙයුම සිදු කරන්නේ බර්ලින්හි මීඩියා ඉන් කෝපරේෂන් ඇන්ඞ් ට්‍රාන්සිෂන් සංවිධානය (MICT) මගිනි.