Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

යුද්ධයෙන් විනාශ වූ වනභූමි නැවත වගාකිරීමට
බිජ බෝම්බ හෙළීම

අග්නිදිග විශ්වවිද්යාවලයේ, ව්යවවහාරික විද්යාි දෙපාර්තමේන්තුවේ, සත්ත්ව විද්යා්ව පිළිබඳ ජ්යෙනෂ්ඨ කථිකාචාර්ය, ඒ.එම්. රියාස් අහමඩ්, පැළ පුනර්ජනනය සහ ලංකාවේ යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්රකදේශවල පවතින වනාන්තරවල බීජ පැළ සිටුවීමේ කාර්යයෙ හි නිරතව සිටියි.

08.01.2020  |  
අම්පාර දිස්ත්‍රික්කය
விதைப்பந்தாக்கலில் சிறுவர்களுடன்..

උද්භිද විද්‍යාව සහ සාහිත්‍ය පිළිබඳ ඔහු කැමැත්තක් දක්වනවා. ඔහු “අම්රිතා ඒ.එම්.” යන ව්‍යාජ නමින් සාහිත්‍ය වැඩකටයුතුවල නිරතවෙනවා. සංරක්ෂණය පිළිබඳ ඔහුගේ කැමැත්ත හේතුවෙන්, පොත් 15ක කතුවරයෙකු බවට පත්වීමට හැකි වී තිබෙන අතර, පාරිසරික දැනුවත්කම සම්බන්ධ පොත් 8ක් ඊට ඇතුළත්. වනාන්තර නැවත වගාකිරීම සඳහා ඔහු බීජ බෝම්බ දැමීමේ ක්‍රමය පිළිබඳව සොයාගෙන තිබෙන අතර එය අනාගතය සඳහා ආරක්ෂා කිරීමේ පවතින වැදගත්කම පිළිබඳ තරුණ පරම්පරාව අතර දැනුවත්බවක් ගොඩනගමින් තිබෙනවා. අහමඩ්, අම්පාර දිස්ත්‍රික්කයේ මුරුදුමුනෛ ප්‍රදේශයෙන් පැමිණි අයෙක්. පුනර්ජනනය කිරීමට අවශ්‍ය ප්‍රදේශයන් තෝරාගනිමින් ඔහු බීජ බෝම්බ සමඟ රටවටා ගමන් කරනවා.

  බීජ බෝම්බ යනු මොනවා ද?

ලංකාවේ ජනගහන වර්ධනය හා පරිභෝජනය හේතුවෙන් කැලෑ විනාශය සිදුවෙනවා. නිෂ්පාදනය හා සංවර්ධනය පදනම් කරගනිමින් ගස්-වැල් විනාශය ඉහළ යනවා. ගස් සහ වනාන්තර ආරක්ෂා කළ යුතු යි. ගස් වැවීම මනුෂ්‍යයාට පමණක් නොව සියළුම ජීවීන්ට ඵලදායක විය හැකි යි. අපි, ජීවිතයේ විවිධත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය යි. මෙම පරමාර්ථය සඳහා, වනාන්තර නැවත වගාකිරීමට අවශ්‍යවෙනවා. මානව ව්‍යාප්තිය සඳහා භුමි ප්‍රදේශ ඉතිරිකර, කඳුවල, පඳුරුවල, ගංගාවල අපිට ගස් වවන්න පුළුවන්. එවැනි ප්‍රදේශ නඩත්තු කිරීම පවා අවශ්‍ය නොවේ.

වනාන්තර ප්‍රකෘතිමත් කිරීම සඳහා පවතින වඩාත් වේගවත්, පහසු හා ලාභදායි එක් ක්‍රමයක් වන්නේ “බීජ පැළ කිරීම” හෝ “ඉසීම” යි. වර්තමානයේ, ලෝකය වටා බොහෝ රටවල් භාවිතා කරන සහ ඊජිප්තුවේ වසර 3000කට පෙර භාවිතා කළ, ජපානයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු භාවිතා කළ ඉතා සරල ක්‍රමයක්. එය අදවන විටත් ඉන්දියාවේ භාවිතාවෙනවා.

බීජ බෝල, කොටස් තුනක් මැටිවලින් හා එක් කොටසක් ගොම සමඟ සකස් කරගන්නවා. ගසේ බීජ මෙම මිශ්‍රණය තුළ ස්ථානගත කරන අතර වනාන්තර නැවත වගාකිරීමට අවශ්‍ය ප්‍රදේශවලට මෙය විසිකරනු ලබනවා. මේකට තමයි අපි කියන්නේ බීජ බෝම්බ දැමීම හෝ බීජ බෝල විසිකිරීම කියල.

(වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: http://www.amrithaam.com/2018/08/blog-post.html)

  බීජ බෝම්බ හදපු අවස්ථාවේම ඒවා භාවිතා කරන්න පුලුවන් ද?

බැහැ. අපි පළමුව මෙම බෝම්බ දිනක් අඳුරේ සහ ඊට පසුව අව්වේ තබා වේලාගත යුතු යි. මෙයින් පසුව, අපි බෝම්බ ඉහිනවා. වැස්සට පස්සේ, මැටි දියවෙන අතර ඇතුලෙ තියෙන බීජ පැළවෙන්න පටන් ගන්නවා. වේලාගත් මෙම වේලුනු බීජ බෝම්බ, අවම වශයෙන් අපිට වසරක කාලයක් නොඉඳුල්ව තබාගෙන ආරක්ෂා කරගන්න පුළුවන්.

 

මේ ආකාරයට වනාන්තර නැවත වගාකිරීම පිළිබඳ සිතන්නට ඔබ යොමුවුණේ කෙසේ ද?

මගේ ළමා කාලයේ සිටම මම සොබාදහමට ආදරය කරන්නෙක්. වසර 30ක් තිස්සේ අඛණ්ඩව පැවති යුද්ධය හේතුවෙන්, ගස් විනාශවන අයුරු දැකීම දුක් ගෙනදෙන දෙයක් වුණා. ක්ෂයවෙමින් පවතින ගස් පුනර්ජනනය කිරීම සඳහා කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව මම දිවා-රෑ කල්පනා කළා. මෙය සිදුකරන්නට පුළුවන් ක්‍රමයක් සොයාගැනීමට, අන්තර්ජාලය සහ වෙනත් පර්යේෂණ පිළිබඳ මම සොයාබැලුවා. ගස් සහ වනාන්තර ඉතා ඉක්මනින් වැවීමට සහ වියදමක් නොමැතිව සිදුකළ හැකි එකම ක්‍රමය බීජ බෝල විසිකිරීම යි.

  ඔබගේ ව්‍යාපෘතිය සඳහා අන්අයගේ කැමැත්ත ඒකරාශී කරගෙන තිබෙන්නේ කෙසේ ද?

“වනාන්තර, දේශගුණික වෙනස්වීම සහ එය ආමන්ත්‍රණය කිරීම සඳහා වෛද්‍ය අංශයේ භූමිකාව” යනුවෙන් මෑතක දී තිරුක්කෝවිල් මූලික රෝහලේ දී දේශනයක් සිදුකළා. සාකච්චාවෙන් පසුව, යුධ හමුදා සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය එම ප්‍රදේශයේ වන සංරක්ෂණය සඳහා සහයදීමට හැකි සියළුම ආකාරයෙන් උපකාර කිරීමට පොරොන්දුවුණා. කර්නල් සුදත් දිසානායකත්, වනාන්තරවලට ආදරය කරන්නෙක් වන අතර, ඔහුගේ සොල්දාදුවන් මෙම කාර්ය ඉතා කාර්යක්ෂමව ඉදිරියට ගෙනයනු ලැබුවා. කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල මෙම වනාන්තර ප්‍රකෘතිමත් කිරීම සඳහා සෘජුවම සම්බන්ධ වුණා. “බීජ විසුරුවීමේ උත්සවයක්” පවත්වනු ලැබුවා. පූජ්‍ය සිප්තගුප්ත තීරානන්ද වනවාසී නායක හිමියන් ද නැවත වනාන්තර වගාකිරීම පිළිබඳ සාකච්චා කළා. මේවා මඟින් මට ආත්ම විශ්වාසයක් ඇතිවුණා.

  බීජ බෝල සඳහා ඔබ ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ කුමන වර්ගයේ බීජ ද?

බොහෝ ස්වදේශික ශාක වඳවී ගිහින්. සියඹලා, තේක්ක, දං, දිඹුල් ආදිය. මේ ලැයිස්තුව ගොඩක් දිග යි. ඉතින්, අපි මෙම ස්වදේශීය ශාකවල බීජ බොහෝවිට භාවිතාකරනවා.

  තරුණයන් මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දක්වන උනන්දුව කෙබඳු ද?

මම ඕමන්තේට සහ වව්නියාවට ගියවිට, මෙම ප්‍රදේශවල තරුණයන් බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් පෙන්නුම් කළා. ඔවුන් වැසි-කුණාටු පවා ගණන් නොගෙන, උද්යෝගයෙන් මෙම ක්‍රියාවේ නිරතවුණා. කුදත්තනෛ ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායම්වලට බෙදිලා, බීජ බෝම්බ සාදනු ලැබුවා. ඔවුන් මෙම විෂය සම්බන්ධයෙන් සිදුකරන ලද සම්මන්ත්‍රණ සහ පුහුණු වැඩසටහන්වලටත් සහභාගීවුණා. මේ හරහා, ස්වභාවධර්මය ආරක්ෂාකිරීම පිළිබඳ ඔවුන්ගේ හැඟීම් පිළිබඳ තේරුම් ගැනීමට මට හැකිවුණා. දින කිහිපයකින් රිකිළි වර්ධනය වූ පසුව, ඒවායේ පින්තූර ගෙන මාවෙත එවීමට ඔවුන් බොහෝ උනන්දුවක් දැක්වූවා.

  බීජ වැපිරීම සඳහා මුලපිරීමට, තරුණයන් ඇතුළත් කරගැනීම මඟින් ඔබ අපේක්ෂා කරන්නේ කුමක් ද?

විශ්වවිද්‍යාල සිසුන්ගේ සිට පාසැල් සිසුන් දක්වා බීජ බෝල ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රබල කැමැත්තක් පවතිනවා. මෙය සිසුන්ට ඉතා වැදගත් අධ්‍යාපන ක්‍රමයක් වශයෙන් මම දකිනවා. විශ්වවිද්‍යාල තුළ එය ඉතා හොඳින් බාරගෙන තිබෙනවා. මෙය පාසැල් කරා ද ව්‍යාප්ත කළ යුතු යි. අද, මම ඔවුන්ට පෙන්වාදෙන මාර්ගයෙ හි හෙට, ඔවුන් මම නොමැතිව ගමන් කරාවි. අනාගතය උදෙසා ඔවුන් මෙම කටයුතු සිදුකරනු දැකීම මගේ අපේක්ෂාව යි.