Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දේවලිංගම් භවානී
බඩු ගන්න සල්ලි නෑ

 යාපනය පලාලියේ මුල් පදිංචිකාරිණියක වන දේවලිංගම් භවානීට වයස අවුරුදු 50කි. ඇගේ වත්මන් පදිංචිය යාපනය උරුම්පිරායිහි නීදවාන් කඳවුර ය. 1990 ජූනි මස එල්.ටී.ටී.ඊය හා යුද හමුදාව අතර පැවති දරුණු සටන් නිසා ගේ දොර අතැර මෙහි පැමිණි ඔවුන් ගේ පවුලේ දරුවන් පස් දෙනෙකි. ඇගේ සැමියා වසර 06කට පෙර පිළිකා රෝගයෙන් මිය ගොස් ය. වසර 15ක් දියවැඩියාවෙන් පෙළීම […]

05.06.2016  |  
යාපනය දිස්ත්‍රික්කය

 යාපනය පලාලියේ මුල් පදිංචිකාරිණියක වන දේවලිංගම් භවානීට වයස අවුරුදු 50කි. ඇගේ වත්මන් පදිංචිය යාපනය උරුම්පිරායිහි නීදවාන් කඳවුර ය. 1990 ජූනි මස එල්.ටී.ටී.ඊය හා යුද හමුදාව අතර පැවති දරුණු සටන් නිසා ගේ දොර අතැර මෙහි පැමිණි ඔවුන් ගේ පවුලේ දරුවන් පස් දෙනෙකි. ඇගේ සැමියා වසර 06කට පෙර පිළිකා රෝගයෙන් මිය ගොස් ය. වසර 15ක් දියවැඩියාවෙන් පෙළීම නිසා ඇගේ පාද දෙකම දණහිසින් ඉවත් කොට ඇත. දූවරුන් හා පුතුන් දෙදෙනකු සමඟ දිවි ගෙවන ඇය තම දිවි පෙවෙතේ ලාබ පාඩු අප හා ගණන් බැලුවේ මෙලෙසිනි.

ලැබෙන ආදායම ප‍්‍රමාණවත්ද?
ගෙදර ඉන්න එක පුතෙක් කුලී වැඩට යනවා. දවසට රුපියල්1000ක් විතර හම්බ වෙනවා. පොඩියට කඩයක් දැම්මා. බඩු ගන්න සල්ලි නෑ. බඩු නැති නිසා වෙළඳාමක් නෑ. ඉස්කෝලෙ යන දරුවො දෙන්නෙක් ඉන්නවා.මගේ බෙහෙත්වලට වියදම් කරන්න  ඕන. එහෙම බලද්දි ආදායම හොඳටම මදි.

කොහොමද පවුලෙ නඩත්තුව ගෙනියන්නේ?
කරන්න දෙයක් නැහැ. කෑම බීම වගේ අත්‍යවශ්‍ය දේ හැරෙන්න අනෙක් වියදම් සේරම අත්හැරලා ඉන්නේ.

ආදායම වැඩි කරගන්න සැලැස්මක් තියෙනවද?
කඩේ ටිකක් දියුණු කරන්න බැංකු ණයක් ඉල්ලූවා. නමුත් එයාලා ඉල්ලන ඇප අපිට දෙන්න බැහැ. ඒත් උත්සාහ  කරනවා.

විවේකය ගත කරන්නෙ කොහොමද ?
මං අබ්බගාතයෙක්. ඒ වගේම කොහේවත් යන්න සල්ලිත් නැහැ. ඒ නිසා ගෙදර රේඩියෝ එක අහනවා. ළඟ ගෙදරක ටීවී එකක් තියනවා. එතනින් දෙමළ චිත‍්‍රපටි බලනවා.

/devalingam-bhavani2