Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දැවැන්ත නායකයෙක් හැදිලා නැත්නම්
ගැඹුරු මුල් ගැන කතා කරන එක විහිළුවක්

උපත මත බොහෝ විට තීරණය වූ ජාතිය, ජන වර්ගය, ආගම, කුලය ආදී අනන්‍යතාවලින් හැකිතාක් මිදුණු තැනැත්තා සැබෑ බෞද්ධයා ලෙස සලකන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධිපතින් වහන්සේ ය. කැලණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ද වන උන්වහන්සේ වසර දෙදහස් පන්සියයක ඉතිහාසය මත පදනම් ව අප ගොඩ නඟා ගෙන ඇත්තේ කවර නම් දෙයක්දැයි විමසති.

28.04.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය

සිංහල ජාතිවාදය එක පැත්තකින් රට අනතුරේ හෙළනවා. දෙමළ ජාතිවාදය තවත් පැත්තකින් ඒ වැඬේම කරනවා. කොයි ආණ්ඩුව ආවත් ඔවුන් මේවා තමන්ගෙ දේශපාලන අනාගතයට පාවිච්චි කරනවා විතරයි. මෙහෙම ගියොත් රටේ අනාගතයට මොකක් වෙයිද?

දෙමළද සිංහලද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න බොහෝ දුරට සමානයි. කුඹුරු කරන අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව වගේ පළාත් වල සිංහල මිනිස්සුන්ට තියෙන ප‍්‍රශ්නයි, උතුරේ කුඹුරු කරන අයට තියෙන ප‍්‍රශ්නයි සමානයි. ඒ නිෂ්පාදන වලට හරි මිලක් නෑ. තමන්ගෙ දරුවන් යවාගන්න හො`ද පාසල් නෑ. තියෙන පාසල් වලට හො`ද ගුරුවරු නෑ. තරුණයන්ට රැුකියා නෑ. ඔය වගේ ප‍්‍රශ්න ගණනාවකින් දෙපැත්තෙම මිනිස්සු පීඩිතයි.

ඒ වගේම යුද්ධය නිසා මුහුණ දෙන්න වුණු විශේෂ ප‍්‍රශ්න ගණනාවක් ඔය කියන උතුරේ හැම දෙමළ මනුස්සයම අත්වි`දලා තියෙනවා. ඒ කියන්නෙ දකුණට වඩා වෙනස් අත්දැකීමකුත් තියෙනවා. මේ සිංහල, දෙමළ කියන එක ඒ මිනිස්සුන්ගේ ඇෙ`ග් තියෙන ප‍්‍රශ්නයක් නෙමෙයි, උඩින් ඒ ගොල්ලො මත දාන එකක් කියන එකයි මගේ අදහස. මේ ප‍්‍රශ්නෙ හරියට තේරුම් ගන්න  ඕනෙ. එහෙම නැතුව සරල තැන් වලින් අල්ලගෙන වැඩ කරන්න අමාරුයි.

එකම රටක් ඇතුළෙ ජන කොටස් දෙකක් ජීවත් වෙන්නෙ යථාර්ථ දෙකක

යුද්ධයට සෘජුව සහ වක‍්‍රව මුහුණ දීපු මිනිස්සුන්ගේ ඔළු හදන්න අපේ රටේ පශ්චාත් යුද කාලය තුළ කිසිම විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වුණේ නෑ. මේ කාරණයත් ජාතිවාදී බලවේගවල වාසියට හේතු වෙනවා නේද?

අර මම මුලින් කියපු ප‍්‍රශ්න එහෙමම තියෙන අතරෙ යුද්ධය වෙනුවෙන් මේ රටේ වෙනම මතවාද හැදුණනෙ. ඒක උතුරටත් පොදුයි. දකුණටත් පොදුයි. මේ මතවාද ඔස්සේ ගිහින් එක පැත්තක් අනෙක් පැත්ත පරාජයට පත් කරලා අවසාන වුණාට පස්සෙ මේ දෙපැත්තම නැවත ස්වභාවික තත්ත්වයට ගේන්න කිසිම වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වුණේ නෑ.

දකුණ මේ ජයග‍්‍රහණය කියන එක දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් හානි වූ උතුරෙත්, දකුණෙත් මිනිස්සුන්ගෙ මනස හදන වැඩපිළිවෙළක් හැදුණෙ නෑ. ඒ ගැන ප‍්‍රමාණවත් සාකච්ඡාවක් තිබුණෙත් නෑ. දකුණ දිගටම ජයග‍්‍රාහී මානසිකත්වයේ හිටියා. ඒ මානසිකත්වය තියාගන්න විවිධ කණ්ඩායම් විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා. උතුරේ මනසත් වෙනස් කරන්න අවශ්‍ය දේවල් වෙනුවට ඒ විදියටම තියාගන්නයි බලධාරීන් කටයුතු කළේ.

මේක බරපතල කාරණයක්. එකම රටක් ඇතුළෙ ජන කොටස් දෙකක් ජීවත් වෙන්නෙ යථාර්ථ දෙකක. ඒ නිසා මේ වෙලාවෙ නැවත ඔය ජාතිවාදය කියලා රැල්ලක් ඇවිත් තියෙනව නම් ඒක අලූතින් පටන් ගත්ත එකක් නෙමෙයි. අර සකස් කරපු පාරෙම දිගුවක්.

අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ජාතිවාදය අදාළ නෑ. ඒත් ගැටලූව තියෙන්නෙ පාලකයන් ඒකට පෙළඹවීමේ ප‍්‍රමාණය. කොහොමද මේකෙන් ජනතාව බේරාගන්නෙ…?

මම දකින දේ තමයි, අහවල් දේශපාලනඥයො මේක කරයි, අරයා මේක කරන්න  ඕනෙ වගේ දේවල් බලාගෙන හෝ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ආගමික් නායකයො වෙන්න පුළුවන්, සමාජ සංවිධාන වෙන්න පුළුවන් ඒ වගේ සක‍්‍රීය සමාජයක් හරහා තමයි මේක කරන්න පුළුවන්.

දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක්

අපේ වගේ සමාජයක ආගමික නායකත්වයට මෙතැනදි වැඩි බරක් දාන්න පුළුවන්…?

ඇත්තටම ඔව්. මගේ අදහසත් ඒක තමයි. ආගමික මූලයන්වලට ගියහම මේ වගේ ප‍්‍රශ්නවලට මුහුණ දීම ගැන අපිට හො`දට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදු දහමෙ මෛත‍්‍රිය ගැන කතා කරනවා. කිතුනු දහමෙ අසල්වැසියාට පේ‍්‍රම කිරීම ගැන කතා කරනවා. එතැනින් අපිට හො`ද ආරම්භයක් ගන්න පුළුවන්.

දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක්. මේ බෙදීම් රේඛා ඇති කරන්නෙත් ඒ වෙනුවෙන්. ඔවුන්ට ඡුන්ද ගොඩක් ලැබෙන්නේ මේ ජාතිවාදී මතවාද පෝෂණය කිරීමෙන් සහ ඒවා ඇවිළවීමෙන්.

ඒත් ආගමික නායකයන් විසින්ම නේද මේ මතවාද දරුණු විදිහට පෝෂණය කරන්නෙ, ඒක හැම ආගමකටම පොදුයි…?

ඒක තමයි තියෙන බරපතළම ගැටලූව. බුදු දහම ගන්න. බුදු දහමේ තියෙන ඉගැන්වීම් මේ ජාතිවාදී බලවේග වලට මුහුණට මුහුණ මුණ ගැස්සුවොත් ඔවුන්ට උත්තර නැති වෙනවා. ඔවුන්ට මුහුණ දෙන්න බෑ. උපත මත කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නෙ නෑ, පැවිදි සංස්ථාව ගොඩනැංවීමේ මූලික කාරණය බෙදීම් නෑ කියන එක. ඒවා මේ මොහොතේ මේ ඇතැම් කණ්ඩායම් පෙන්වන ආගමික කාරණා වලට වඩා සම්පූර්ණ වෙනස්. හැබැයි මේක අභියෝගයට ලක් කිරීම තමයි මේ වෙලාවේ කළ යුතුම දේ. ආගම් නියෝජනය කරන තරුණ පිරිස් ඉන්නවා, සාධනීය අදහස් වල. මේකට අපි දිගටම උත්සාහ කරන්න  ඕනෙ, එතකොට තමයි කොයි වෙලාවෙ හරි මේක දැල්වෙන්නෙ.

අනෙක් කාරණය තමයි, මේ කියන හාමුදුරුවරු කියන්නෙත් පහුගිය යුද්ධ කාලෙ පුරාම ඒ අත්දැකීම් විඳපු අය. ඒ ගොල්ලන්ගෙ දායකයන්ගෙ දරුවො මැරෙනවා. ඒ අයට පාංශුකූලෙ දෙන්න යනවා. බුද්ධ පූජා තියනවා. මායිම් ගම්මාන වල හිටියා නම් ඒ හාමුදුරුවරු ඉබේම එක පාර්ශ්වයකට යනවා. ඒ ගොල්ලොත් එක ඉලක්කයක්. ඒ මානසිකත්වයෙන් හාමුදුරුවරු වගේම පූජකතුමන්ලත් මුදවාගන්න  ඕනෙ.

ඇත්තටම සංහිඳියාව කියන වචනය මේ වැඬේදි පාවිච්චි කරන්න මම එච්චර කැමැති නෑ. මම කැමැති ‘සුවපත් වීම’ කියන වචනය පාවිච්චි කරන්න. ඒක තමයි අපිට ආගන්තුක නැති වචනය. කෙනෙක් හාමුදුරු කෙනෙක්ට වැන්දහම කියන්නෙ ‘සුවපත් වේවා’ කියලා. ඒ කියන්නෙ ශරීරය ලෙඩකින් සුවපත් වෙන්න කියලා නෙමෙයි නෙ. ඒ කතා කරන්නෙ මානසික සුවය ගැන. තමන් සුවපත් වෙලා අනුන්ව සුවපත් කිරීම ගැනයි බුදු දහමෙ කතා කරන්නෙ. කරණීයමෙත්ත සූත‍්‍රයෙ ‘යන්තං සන්තං පදං’ කියන්නෙ ‘ශාන්ත පදය’ කියන එක.

මෙතැනදි තවත් කාරණයක් කියන්න  ඕනෙ, වෛද්‍යවරයා කොයිතරම් බරපතළ ලෙඩකින් පීඩා වින්දත්, එයා දෙන බෙහෙතෙන් ලෙඞ්ඩු සනීප වෙනවා. ඒ වගේ තමයි ආගමික නායකයනුත්. ඒ ගොල්ලොත් තුවාල සහිත තමයි. ඒත් යමක් කරන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා.

විද්වත් සමාජය පෙන්නුම් කරපු නිහඬ බව හරිම භයානකයි

ඔබ වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයක් දරනවා. ඇත්තටම මෙතැනදි විද්වත් ප‍්‍රජාවේ නිහඬතාවත් ඉතාම බරපතළ කාරණයක්, ඒ වගේම ඔවුන් ජාතිවාදය පෝෂණය කරනවා…?

ඇත්තටම අසූ තුනේ සිද්ධිය වෙනකොට විද්වත් ලෝකයට ඒ තරම් දැනුමක් නොතිබුණා කියලා හිතමු. ඒත් ඊට පස්සෙ අවස්ථා ගණනාවකදි ඒකම වෙන්න යනකොට විද්වත් සමාජය පෙන්නුම් කරපු නිහඬ බව හරිම භයානකයි. ඒවා මමත් හරිම කම්පනයකට පත් වුණු අවස්ථා. සමාජයේ මත හැඩගස්වන්නන් නිහ`ඩ වීම භයානකයි.

අපේ සමාජය බරපතළ විදිහට මිලිටරීකරණය වෙච්ච සමාජයක්. අසූව දසකයේ ඉ`දලා වෙච්ච දේවල් බලන්න. විකල්ප මත දරන එක භයානකයි කියන එක සමාජගත වුණා. විශ්වවිද්‍යාලවල ඉස්සර විවිධ මත දරන අය ගෙනැත් සංවාද කළා. දැන් අවුරුදු ගණනාවක ඉ`දන් ඒවා නෑ. සංවාදවලට සහභාගි වෙන්න අය නෑ. ඒක ඉවරෙටම ඉවරයි. මේ තත්ත්වයන් නිසා විශ්වවිද්‍යාල සිසුනුත් හිරි වැටිලා ඉන්නෙ. සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා, හාමුදුරුවනේ අපිත් ඉන්නෙ ඔය මතයෙ, ඒත් කියන්න බයයි කියලා. ඒ වගේ මිනිස්සු භීතියට පත් කරලා තියෙන්නෙ. ඒ මානසිකත්වය තවම හරියට වෙනස් වෙලා නෑ. ඒකයි මම කියන්නෙ හැමකෙනාම තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ තුවාල සුවපත් කිරීමයි කළ යුත්තේ. ඇත්තටම එතැනදි තරුණ පරම්පරාවට වැදගත් කාරයභාරයක් තියෙනවා.

හාමුදුරුවනේ, අපි පාසල පැත්තට හැරෙමු. ඔළුව පොහොසත් නැති ගුරුවරු පාසැලේදි බරපතළ විදිහට ශිෂ්‍යයාගෙ ඔළුවට ජාතිවාදී අදහස් දානවා. ඒ ශිෂ්‍යයාට යුද්ධයේ අත්දැකීම් නැති වුණත් එළියට එන්නෙ ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්…?

අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුම නෙ. ඒක නිසා මේක අමාරු කාර්යයක්. බෞද්ධ ආදර්ශයක් විදිහට ගත්තොත් ඒක මෙහෙම කියන්න පුළුවන්. බොර වෙච්ච, අවර්ණ වෙච්ච ජල බ`දුනක් තියෙනවා. ඒකට නොනවත්වාම පිරිසිදු ජලය එකතු කරන්න. එතකොට ටිකින් ටික අපිරිසිදු ජලය ඉවත් වෙලා පිරිසිදු ජල බ`දුනක් බවට පත් වෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒත් මේක කොහොම හරි කළ යුතුයි.

අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුයි

අවුරුදු දෙකකට කලින් රට ඇතුළෙ ආණ්ඩු මාරුවක් සිද්ධ වුණා. ජාතිවාදය කියන විෂය ගත්තහම, පහුගිය ආණ්ඩුවට සාපේක්ෂව යම් යම් සාධනීය තැන් මේ ආණ්ඩුවෙ ක‍්‍රියාකාරිත්වය තුළ තිබුණත් බරපතළ වෙනසක් දකින්න නෑ. ඒ ඇයි ?

ඒකටත් අදාළ වෙන්නෙ අර අපිරිසිදු ජල බ`දුනෙ කතාවම තමයි. නෙල්සන් මැන්ඩෙලා වගේ කැපවීමක් අවශ්‍යයි. ඒ වගේ මැදිහත්වීමක් කරන්න නායකයෙක්, මිනිහෙක් ගොඩනැගිලා නෑ. ඉන්දියාවේ ගාන්ධිට වෙනත් ඉලක්ක තිබුණෙ නෑ. ඒ වැඬේ විතරක් කළා. මැන්ඩෙලාත් එහෙමයි. අපේ රටේ ඒ කැපවීම, කැක්කුම සහිත මිනිහෙක් බිහි වෙලා නෑ. ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව ඒ වගේ ගැඹුරු වැඩක් කරන්න පුළුවන් කෙනෙක් මේ රටේ ගොඩනැගිලා නෑ.

නිදර්ශනයක් හැටියට කිව්වොත්, ජනාධිපතිතුමා එයාට බෝම්බ ගහපු සිද්ධියෙ සැකකාරයව නිදහස් කළා. ප‍්‍රාදේශීය දේශපාලකයෙක් පාලමක් විවෘත කරලා නම ගහගන්නවා වගේ පොඩි වැඩක් නෙ ඒක. එයාට පුළුවන් වුණා නම් මේ වගේ හිරකාරයො සියලූම දෙනාගෙ මව්පියො කැ`දවලා කියන්න, ‘ඔයාලගෙ දරුවො වෙනස් පරිසරයක් ඇතුළෙ වැරදි කරන්න ඇති, නමුත් දැන් තත්ත්වය වෙනස්, මේ ළමයි හිරගෙවල් ඇතුළෙ ජීවිත ගත කරනවට වඩා මම කැමැතියි මේ ළමයි සාමාන්‍ය ජීවිතවලට එනවට, අපි එකතු වෙලා මේ රට හදමු’ කියලා, අන්න ඒක දැවැන්ත පියවරක්.

එහෙම බැරි මේ අය දැවැන්ත මිනිස්සු නෙමෙයි. අර ගොල්ලොන්ට ඒ විදිහට කිව්ව නම් ඔවුන්ට කොච්චර අභිමානයක්, ගෞරවයක් දැනෙයිද? ඒ වගේ කැපකිරීම් කරන්න මේ අය ලෑස්ති නෑ. කොච්චර පොඩි මිනිස්සුද මේ අය? පක්ෂයක නායකත්වයක් වගේ සිල්ලර දේවල් වලට කුළල් කා ගන්නවා හැර ඔය කියන දැවැන්ත පියවර තියන්න පුළුවන් කිසිම මිනිහෙක් මේ අය අතර නම් මම දකින්නෙ නෑ. එහෙම ගත්තහම අපි අවුරුදු දෙදාස් පන්සීයක් ගැන කතා කළාට, ඒ අවුරුදු දෙදාස් පන්සීය විසින් ලොකු, දැවැන්ත මිනිහෙක් නිර්මාණය කරලා නෑ. අපිට දෙදාස් පන්සීයක එහෙම ඉතිහාසයක් ගැන කියන්න පුළුවන් නම්, ඒ ගැඹුරු මුල් විසින් හදපු ගැඹුරු මිනිහෙක් ඉන්න  ඕනෙ. ඒ දැවැන්තයා හැදිලා නැත්නම් ඒ ගැඹුරු මුල් ගැන කතා කරන එක විහිළුවක්.

ඡායා: අජිත් සෙනෙවිරත්න