Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය වැලැක්විමට
ජනතාවට වගකීමක් ඇත

ජනාධිපතිවරණය අතරතුර වංචා හා දූෂණ ප්ර.චණ්ඩත්වයන් වැළැක්වීම හා විමර්ශනය කිරීම සම්බන්ධව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යාකපාරයෙහි විධායක අධ්යවක්ෂක අහමඩ් මුනාස් මාකීන් මහතා සමඟ සිදුකරන ලද සංවාදයකි.

20.11.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය
பதில் நிறைவேற்றுப் பணிப்பாளர் அஹமட் மனாஸ் மகீன்.

පාලන පක්ෂයෙහි දේශපාලනඥයන් විසින් ඔවුන්ට පක්ෂපාතී වලංගු ඡන්ද දිනා ගැනීම හා අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය දේපළ භාවිත කරමින් සිටි. සාමාන්‍යයෙන් බලයෙහි රැඳී සිටින පාර්ශ්වය නිරන්තරව බලය අත්පත් කර ගැනීමට මේවා භාවිතා කරනවා. එවැනි දේශපාලනික වාසි වලින් තොරව ජනතාවට ඔවුන්ගේ ප්‍රතිපත්ති ගෙන ඒම තමයි කළ යුත්තේ.  මැතිවරණ නිරීක්ෂක සංවිධානයන්ගේ කාර්යභාරය තමයි එවැනි ක්‍රියා වැලැක්වීම හා සම්බන්ධව ක්‍රියා සිදුකිරීම.

මෙම මැතිවරණයේ දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයෙහි කාර්යභාරය කුමක්ද ?

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය  නිදහස් හා සාධාරණ ආකාරයට මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාකරනු ලබන සංවිධානයක් ලෙස හඳුන්වා දිය හැකියි . තවද සියලු අපේක්ෂකයන්ට සිය  ප්‍රචාරණයන් නිසි සාධාරණ හා සමාන අවස්ථා ලබාදීමට හා මැතිවරණ සම්බන්ධ ක්‍රියාවන් සිදුකිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය තහවුරු කිරීම සඳහා සේවය සපයනු ලබනවා

නාමයෝජනා ලබාදීමේ දින සිට මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා මෙම සියලු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නිරීක්ෂකයින් 175 ක් යොදවා ඇති අතර ඊට අමතරව මැතිවරණ දිනය දා ඡන්ද මධ්‍යස්ථාන හා ඒ අවට නිරීක්ෂණය සඳහා මැතිවරණ නිරීක්ෂකයින් 2000 ක්  රාජකාරියෙහි යොදවා තියෙනවා.

මෙය  මැතිවරණ කොමිසමේ රාජකාරියක් නෙමෙයි ද?

මැතිවරණ කොමිසමට මැතිවරණයක් පැවැත්වීමේ සම්පූර්ණ අධිකාරීත්වය පවතිනවා. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ අනුමැතිය ලත් නිරීක්ෂණ ආයතන පහක් තියෙනවා. ඡන්ද කාලසීමාව තුළ මැතිවරණ කොමිසමේ නිලධාරින් ඉතා කාර්යබහුලයි.  ඒ වගේම පැමිණිලි  රාශියක් ලැබෙනවා. නමුත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන් හට මැතිවරණ සම්බන්ධ පැමිණිලි ලැබුණු විට ඔවුන් ඒවා සම්පූර්ණ පරීක්ෂණයක්යක් පැවැත්වීමෙන් අනතුරුව තහවුරු කර කරගැනීමෙන් පසුව තමයි මැතිවරණ කොමිසම වෙත යවනු ලබන්නේ. මෙවැනි අවස්ථාවන්හිදී මැතිවරණ කොමිසමට අප්‍රමාදව කටයුතු සිදු සිදුකිරීම කළ හැකිය.

මැතිවරණ සම්බන්ධයෙන් කුමන වර්ගයේ පැමිණිලිද  ඔබ වෙත ලැබෙන්නේ ?

මැතිවරණයට පෙර, මැතිවරණයට පසුදින හා පශ්චාත් මැතිවරණ කාල සීමාව වශයෙන් මැතිවරණය හා සම්බන්ධ කාල වකවානු තුනක් තියෙනවා. අපිට හැමදාම වගේ පැමිණිලි ලැබෙනවා.  ඒ අතරින් වැඩිම ප්‍රමාණයක පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන්නේ නීත්‍යානුකූල නොවන මැතිවරණ ප්‍රචාරණයන් සම්බන්ධයෙන්. පසුගිය දින කිහිපයෙහි අපිට රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් මාතර හා  කළුතර දිස්ත්‍රික්ක වලින් ඉතා විශාල ප්‍රමාණයක පැමිණිලි ප්‍රමාණයක් ලැබුණා.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් අරමුණු කර ගන්නා ලද හාස්‍යජනක ප්‍රචාරණ පත්‍රිකා සම්බන්ධයෙන් අපිට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැක්ගන්නට ලැබුනා. බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ඡායාරූප සමග එය සමාජ මාධ්‍ය ජාල වෙත යොමුකර තිබුණා.  අප මේ සම්බන්ධයෙන් එම අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි සම්බන්ධ කරගත් විට අප සමග පැවසුවේ ජනාධිපතිවරණය සම්බන්ධව කිසිදු දෙයක් සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු නොකළ බවයි.  හඳුනා නොගත් පිරිසක් විසින් මෙම මෙය සිදුකර ඇති අතර,  එසේ සිදු කරනුයේ මැතිවරණ දිශානතීන් වෙනස් කිරීමට හා එම අපේක්ෂකයා හාස්‍යයට ලක් කිරීම සඳහා.  මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත හා මාධ්‍ය වෙත පැමිණිලි යවා තිබෙනවා. මෙවැනි   නිවැරදි නොවන අසත්‍ය ප්‍රචාරයක් මැඩ පැවැත්විය යුතුයි.

 මැතිවරණ පැමිණිලි  සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?

අප  නිවැරදි බව තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ පැමිණිල්ල මැතිවරණ කොමිසම වෙත යවනු ලබනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ විශාල කටවුට් එකක් ප්‍රදර්ශනය කර තිබුණා.  අප ඉතා ඉක්මනින් ඡායාරූප සාක්ෂි සහිතව මැතිවරණ කොමිසම හා පොලිස් දෙපාර්තමේන්තුවවෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් යවනු ලැබුවා. කොමිසම විසින් පැය 24ක් ඇතුළත එම කටවුට් එක කඩා ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා. තවද අප විසින් යවනු ලබන පැමිණිලිවල නිරවද්‍යතාවය පිලිබඳ සොයා බැලීමට පියවර ගනු ලබනවා. අවසානයේ පැවති පළාත් සභා මැති මැතිවරණ කාල කාලසීමාවේදී නැගෙනහිර පළාතේ තැපැල් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමට යාමේදී අපි මෙම වැරැදි සහගත ක්‍රියාවලිය නැවැත්වීමට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවා.

මේ හා සමානව ප්‍රසිද්ධ හා ධනවත් අපේක්ෂකයින් ඡන්ද දායදායකයන් අතර සිය ජනප්‍රියතාවය ව්‍යාප්ත කිරීම සඳහා විශාල මුදලක් වැයකරනවා. පාලක පක්ෂයේ දේශපාලඥයින් තම ඡන්දදායකයින්ගේ ඡන්දය දිනා ගැනීම සඳහා  රාජ්‍ය දේපළ ඔවුන්ගේ ප්‍රචාරණ අරමුණු සඳහා යොදා ගනිමින් සිටිනවා.  දේශපාලනික වාසි සහගත තත්ත්වයන් නොමැති අනෙකුත් අපේක්ෂකයින් තමන්ගේ ප්‍රතිපත්ති ජනතාව වෙත ගෙනයාමට නොහැකිව ඉතා අපහසුතාවයට පත්වෙනවා. මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ තවත් අරමුණක් තමයි එවැනි තත්ත්වයන් වළක්වා ගනිමින් කටයුතු කිරීම. අපේ බලාබලාපොරොත්තුව සියලු පක්ෂවලට හා අපේක්ෂකයින්ට සමාන අවස්ථා නිර්මාණයය කිරීම.

 මැතිවරණ කාලසීමාවේදී ප්‍රචණ්ඩත්වය මගහැර ගත හැක්කේ කෙසේද?

මැතිවරණ ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමේ සම්පූර්ණ වගකීම පවතින්නේ මහජනතාව සතුව.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225,  බොහොමයක් පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් 2019 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තිස් පස් දෙනකු වෙනුවෙන් ක්‍රියාකාරී වූ දේශපාලනයෙහි යෙදී සිටින.  අපගේ  පූර්ව මැතිවරණ නිරීක්ෂකයන්ට අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් සෘජුව මෙම ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් සමග සම්බන්ධ නොවන බව.  මෙම තත්ත්වය ගොඩනැංවීම සිදු කරන්නේ ජනතාව සමඟ දෛනික ක්‍රියාකාරකම් සඳහා නිමග්න වී සිටින පළාත් සභා හා පළාත් පාලන මට්ටමේ සාමාජිකයන් විසින්.  අපි දකිමින් ඉන්නවා මෙවැනි පුද්ගලයින් විසින් ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීමට අවශ්‍ය උපදෙස් දෙනවා සේම මෙම පුද්ගලයින් ඒ සඳහා සහාය ද ලබා දෙමින් සිටින බව.

මෙමගින් තාවකාලික ආබාධිත තත්ත්වයන් හා ඇතැම් විට මරණය පවා ඇති විය හැකි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ආරක්ෂාව සහාය දක්වන්නන් ගත යුතුයි ැතිවරණ ක්‍රියාකාරකම් මාස දෙකෙන් අවසන් වෙන්න පුළුවන්. මෙම කාල කාල සීමාවේදී යම් අපේක්ෂකයකුගේ සහායකයින් තව කෙනෙකුට සහය දෙන්නේ නැහැ. වෛරසහගත කථනයන් වැළැක්වීම මගින් ප්‍රචණ්ඩත්වය අවම කරගත හැකි ය.

 මැතිවරණ වංචාවන් සම්බන්ධයෙන්යෙන් පවත්නා වූ නීති සම්බන්ධයෙන් ඇති වගන්ති පැහැදිලි කිරීට ඔබට හැකියාවක්  පවතින්නේ  ද?

මැතිවරණ සම්බන්ධයෙන් පවතින ප්‍රධාන වැරැද්දක් තමයි මැතිවරණ වංචා සිදුකිරීම. මැතිවරණ වංචාවන් හා සම්බන්ධ පුද්ගලයකු වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම සිදු කළ හැකි ය.  අප ඡන්ද  හිමියන්ගෙන් තදින් ඉල්ලා සිටිනවා මියගිය හෝ වෙනත් රට රටවල ජීවත්වන ජනතාවගේ ඡන්ද පත්‍රිකා රැගෙන ඒමෙන් ඡන්ද භාවිත කිරීමෙන් වළකින ලෙස.  අප එවැනි ක්‍රියාවන් මැතිවරණ දූෂණ ලෙස, වංචා ලෙස සලකනු ලබනවා.

මනාප ගණනය කරන තුරු  මැතිවරණය තුළ හා පසු මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවයේ ස්වභාවය කුමක්ද?

ඡන්ද දායකයන් හා සහාය දක්වන්නන් අතර හොඳ දැනුවත්භාවයක් තිබෙනවා. සාමාන්‍යයෙන් සියලු දෙනා නිරීක්ෂකයින් ලෙස සමස්ත මැතිවරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ලබනවා. ඡන්ද මධ්‍යස්ථානයේ දී මැතිවරණ නිලධාරීන්, අපේක්ෂකයින්ගේ නියෝජිතයින් හා නිරීක්ෂණ සංවිධානයන්හි නියෝජිතයන් තමයි පවතින  තත්ත්වයන් නිරීක්ෂණය කිරීම කරන්නේ. පවතින්නේ මැතිවරණ ක්‍රියාවලිය එදින පස්වරු 4 ට අවසන් වූ පසු ඡන්ද පෙට්ටි අත්සන් කර ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබනවා. මෙම ක්‍රියාවලියේ සියලුම කොටස් සිදුකරනු ලබන්නේ මේ වන විටත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේදී කොපමණ ඡන්ද ප්‍රමාණයක් භාවිත වූයේ ද යන්න ඉතා හොඳින් දන්නා නිරීක්ෂකයින් ඉදිරියේදීය.  ඡන්ද මධ්‍යස්ථානයක  භාවිත වූ ඡන්ද ප්‍රමාණය  හා ගණනය  කිරීමේ මධ්‍යස්ථානයේ  ඡන්ද ප්‍රමාණය  සමාන නොවන්නේ නම් මැතිවරණ කොමිසම විසින් ක්‍රියාමාර්ග ගත යුතුයි.

 යම් පුද්ගලයකුට මැතිවරණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් එය සිදුකළ හැක්කේ කෙසේද?

රටේ ඕනෑම පුද්ගලයකුට මෙවැනි මැතිවරණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් 011  4341 524  අංකයට කතාකර හෝ 0112866224  ෆැක්ස් කර  පැමිණිල්ලක්  ඉදිරිපත් කල හැකිය. පැමිණිල්ලේ නිවැරදි බව තහවුරු කරගැනීමෙන් අනතුරුව අප ක්‍රියාත්මක වීම ආරම්භ කරනු ලබනවා.