Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සාමය ගොඩනැඟීමේ තෝතැන්නක් ලෙස
සිහිවටන උද්‍යාන

“සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණය රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සැළසුමක් පමණක් වන්නේ නම් එය කිසිඳු ආකාරයේ හැඟීමක් ඇති නොකරාවි. බහු-ආගමික කණ්ඩායම්, තවමත් කිසිඳු ආකාරයේ වෙනසක් ඇතිකර නොමැත. වෙනසක් ගෙනඒමට, සරල නමුත් ගැඹුරින් ගන්නා උත්සාහයන්, ජනවාර්ගික කණ්ඩායම් අතර පවතින පීඩනයන් පිළිබඳව මහජනතාවට අවබෝධ කරගැනීමට උපකාර කරාවි ” යනුවෙන් සංහිඳියාව පිලිබඳ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙක්වන මහාචාර්ය චන්ද්‍රෙල්ඛා මෞනගුරු පවසයි.

04.12.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය
பேராசிரியை சித்திரலேகா மௌனகுரு

“සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණය, රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සැළසුමක් පමණක් වන්නේ නම් එය කිසිඳු ආකාරයේ හැඟීමක් ඇති නොකරාවි. බහු-ආගමික කණ්ඩායම්, තවමත් කිසිඳු ආකාරයේ වෙනසක් ඇතිකර නොමැත. වෙනසක් ගෙනඒමට, සරල නමුත් ගැඹුරින් ගන්නා උත්සාහයන්, ජනවාර්ගික කණ්ඩායම් අතර පවතින පීඩනයන් පිළිබඳව මහජනතාවට අවබෝධ කරගැනීමට උපකාර කරාවි ” යනුවෙන් සංහිඳියාව පිලිබඳ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙක්වන මහාචාර්ය චන්ද්‍රලේඛා මෞනගුරු පවසයි. ඇය යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාලයන් හි මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් වශයෙන් වැඩකටයුතු කරන අතර පෙර කාලයේ ඇගේ වැඩකටයුතු විශේෂයෙන් ස්ත්‍රීවාදය හා සම්බන්ධයෙන් යොමුවී තිබුණි. ඇය කැටමරාන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ දී උපුටා ගන්නා ලද යම් යම් කොටස් පහත දැක්වේ.

  කොමිසම සම්බන්ධයෙන් ජනතාව අවම විශ්වාසයක් තබා තිබෙන කාලයක, මහජනතාවගේ ක්‍රියාකාරිනියක් වශයෙන් ඔබ, රජයේ සංහිඳියා කොමිසම හා සම්බන්ධව වූයේ කෙසේ ද ?

ආරම්භයේ දී, මෙම ක්‍රියාවලියේ කොටස්කරුවෙකු ලෙස සම්බන්ධවීමේ දෙගිඩියාවක් මට පැවතුනා. කෙසේවුවත්, මෙම යාන්ත්‍රණය නිර්මාණය කර තිබෙන්නේ, බලපෑමට ලක්වූවන්ගේ අභියෝගයන්ට සවන්දීමට පමණක් නොව ඔවුන්ගේ අදහස්වලට වටිනාකමක් ලබාදීමටත් බව මම දැක්කා. බලපෑමට ලක්වූන්ගේ දෘෂ්ටීන්, ඔවුන්ගේ අත්දැකීම් හා ජිවිතයේ ගුණාත්මකභාවය මත පදනම් වෙලා තිබුණා. එම නිසා එය හුදෙක්ම උසස් මට්ටමේ කොමිසමක් වුණේ නෑ.

තවදුරටත්, උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාවලියක් පිහිටුවා තිබු අතර ඉන් ඔබ්බට, අසරණ තත්ත්වයට පත්වූවන් සමඟ සංවාද ගොඩනැගීමට පහසුකම් සලසා දී තිබුණා. උතුරු හා නැගෙනහිර ප්‍රදේශ යුද්ධයෙන් ප්‍රබල ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ යන කරුණු මත පදනම් වෙමින්, ප්‍රාදේශීය මධ්‍යස්ථාන පිහිටුවා තිබුණා. හිංසාකිරීම, ආබාධිත බව, ඉඩම් ආරවුල්, කාන්තාවන්ගේ ගැටළු සහ අභ්‍යන්තර අවතැන් වූ ජනතාව සම්බන්ධ ගැටළු පිලිබඳ සැළකිලිමත්වෙමින් මෙම සාකච්ඡාවන් ගෙන එනු ලැබුවා. ඊට අමතරව, සෑම ප්‍රාදේශීය මට්ටමේ කමිටුවක් තුළම සාමාජිකයන් 6දෙනෙකු සිටීම අවශ්‍යතාවයක් වුණා. ඔවුන්ගෙන් බාගයක් කාන්තාවන්වීම අවශ්‍ය වුණා.

නමුත්, ඇතැම් දිස්ත්‍රික්කවල ජනවාර්ගික සංයුතියෙන් සමාන ප්‍රමාණයක් සිටියේ නෑ. උදාහරණ ලෙස, වව්නියා දිස්ත්‍රික්කයේ සිංහල ප්‍රජාව – අමතරව එක් පුද්ගලයෙක් වව්නියාව දිස්ත්‍රික්කයට පත්කරනු ලැබුවා. ඉතින්, මෙවැනි බොහෝ යහපත් ක්‍රියාවන්, ඔවුන් සමඟ කටයුතු කිරීමට මාව ආකර්ෂණය කරනු ලැබුවා.

  මහජන හමුවීම්වල දී, කාන්තාවන්ගේ අදහස් සම්බන්ධ ඔබගේ අත්දැකීම් අපි සමඟ බෙදා ගැනීමට ඔබට පුළුවන් ද ?

කාන්තාවන් බොහෝ සෙයින්ම අනතුරට භාජනය වියහැකි පිරිසක් වන බැවින්, කාන්තාවන් 50 % කින්  සමන්විත වියයුතු  බවට අපි ඉල්ලීම්කර තිබෙනවා. සියළුම මහජන සාකච්ඡාවන් හිදී, කාන්තාවන්ගේ සහභාගීත්වය, සමස්ත සහභාගීවන්නන්ගෙන් භාගයකටත් වඩා ඉහළ යි. මහජන සාකච්ඡාවන්වල දී කාන්තාවන්ට ඔවුන්ගේ වේදනාකාරී අත්දැකීම් බෙදාගැනීම සහ ඔවුන්ගේ පීඩනයන් හා අහිමිවීම් සම්බන්ධයෙන් කතා කිරීමට හැකියාව ලැබුණා.

චාවකච්චේරි හි දී පැවැත් වූ රැස්වීමක දී, කාන්තාවන්ගේ කණ්ඩායමක් මාර්ග ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන මෙන් ඉල්ලා සිටියා. එකිනෙකා සමඟ කතාබහ කිරීම සඳහා ඔවුන්ට ප්‍රජාශාලාවක්  අවශ්‍ය බව ඔවුන් පැවසුවා.  කාන්තාවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන්ගෙන් ඔබ්බට සිතමින් සිටින බව අපිට දැන් අවබෝධවෙනවා.

නීතිමය ක්‍රියාවලිය ඉදිරියට යමින් පැවති අතරතුර, අතුරුදන් වූ පුද්ගලයන් සිටින පවුල් සඳහා පහසුකම් සලසාදෙන මෙන් ඇතැම් අය ආයාචනා කළා. කොමිසම විසින් ඉදිරිපත් කළ නිදේශයන්, කාන්තාවන්ගේ කණ්ඩායම විසින් යෝජනා කරන ලද ඒවා යි. නමුත්, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිට වූ පසු, බොහෝ නිර්දේශයන් රජය විසින් සැළකිල්ලට ගනු ලැබුවේ නෑ.

  කොමිසමේ යෝජනාවන් පිළිබඳ රජය සැළකිල්ලක් නොදැක් වූ බැවින්, එය සංහිඳියා උත්සාහය අසාර්ථක වීමක් ලෙස ඔබ සිතනවා ද?

මම එහෙම සිතන්නේ නෑ, නමුත්, මම දකින්නේ මෙය රජයේ අකමැත්ත හැඟවීමක් ලෙස යි. රජයේ විමර්ශන යාන්ත්‍රණය සම්බන්ධ ජනතාවගේ අවිශ්වාසය නිසා, යුධ අපරාධ විමර්ශනය කිරීම සඳහා දෙමුහුන් උසාවියක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳ අපි අදහස් හුවමාරු කරගෙන තියෙනවා. ඊට අමතරව, උසාවි කටයුතු සඳහා විදෙස් විනිශ්චයකරුවන්ට ආරාධනා කිරීමට ජනතාව විසින් රජය පෙළඹ වූ අතර, අපිත් එය නිර්දේශ කළා. මෙය අසරණබාවයට පත් වී සිටින පුද්ගලයන් සඳහා යුක්තිය සැපයීම ප්‍රමාදවීම හේතුවෙන් වෙන්න පුළුවන්. ඇතම් අංශයන් හි ප්‍රවීනත්වයක් සහිත පුද්ගලයන් අපිට නොමැති වීම නිසා, අවම වශයෙන් එක් විදේශ විනිශ්චකාරවරයෙකු හෝ විනිශ්චය මණ්ඩලයට ගෙන ඒමට අපි උනන්දුකරවනවා. මාධ්‍ය මඟින් ඉතා තදින් මෙය ව්‍යාප්ත කිරීම ගැටළුවක් වුණා වගේම රජය විසින් මෙම ගැටළුව ආපසු හරවාගැනීමට බලපාන ලද හේතුන්ගෙන් එකක් වුණා.

ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බොහෝ දේවල් තියෙනවා. උදාහරණ ලෙස, භාෂා ගැටළුව මේවන තෙක් රජය විසින් විසඳලා නෑ. රජයේ නිලධාරීන්ගේ නොසලකාහැරීම, මෙවැනි තත්ත්වයන් අඛණ්ඩව පැවතීමට තවත් හේතුවක්. මෙම අයිතීන් අවබෝධ කරගැනීම හා සම්බන්ධ තල්ලුකිරීමේ සාධක රැසක් පවතින අතර ඒවාට සුදුසු අන්දමින් ආමන්ත්‍රණය කිරීම රජය විසින් සිදු කළ යුතු යි.

  යුක්තිය සඳහා දීර්ඝ කාලීනව බලාසිටි අසරණභාවයට පත් වූවන්, සංහිඳියාව ඔස්සේ ඉදිරියට යන බව ඔබ සිතන්නේ කෙසේ ද?

මෙහි වැඩ කරන අතරතුර, මීට සමාන වාතාවරණයන් පවතින අනෙකුත් රටවල් හි අන්තර්කාලීන අධිකරණ යාන්ත්‍රණය පිළිබඳව මම පරික්ෂා කළා. හාවඩ් වනි නම් ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රියාකාරකයෙක් ඉදිරිපත් කිරීමක් කළා. අන්තර්කාලීන අධිකරණ යාන්ත්‍රණයක් සමඟ අනෙකුත් රටවල් ගනුදෙනු කරන ආකාරය සම්බන්ධයෙන් ඔහු විස්තර කළා. තවදුරටත්, කලින් කලට වෙනස්වුවත්, ප්‍රගතිශීලී උත්සහයන් වෙනස් නොවී තියාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඔහු විස්තර කළා. අන්තර්කාලීන අධිකරණයක් හෝ සංහිඳියාව හදිස්සියෙන්ම සම්පුර්ණ කළ නොහැකි යි. ඇතැම් අවස්ථාවන්වල ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඇතැම් පිළිතුරු පිළිගැනීමට අපහසු යි. පිලිපීනයේ, ඇතැම් ප්‍රශ්න සඳහා විසඳුම් නොමැති අතර බැගෑපත් ඉල්ලීම් සමඟ සහ සාරාංශයක් සමග එය අවසන් වුණා යැයි ඔහු පැවසී ය. මම හිතන්නෙ, මරණය පිළිගැනීම සහ මරණයට පූජා සත්කාරකිරීම ඉතා වැදගත්. ප්‍රශ්න සමඟ ජීවත්වීම ඉතාමත් දුකක්. ප්‍රජාවේ අභ්‍යන්තර හැඟීම, අන්අයට දෘශ්‍යමාන වන්නේ නෑ. කෙසේවුවත් මෙම හැඟීම්, අසරණභාවයට පත්වූවන් හා අනෙක් අයට දැඩි ලෙස බලපෑමක් සිදු කළ හැකි යි. සිද්ධියක් “ අවසන් වීම ” ක්‍රියාවක් අවසන් කිරීමක් හෝ අමතක කිරීමක් නොවේ, නමුත් එය නිහඬවසිටීම ලෙස අදහස් කරන්න පුළුවන්. සිහිකිරීම හෝ සිහිවටන උද්‍යාන, මෙම සන්දර්භය තුළ වැදගත් විකල්පයක්. බොහෝ රටවල් තුළ මෙය වඩාත් ඵලදායීවෙලා තියෙනවා.

  සමාජ සහජීවනය ගෙන ඒමට  ගතහැකි උත්සාහයන් මොනවා ද?

අපගේ ජාතික අධ්‍යාපන පද්ධතියේ වෙනස්කිරීම් ඇතුළුව, බොහෝ උත්සාහයන් මේ සඳහා අවශ්‍යය යි. මෙය ළඟා කරගැනීමට කෙතරම් කල්ගත වේද යන්න මම දන්නේ නෑ. නමුත්, අපට අපගේ උත්සාහයන් අත්හැර දමන්න බෑ. රජයක් වෙනස්වුණාට ගැටළුවක් නෑ. නමුත්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය හා වන්දි ලබාදීමේ කාර්යාලය ක්‍රියාත්මක වියයුතු යි. සංහිදියාවේ දී මාධ්‍ය ඉතාම වැදගත්. ධනාත්මක වෙනසක් ගෙනඒම සඳහා ඔවුන් වඩ වඩාත් ක්‍රියා කළ යුතු යි.

ප්‍රධාන වෙනස්කම් ගෙනඒම සම්බන්ධයෙන්, ක්‍රියාකාරී කණ්ඩායම් තවමත් සාර්ථක වෙලා නෑ. අපගේ ප්‍රජාවන් අතර පැතිර පවතින ප්‍රචණ්ඩත්වය ඇතිවීමේ සම්භාවිතාවය පිළිබඳ අපි අවබෝධ කරගත යුතු යි. අපි, සුළු උත්සාහයන්ගෙන් ඔබ්බට යාම අවශ්‍ය වන අතර ජනතාවගේ මනසට විශාල වෙනසක් ගෙන ආ යුතු යි. සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට මහන්සි වී කටයුතු කරන දමිළ, මුස්ලිම් සහ සිංහල කාන්තාවන්ගෙන් සමන්විත කුඩා ස්වේච්ඡා සංවිධානයන් පවතිනවා. ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල ලබාදීමට ඔවුන්ගේ උත්සාහයන් අනිවාර්යෙන්ම දායක වියහැකි බව අපිට කියන්න පුළුවන්.

මෑතක දී, කොත්තු සමග මිශ්‍ර කර ඇති කෑම මඟින් වඳභාවයට පත්කිරීමේ පෙති යොදා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපනඥයින්, විද්‍යාර්ථින් සහ විද්‍යා ගුරුවරුන් වැනි වෘත්තිකයන් කතා බහට ලක්කරන අයුරු අපි දැක්කා. අධ්‍යාපනඥයින් අතර පවතින තත්ත්වය මෙසේ නම්, සංහිඳියාව මඟින් ලැබෙන ප්‍රතිඵල මොනවා ද? ආගමික ආයතන මඟින් වෛරය වපුරන ආකාරය මම දැකලා තියෙනවා. එය සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යවලත් සිදුවෙනවා. රජය මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු යි. විශේෂයෙන්ම, යම්අයෙකු වාර්ගික වෙනස්කම්කොට සැලකීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළහොත්, ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් අවශ්‍ය යි. මෙම පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසු, ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යි.