Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ආත්ම ශක්තිය නැංවිය හැක්කේ එක්ව
කටයුතු කිරීමෙන් පමණයි

ශ්‍රී ලාංකිකයන්ගේ ආත්ම ශක්තිය ඉහළ නංවමින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටනම් දේශපාලන නායකයන් සහ ආගමික විද්වතුන් එක්ව කටයුතු කළ යුතුයයි එම්. එස් අබ්දුල් වසීත් පවසයි. වසීත් , ශ්රී් ලංකාවේ නැඟෙනහිර පළාතේ සියලු ජාතීන් වාසය කරන, ඉන් සියයට 80ක් මුස්ලිම් ප්රදජාව බවට පත් වූ පොතුවිල් ප්රාිදේශීය සභාවේ සභාපතිවරයාය.

11.10.2019  |  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
பொத்துவில் பிரதேச சபைத் தவிசாளர் எம்.எஸ். அப்துல் வாசீத்.

මෙහි ජනතාවගේ ප්‍රධාන ජීවිකාව කුමක්ද?

මේ  ගමේ පවුල් දහදාහක් පමණ වෙසෙනවා. ජනගහනය වශයෙන් ගත්තොත් පනස්දහසකට වැඩි පිරිසක් ඉන්නවා. ගොවිතැන, ධීවරකර්මාන්තය, සත්ත්වපාලනය, වගේම විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය තමයි මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන වෘත්තීන් වන්නේ.

පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු සංචාරක කර්මාන්තයේ තත්ත්වය කෙබඳුද?

පොතුවිල්වල පිහිටි ආරුගම්බේ කියන්නේ රළ පැදුම (සර්ෆින්) සඳහා ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. වාර්ෂිකව පැවැත්වෙන  අන්තර්ජාතික සර්ෆින් තරග සඳහා පහසුකම් සැපයීම පුරුද්දක් වශයෙන් කෙරෙනවා. ජූලි මාසයේ පැවැත්වෙන තරග සඳහා සූදානම් වුවත්, මේ පාස්කු ඉරිදා සිදුවීම නිසා අපට ඒ කටයුත්ත සිදුකරන්න බැරිව ගියා. අපට එය සැප්තැම්බර් මාසයේ අග දක්වා කල් දමන්නට සිදු වුණා.

ආරුගම්බේ පමණක් හෝටල් 200කට වඩා ලියාපදිංචි කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මාස දෙකක් ගත වන තුරු කිසිම ආදායමක් තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රාදේශීය සභාවටත් ආදායම් අහිමි වුණා. කොහොම වුණත්, ගෙවුණු සති කීපය පුරා නම් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පේන්න තිබුණා. මේ වන විට සංචාරක ව්‍යාපාරය මත යැපෙන පිරිස් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ආර්ථික අර්බුදයෙන් අත්මිදෙමින් සිටිනවා. රටේ තත්ත්වය දැන් යහපත් අතට හැරී ඇති නිසා අපි බලාපොරොත්තු වෙනවා සංචාරකයන්ගේ පැමිණීම තවත් වැඩිවේවි, ඒ වගේම විදේශ විනිමය ඉපයීමත් වර්ධනය වේවි කියලා. ඒත් මේ කර්මාන්තයට බලපාන තවත් සැඟවුණු මූලික කරුණු කීපයක් තිබෙනවා.

මොනවාද ඒ සැඟවුණු කරුණු?

රටේ අනෙකුත් පළාත්වලට වගේම පොතුවිල්වලටත් ජල සැපයුම් පහසුකම් නැහැ. අපට ජල සැපයුම තිබෙන්නේ හැමදාම දවසකට මිනිත්තු 30ක් විතරයි. එය ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයටත් විශාල ගැටලු ඇති කිරීමට හේතු වෙනවා.

පොතුවිල් ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයක් පිහිටුවිය යුතුයි. මේ රෝහල ක්‍රියාත්මක වන්නේත් අක්කරෙයිපත්තු සහ අම්පාර රෝහල්වලට රෝගීන් මාරුකර යැවීමේ ස්ථානයක් හැටියටයි. පොතුවිල් රෝහල මූලික රෝහලක් බවට වැඩිදියුණු කළ යුතුයි. එවිට මේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ ඒ මඟින්ම බලාගන්න පුළුවන්.

ඔබේ ප්‍රදේශයේ සමඟිය පවත්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාව මඟින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

යුද්ධය පැවතුණු  අවුරුදු තිහක කාලය පුරාමත්, 2004 සුනාමි ව්‍යසනයේදීත්, මේ වසරේ අප්‍රේල් 21 ප්‍රහාරය වෙලාවෙදීත් පොතුවිල්වල ජීවත් වන ප්‍රජාවන් තුනම  සමඟියෙන් සහයෝගයෙන් සිටියා. දේශපාලන බලාධිකාරියක් හැටියට අපට තිබෙන්නේ ප්‍රාදේශීය සභාවක් පමණක් වුවත්, පාස්කු ඉරුදිනෙන් පස්සේ අපේ ප්‍රදේශයේ එදිරිවාදීකම් ඇති වීමට අප ඉඩ තිබ්බේ නැහැ. ඒ වගේම අපි අපේ ප්‍රදේශවල ආරක්ෂක හමුදා සමඟත් ඉතා සුහද බැඳීමකින් යුතුව කටයුතු කළා.

මේ රටේ සියලුම ජාතීන්ට අයත් ජනතාව සාමයෙන් සංහිඳියාවෙන් විසීමට නම්, මුස්ලිම් ජනතාවගෙන් ඔබ බලාපොරොත්තු වන වෙනස්කම් මොනවාද?

ශ්‍රී ලංකාව කියන්නේ බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටක්. සමස්ත ජනතාවගෙන් මුස්ලිම්වරුන් සිටින්නේ සියයට 9යි. ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් එකම නායකත්වයක් යටතේ මෙහෙයවිය යුතු අතර ඔවුන් අතර එක්සත්බවක් තිබිය යුතුයි. ඒ වගේම ඔවුන් අන් වාර්ගික ප්‍රජාවන්ගේ හැඟීම් අවබෝධ කරගත යුතුවා සේම සාමයෙන් විසීමට ඇති සැකයන් දුරු කරගත යුතුයි. මෑතකදී මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ අමාත්‍යාංශවල දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීම ජාතියට හොඳ ආදර්ශයක්. ශ්‍රී ලාංකිකයන්ගේ ආත්ම ශක්තිය ඉහළ නංවමින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට දේශපාලන නායකයන් සහ ආගමික  ශාස්ත්‍රවන්තයන් එක්ව කටයුතු කළ යුතුයි.