Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මා  නැවත මගේ ජීවිතයට රැගෙන ආ වචන
ඔබේ දරුවා තවම ජීවත් වෙනවා

සුනාමියෙන් මගේ මුළු පවුලම අහිමිව වීම නිසාවෙන් මා බලාපොරොත්තු රහිතව වෙරළ අයිනකට වී වාඩිවී සිටියා. මගේ දරුවා ජීවතුන් අතර කියන වචන මා නැවත ජීවිතයට රැගෙන ආවා සහ ජීවිතයට බලාපොරොත්තු රැගෙන ආවා යි කිරුපරාණි පුනිතකුමාර් කියයි.

16.02.2020  |  
මඩකලපුව දිස්ත්‍රික්කය
http://telo.org

දෙසැම්බර් 26 සුනාමියට සිය පවුලම අහිමි වූ ලතා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලැබූ කිරුපරාණි පුනිතකුමාර් යන 51 හැවිරිදි කාන්තාව දෙස සියලු දෙනා බලා සිටියේ ශෝකයෙන්.

මේ දෙදෙනා උපත ලැබුවේ මඩකලපුවේ කල්අඩි ප්‍රදේශයේ.  ලතා කුමාර සමග විවාහ වන විට ඇයගේ වයස අවුරුදු 20කි. ඔවුනට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට සිදුවූයේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහයට එකඟ නොවූ නිසාවෙනි.  ඔවුන් දිගු කාලයක් තිස්සේ අසල්වැසි ප්‍රදේශවල නිවාස මාරු කරමින් ජීවිතය රැගෙන ගියා.  ලතා දරුවන් තිදෙනෙකුගේ මවක් වූ අතර සැමියා මත්පැන් වලට ඇබ්බැහි වූ නිසාවෙන් දරිද්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතුනා. මත්පැන් වලට පුරුදු වූ සිය සැමියාගේ නොසැලකිලිමත් රිය පැදවීම නිසා ඇයගේ බාලම දරුවා මාස හයක් වන විට ඇයට අහිමි වුණා.  දරුවා අහිමි වීමත් සමඟ සිය සැමියා හා ලතා එකිනෙකා සමඟ අමනාපකම් තවදුරටත් වැඩි කර ගත්තා.

දරුවාගේ මරණයෙන් පසු දුක්ඛිතභාවය හා දරිද්‍රතාවය තවදුරටත් තීව්‍ර වුණා.  ප්‍රමාණවත් ආදායමක් නොමැති වීම හේතුවෙන් අපට නිවසේ කුලිය වත් ගෙවාගත නොහැකි වුණා.  අපි දැනගෙන හිටියේ නැහැ දරුවන් පස්දෙනා සමග කොහෙද යන්නෙ කියලවත්. අපේ තත්ත්වය හඳුනා ගත් එක් ඉඩම් හිමියෙක් අපිට ඔහුගේ ලන්දේසි බාර් පාරේ පොල්වත්තේ එක් කාමරයක් සහිත නිවාසයක් ලබා දුන්නා. අපි පොල් වත්තේ වැඩ කලත් අපට වැටුපක් හිමි උනේ නැහැ.  ඒ තත්ත්වය අපට අපහසුදායක වුණා. මේ බව තේරුම් ගත්  ඉඩම් හිමියා ඉන්පසු  පොල් අස්වැන්න විකුණා ඉන් අඩක් අපගේ ශ්‍රමයට ගෙවීම වශයෙන් ලබා දුන්නා.  ලතා පැවසුවා. ඇය ඔවුනට උදව් උපකාර කළ පිරිස්  මතක් කිරීමට පසුබට වුණේ නැහැ.

මේ කාලයේ එක් වෛද්‍යවරයෙක් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා දරුවන් නොමැති යුවලක් සඳහා  ඔවුන්ගේ එක් දරුවකු පරිත්‍යාග කරන ලෙස.  නමුත් ඔවුන් මෙයට අකමැති වුණා. දරුවන් පෝෂණය කිරීම සඳහා ලතා පිට ප්‍රදේශවල රැකියාව කිරීමට යාමට තීරණය කරන ලැබුවා.  රැකියාවක් ලබාගැනීම සඳහා අසල්වැසි මුස්ලිම් පවුලක් ඇයට උදව් කර තිබුණා.

මෙය සිදු වූයේ 1996 වන අතර ඇයට දෛනික වැටුප් වශයෙන් රුපියල් සීයක මුදලක් තමයි ලැබුණේ.  සත් දෙනෙකුගෙන් සමන්විත වූ පවුල සඳහා එක් දිනක වැටුප ඔවුන්ගේ එක් කෑම වේලක් සඳහා වත් ප්‍රමාණ වූයේ නැහැ. ඉන්පසු ඇය විදේශ ගත වීමට තීරණය කරනු ලැබූවා. මුස්ලිම් හිතවතකුගේ මාර්ගයෙන් ලෙනබනන්හි රැකියාවක් ලබා ගැනීමට ඇයට අවස්ථාව උදා වුණා.

මම මගේ සැමියාගෙන්  නිතරම ඉල්ලා සිටියා මත්ද්‍රව්‍ය භාවිතය ටිකක් අඩු කරල දරුවන් හොඳින් බලා බලාගන්න කියලා. මොකද මට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩිපුර මුදල් උපයන්න සිද්ධ වුණා. ඇයගේ සැමියා  එයට එකගවෙලා තිබුණා.  2004 ජනවාරි මස ඇය ලෙබනන්වලට පිටත්ව යන විට වැඩිමහල් පිරිමි දරුවාගේ වයස අවුරුදු දහයක් වුණා.  ඇයගේ සැමියා ඇයට දුන් පොරොන්දුවට ගරු කළ අතර මත්ද්‍රව්‍ය භාවිතය අතහරිනු ලබුවා.  ඒ වෙනුවට ඔහුගේ කාලය දරුවන් රැකබලා ගැනීමට යොමු කරනු ලැබුවා.  වැඩිමහල් පිරිමි දරුවා හා දෙවන පිරිමි දරුවා පමණක් පාසල් යාම සිදු කළ අතර සෑම මසකම නොකඩවා සිය නිවසට ලැබෙන මුදල්වලින් ඔහු  දරුවන්ගේ අවශ්‍යතා හොඳින් සපුරා දුන් අතර ඔවුන් හමුවේ පැවති ණය ගෙවා දමමින් සිටියා.  මෙම තත්ත්වයත් සමග ඔවුන්ගේ ජීවිතය පෙරට වඩා යහපත් තත්ත්වයට පත්වුණා.

අවුරුද්දකට පසු ලතාගේ පවුලේ පිරිස ඔවුන්ගේ අගහිගකම් අවසන් කරගෙන ප්‍රකෘති තත්වත්වයට පැමිණෙමින් සිටියා.  ලතාගේ සැමියාද  දරුවන් සම්බන්ධයෙන් පැවති වගකීම ඉතා හොඳින් ඉටු කර තිබුණා.  2004 දෙසැම්බර් 26 වන දින සිය සැමියා දරුවන්ගේ උදෑසන ආහාරය සකසමින් සිටින අතරතුර වයස අවුරුදු දහය, පහ, හතර හා දෙක යන වයසේ සිටි දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් හිද තිබෙනවා.  ඊට පසුව තමයි ඒ ඛේදවාචකය සිදුවෙලා තියෙන්නේ. සුනාමිය බොහොමයක් වෙරළාශ්‍රිත ගම්මාන විනාශ කරලා තිබුණා.  නවලේඩි හි 65% ක් පමණ ජනතාව මරණයට පත්ව තිබුණා.  ලතාගේ පවුල ඒ අතරින් එකක්.  මේ රළත් සමඟ තිස් දහසකට වැඩි මිනිසුන් පිරිසක් මරණයට පත්වූ බවට ඇස්තමේන්තු කරනු ලැබුවා.

පවුලේ සියලු දෙනාගේ ජීවිත අහිමි වීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඇයගේ භාරකරුවා වෙත ඉතා ඉක්මනින් පණිවිඩයක් යවනු ලැබුවා ඇය නැවත එය නැවත ලංකාවට එවීමට කටයුතු සිදු කරන මෙන් ඉල්ලා සිටිමින්. දෙසැම්බර් 28 ලංකාවට පැමිණි ඇයට නවලේඩිහි  නිවස පැවති ස්ථානයට කෙලින්ම යාමට අවශ්‍ය වුණා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් හා සමාජසේවා ආයතනයන්හි නිලධාරීන් ඇය එහි කැටුව ගියා. ඇයගේ නිවස එම ප්‍රදේශයේ පැවති බවට කිසිදු සලකුණක් එහි පැවතියේ නැහැ. සෑම තැනම ඇය දුටුවේ විනාශවීම් සහ පාළුවීම් පමණයි.

නටඹුන් වුන වලන්කනෙයි මාතා කෝවිල ළඟ මා දුක පිරුණු හදවතින් යුතුව මුහුද දෙස ඔහේ බලා ගෙන සිටියා. මගේ පවුලේ කිසිම කෙනෙක් ඉතුරු වෙලා සිටියේ නැහැ. මං විදේශගත වුණේ ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් ඉවත් කරන්න. දැන් හැම දෙයක්ම නැතිවෙලා.  මම ප්‍රාර්ථනා කළා මමත් ඉක්මනට මැරෙන්න කියලා. ඊට පස්සේ මට මගේ අසල්වැසි “රුක්කා” නම් කාන්තාව මගේ නම කියා අමතනවා ඇසුණා. “ලතා ඔයාගේ පුතා ජීවතුන් අතර” එම වචන නැවත මම ජීවිතයට රැගෙන ආවා.  මම ඔහුව දකින විට ඔහු ක්ලමත තත්ත්වයක සිටි නිසා ඔහුට මාව හඳුනා ගැනීමට නොහැකි වුණත් කාලයක් ප්‍රතිකාර කිරීමත් සමඟ ඔහු සුව වුණා. ඇය පැවසීය.

පුතා සුවවන විට සුනාමිය පැමිණෙන දවසේ සිදු වූ සිදුවීම් කතාන්දරයක් ලෙස කියන්න පටන් ගත්තා. ඔහු කිව්වා ඔහුගේ පියා ඔහු නිවාස කුලීය ගෙවීමට යැවූ බවත්,  එසේ පැමිණෙමින් සිටින අතරතුර පියා හා අනෙකුත් සහෝදරයින් වතුරේ ගහගෙන යනු  දුටු බවත්. ඔහු ඒ වන විට අවුරුදු 7ක දරුවෙක්.  විරුද්ධ දිශාවට දුවනවා වෙනුවට රළ පැමිණෙන දෙසට දිව ගිය අතර හමුදා සෙබළකු විසින් ඔහුගේ දිවි ගලවාගෙන කඳවුරක් වෙත රැගෙන ගොස් තිබුණා.

මේ ආකාරයට ලතාගේ ඛේදවාචකයන්ගෙන් පිරුණු ජීවිතය පවත්වාගෙන යාම සඳහා සිංහල දෙමළ මුස්ලිම් කිසිදු වෙනසකින් තොරව සියලු ප්‍රජාවන්ගෙන් උපකාර ලැබුණු අතර ඇයට සියලුළුදෙනා සහාය දැක්වූවා.

වැඩි කාලයක් කඳවුරේ ජීවත්වීමට මට සිද්ධ වුණා.  ඊට පස්සේ සුනාමි වින්දිතයින්ට ලබාදුන් නිවාස ව්‍යාපෘතිය යටතේ මට ඉඩම් කැබැල්ලක් හා නිවසක් ලැබුණා.  මම මගේ එකම පුතා වෙනුවෙන් නැවත වැඩ කරන්න පටන් ගත්තා.  මම රුපියල් 200ක දවසේ වැටුපක් ලැබෙන හාල් මෝලක වැඩට ගියා.  ඉතින් ඒ ආදායමෙන් කොටසක් මට ඉතිරි කර ගන්න හැකියාව ලැබුණා. ඇය පැවසීය.

ඇය ඇයගේ පුතා අත් හැරිහැරියේ නැහැ.  අද ඔහු වයස අවුරුදු 22ක තරුණයෙක් වන අතර නවන්කුඩාහි  සන්නිවේදන  ආයතනයක රැකියාවක්   කරනු ලබයි. ඇය රැකියාව සිදු කර ඉතුරු කරගත් මුදලින් තම පුතුට මෝටර් සයිකලයක් ලබාදීමට මේ වසරේ බලා බලාපොරොත්තු වන අතර තම පුතා වෙනුවෙන් මෙය සිදු කිරීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් ඇයි ඉතා ආඩම්බර වේ.

එතැන් සිට සෑම දෙසැම්බර් 26 වන දිනකම මා සහ මගේ පුතා නවලේඩිහි වෙරළට යන අතර සුනාමියෙන් මිය ගිය මගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සුනාමියෙන් මිය ගිය සියලු දෙනා වෙනුවෙන් යාඥා සිදු කරනු  ලබනවා.