Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කොළඹ නගරයේ නැවත පදිංචි කිරීම්:
අවුරුදු තිහට මොනවා වෙයිද කියලා කවුද දන්නෙ

සංවර්ධනය මුවාවෙන් තට්ටු නිවාස තුළට ගාල් කෙරුණු කොළඹ 02 ග්ලේනි වීදියේ දිවි ගෙවූ පවුල් 320 ක ජනතාව වෙනුවෙන් දෙමටගොඩ ‘මිහිඳුසෙන්පුර ‘තට්ටු නිවාස සංකීර්ණයේ සිට සිය කට හඬ මෙලෙස අවදි කළේ ෆරීඩා නෝනා ය. කොහොමද මේ ෆ්ලැට්එකේ ජීවිතේ? අලුත් පදිංචිය ගැන සතුටුද? කිසිම සතුටක් නෑ. මහපොළොවෙ උරුමයක් නැතිව හිරකාරයො වාගෙ ජීවත් වෙනවා. කලින් හිටපු තැනින් ඉවත් […]

06.08.2016  |  
කිලිනොච්චි දිස්ත්‍රික්කය
ෆරීඩා නෝනා

සංවර්ධනය මුවාවෙන් තට්ටු නිවාස තුළට ගාල් කෙරුණු කොළඹ 02 ග්ලේනි වීදියේ දිවි ගෙවූ පවුල් 320 ක ජනතාව වෙනුවෙන් දෙමටගොඩ ‘මිහිඳුසෙන්පුර ‘තට්ටු නිවාස සංකීර්ණයේ සිට සිය කට හඬ මෙලෙස අවදි කළේ ෆරීඩා නෝනා ය.

කොහොමද මේ ෆ්ලැට්එකේ ජීවිතේ? අලුත් පදිංචිය ගැන සතුටුද?

කිසිම සතුටක් නෑ. මහපොළොවෙ උරුමයක් නැතිව හිරකාරයො වාගෙ ජීවත් වෙනවා.

කලින් හිටපු තැනින් ඉවත් කළාට මොනවද ලැබුණෙ?

පරම්පරා ගණනක් ජීවත් වුණු ඉඩමෙන් දවස් 07ක් ඇතුළත ඉවත් වෙන්න කිව්වා. යන්න තැනක් නැති නිසා අපි ඒ ගෙවල් වලම හිටියා. දවස් 07කට පස්සෙ ආණ්ඩුවෙන් ඇවිත් ගෙවල් ඔක්කොම කැඩුවා. ඊට පස්සෙ ආණ්ඩුව තොටළඟ ලෑලි මඩු හදලා අපිව ඒකට බලෙන් වා‍ගෙ ගිහින් දැම්මා. එතනදිත් ලයිට්වලටයි වතුරවලට කියලා රුපියල් පන්දාහ ගාණෙ අපෙන් ගත්ත. අපි තරුණ ගෑනු ළමයිනුත් එක්ක හරිම වේදනාවෙන් තමයි එහෙ හිටියා. ලෑලි ගෙවල්වලින් මේ ගෙවල්වලට එද්දි රුපියල් 25 000ක් ගත්තා. විදුලියට 6500යි, වතුරවලට 5000යි ගෙවන්න වුණා. මාස් පතා ගෙවල් කුලිත් දාහක් ගෙවනවා.ඒක අවුරුදු 30 ක් ගෙවන්න වෙනවා. මේ ඉන්න ගෙවල්වලට ඔප්පු වෙනුවට අපට දීලා තියෙන්නෙ ගිවිසුමක් විතරයි.

මේ ඉන්න ගෙවල්වල වටාපිටාවෙ ආරක්ෂාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

වටාපිටාවෙ තියෙන්නෙ මහ පාරවලුයි කෝච්චි පාරයි. මේකෙ ඉන්න ළමයින්ට සෙල්ලම් කරන්න තැනක්වත් නෑ. මේ අවදානම් වටාපිටාව නිසා අපි ළමයින්ගෙ ආරක්ෂාව ගැන හැම වෙලේම විමසිල්ලෙන් තමයි ඉන්නෙ. අපි දරුවො රැක ගන්න ලොකු මහන්සියක් වෙනවා. දරුවන්ට අවදානමේ බැරෑරුම්කම තාම තේරෙන්නෙ නෑනෙ.

හිටපු ගෙවල්වලට ඔප්පු තිබුණද?

ඔව්! ඒවට ඔප්පු දීලා තිබුණෙ. දැන් ඉන්න ගෙවල්වලට ඔප්පු ලැබෙන්නෙ අවුරුදු තිහක් ගියාට පස්සෙ. ඒ අවුරුදු තිහට මොන මොනවා වෙයිද කියලා කවුද දන්නෙ. අපි විඳපු දුක දරුවන්ටත් විඳින්න වෙයිද කියන එක ගැනයි අපට දුක.

පුරුදු ජීවිතේ වෙනස් වුණාම මතු වුණු ප්‍රශ්න මොනවද?

හිමිකම් ප්‍රශ්න, නිදහස ගැන ප්‍රශ්න, දරුවන්ගෙ ආරක්ෂාව ගැන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න මේ අතරින් මූලිකයි. මේව කවදා විසඳෙයිද කියලා අපට හිතන්න බෑ.