සිංහල - දෙමළ වෙළෙඳ දෙබෑයන්ගේ
තල් අරණේ සංහිඳියාව
යාපනය බොහෝ දෙනා දන්නේ සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයන්ට පමණක් සීමාවූ නගරයක් ලෙසටය. බහුතරයක් ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයන් ජීවත්වන යාපනය නගරය තුළ ගහට පොත්තමෙන් බැඳුණු සිංහල හා ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයන් ද සිටීම ආඩම්බර විය යුතු කරුණකි.
අපේ කතා නායකයා වන අරුණාචලම් වර්ධරාජ් හෙවත් කුට්ටි ගේ උපන්ගම වන්නේ යාපනය නගරයයි. අදවනවිට මැදිවයසේ පසුවන ඔහු යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු ව යාපනය නගරයේ රත්‍රං අලෙවිකරන ව්‍යාපාරික ස්ථාන තුනක සහ නිවාස තුනක හිමිකරුවෙකි.
යාපනය නගරයේ විවිධ හැළහැප්පීම් ගැටුම් පිළිබඳ මනා අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති කුට්ටි අයියා මෙතෙක් ආ සිය ගමන් මඟ හෙළි කරද්දී ද්‍රවිඩ භාෂාවෙන් හා අතරින් පතර සිංහෙලන් ද අදහස් දැක්වීය.
“ මං උපන්නේ යාපනේ. ඉස්කෝලේ ගියේ යාපනේ. මගේ පියාගේ ව්‍යාපාර මගේ අධ්‍යාපනය අවසන් කරල වැඩිදියුණු කළා. මගේ තරුණ කාලෙම දැක්කෙ යුද්ධෙ. යාපනය නගරෙ යුද්ධෙ තිබුණු කාලේ අපේ පවුලේ අය එක්ක චාවාකච්චේරිවලට ගිහින් පදිංචි වුණා. යුද්ධෙ එන්න එන්නම දරුණු වුණු නිසා යාපනයට එනවා ආපහු ටික දවසකින් චාවාකච්චේරි යනවා. මෙහෙම තමයි අපි ජීවත්වුනේ. යුද්ධෙ ඉවරවුනායින් පස්සෙ හැමදේම මුල ඉදං පටන්ගන්න වු වුණා. මගේ ව්‍යාපාර හැම දෙයක්ම කඩාවැටිල තිබුනේ.
අවුරුදු ගානක් අපි ආශ්‍රය කළා වගේසිංහල ව්‍යාපාරිකයොත් මෙහේ හිටියා. යුද්ධෙත් එක්ක ඒ අය යන්න ගියා. යුද්ධෙන් පස්සෙ නාවලපිටියේ ඉදං ආපු දිනේශ් මාත් එක්ක යාළු වුණා. එයා යාපනේ ඉදං රතුලූනු දුම්කොළ වගේ දේවල් වෙළඳාමට නාවලපිටියට ඇරං යනවා.නාවලපිටියෙන් තේකොළ වගේ දේවල් යාපනයට අරං ඇවිත් වෙළඳාම් කළා. මටත් පුළුවන් විදිහට උදව් කළා. දවසක් මගෙන් උදව්වක් ඉල්ලුවා පොඩියට හරි හෝටලයක් පටන්ගන්න. මං හිතුවේ සයිවර් හෝටලයක් වෙන්න ඇති කියල. නමුත් ඊට වැඩිය එහා ගිය අදහසක් තමයි දිනේශ්ගෙ වගේම දිනේශ්ගේ තාත්තගෙ අදහස වුනේ. එයාලට ඕන වුනේ කාමර පහසුකම් වගේම ආහාර ලබාදෙන හෝටලයක් ආරම්භ කරන්න. මං ඊට සුදුසු තැනක් හොයල දුන්න යාපනනේ හින්දු විද්‍යාලය කිට්ටුවෙන්ම. කියන්න සන්තෝශයි අද එයාල හොඳ ම විදිහට හෝටලය කරගෙන යනවා විතරක් නෙවෙයි අපි පවුලේ මිත්‍රයෝ වෙලා ඉන්නෙ.අපි දෙගොල්ලට පවුලේ හරි ව්‍යාපාරික ප්‍රශ්නයක් වුනොත් අපි එකිනෙකාට පිහිටවෙනවා. දිනේශ්ල යාපනේ ස්ථිර ව්‍යාපාර කටයුතුවලට ඇවිල්ල අවුරුදු හතරක් වුණත් මට දැනෙන්නේ අවුරුදු ගානක් අපි ආශ්‍රය කළා වගේ.
යාපනයේ කන්නාතිට්ටි පාරේ මගේ යාළුවෙකුගේ නිවසක් තියෙනවා. ඒ අය දැනට පදිංචිවෙලා ඉන්නේ ස්විට්සර්ලන්තේ. ගේ තියෙන්නේ මගේ බාරේ. යාපනයේ වන්දනාවේ එන අයට වගේම විනෝද චාරිකා එන අයට මේ නිවස මං දෙනවා.ඒ එන අයට කෑම බීම අවශ්‍ය වුනාම දිනේශ්ලගේ හෝටලය සම්බන්ධ කරල දෙනව .යාපනයේ නාග විහාරයේ විශ්‍රාම ශාලාව බුක්වෙලා තිබුනොත් ඒ අය මාව වන්දනාකරුවන්ට සම්බන්ධ කරල දෙනවා. අපි හරිම සහයෝගයෙන් තමයි නිහඬව වුනත් ව්‍යාපාරය කරගෙන යන්නේ.ඒ එන අයට කෑම සපයන්නේ දිනේශ්ලගෙ හෝටලයෙන්. හදිසි අතමාරුවක් වුනොත් අපි දෙගොල්ල මුදල් හුවමාරු කර ගන්නවා.”
යාපනය සංහිදියාවේ මූලස්ථානයමෙවැනි සංහිදියාවක් ගොඩනැගීම පිළිබදව කළ විමසීමේදි කුට්ටි ගේ අදහස වූයේ යාපනය යනු සංහිදියාවේ මූලස්ථානයක් බව ය.
“ මම මුලිනුත් කීවානේ මගේ ජීවිත කාලයෙන් වැඩිපුරම දැක්කෙ යුද්ධෙ කියල.මගේ කුඩා කාලයේදිත් යාපනයේ සිංහල ව්‍යාපාරිකයන් හිටිය. අපේ ගෙදරට පාන් ගත්ත බේකරිය සිංහල අයගේ. අපි පාන් ගන්න ගිහාම ඒ බේකරියේ හිටපු අය අපිට විස්කෝතු දෙනවා සල්ලි ගන්නේ නැතිව. යුද්දෙත් එක්ක ඒ අයට යාපනය අතහැරල යන්න සිද්ධවුනා. ඒ වුනත් අපේ හිත්වල තවමත් තියෙනවා අතීතයේ අපි අතර තිබුණු බැඳීම. ඒ යාළුකම දැං ආයිත් අලුත්වෙලා දිනේශ්ල නිසා අපේ පවුල් අතර තියෙන බැඳීම තුළින්. “
මධ්‍යම කඳුකරයත් උතුරේ අගනගරයත් යාකරමින් මෙතෙක් අනාවරණය නොවූ අපූරු සංහිදියා කථාන්දරයේ දෙවැනි කථානායකයා වන සියඹලාගහගෙදර දිනේශ් අගනුවර බලා පිටත්ව ගොස් සිටි බැවින් අප හා කථාවට එක්වූයේ ඔහුගේ පියාවන සියඹලාගහගෙදර විල්බට් මහතායි.
“ අපේ දිනේශ් පුතා දැනට අවුරුදු පහළවක වගේ කාලෙක ඉදං යාපනය එක්ක සම්බන්ධකං පවත්වනවා. යුද්ධෙ අවසාන කාලයේදී මහා දුකක් විඳගෙන මුර කපොලු හරහා යාපනයට ඇවිත් දුම්කොළ, කරවල වගේ දෙවල් ඇරගෙන නාවලපිටියට ගෙනත් පොළවල් ගානේ ගිහිල්ල විකිනුවා. ඒ බිස්නස් එක ඇත්තටම හොඳයි ලාභ තියෙනවා. මෙහෙම ඉන්න අතරෙ තමයි කුට්ටිව අදුරගෙන තියෙන්නෙ.
සමහර වෙලාවට මුදල් නැතුව ණයට බඩුගන්න පුතාට කුට්ටි උදව් උපකාර කරල තියෙන අවස්ථා කියන්න බැරිතරම්. වෙලාවකට කුට්ටි සල්ලි දෙනවා බඩු ගන්න. පුතා ඒ සල්ලි බේරන්නේ මාස දෙක තුනකින්. කුට්ටිට සල්ලි තියෙන බව ඇත්ත. ඒ වුනත් සල්ලිකාරයෙකුට වැඩිය හොඳ හදවතක් තියෙන මනුෂ්‍යෙයක්.
නවාතැන්පොළක සංහිදියාවදකුනේ ඉඳලා සිංහල නඩ ආවොත් ඔය මිනිහා පුදුම විදිහට උදව් කරන්නේ. ගේ අතුපතුගාල පිරිසිදු කරල වැසිකිලි හෝදලා විතරක් නෙවෙයි ඒ අයට කෑම බීම පටන් හොයල දෙනවා. දවල් කෑම රෑ කෑම ඒ එන අයට අවශ්‍ය වුනාම අපිව සම්බන්ධ කරල දෙනවා. වෙනඑකක් තියා එයාගේ විසිටින් කාඩ් එකෙත් දාල තියෙනවා අපේ දිනේශ් පුතාගේ ටෙලිපෝන් නොම්මරේ. කුට්ටිගේ නිවසේ තාවකාලිකව හිටපු වන්දනා නඩ දැං අපිටත් කතාකරනවා. මොකද කුට්ටිගේ විසිටින් කාඩ්එකෙත් අපේ පුතාගේ ටැලිපෝන් නොම්මරේ තියෙන නිසා.
නවාතැන්පොළක් මුල්කොට සංහිදියාවේ නවාතැනක් ලෙස කුට්ටි අන්නා තානායමත් තල් අරණ හෝටලයත් නිහඬව දරන උත්සාහය දකුණු ජනයා බහුතරයක් නොදැන සිටියද සාමය සංහිඳියාව සඳහා වන කැමැත්ත යම් දිනක නියත වශයෙන්ම ජයගැනිමට එය උපකාර වනු ඇත.