Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පාසල් වැට අද්දර කඳුළු සලන
තවත් එක් දියණියක්

වෙසක් පෝය ළඟපාතක නොමැති කලෙක වෙස් මුහුණු පැළඳගෙන මේ සිදු කරන්නේ කවරනම් දෙයක්දැයි බොහෝ දෙනකුට කුහුලක් මතු වනු නොඅනුමාන ය. අපිදු ඒ කුහුල ඔස්සේ මෙහි යටි අරුත වටහා ගන්නට තැත් දැරුවෙමු.

21.03.2018  |  
ගම්පහ දිස්ත්‍රික්කය

මේ කුහුල දුරු කර ගනු පිණිස අපට උපකාර ලැබුණේ දස හැවිරිදි පුංචි දියණියකගෙනි. ඇය තම නම ගම හෙළි කළ ද එය මෙහි සදහන්
නොකරනුයේ ඇය නැවත වරක් අගාධයකට ඇද දමනු නොකැමැති හෙයිනි.

‘මගේ නම ………… මගේ ගම …… මං දැන් ඉන්නේ මානව හිමිකම් කොමිසම ළඟ. ….. මට ඉස්කෝලේ යන්න ඕනෑ. ඒකයි මං මෙතනට ආවේ.

පසුගිය පෙබරවාරි මාසෙ විසි වැනි දින ඉඳලා මට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. ප්‍රින්සිපල් සර් මට හැමදාම බනිනවා. ලොකු ටි.වී. එකක ් ගෙනල්ල ගිය අවුරුද්දේ වෙච්ච් දේවල් පෙන්නුවා. ළමයි මට විහිළු කළා. අන්න …….ගේඒඩ්ස් කතාව පෙන්වනවා කියල . මං ආයේ ඉස්කෝලේ ගියොත් මට ආයේ… වෙන්නෙත් සර්ගෙන් බැණුම් අහන්න තමයි.‘ ඇය එක දිගට කියා ගෙන යයි.

‘අද මොකටද මෙතනට ආවේ?‘

‘මානව හිමිකම් මාමලා , අම්මට එන්න කියල තිබුනා මට ආයේ ඉස්කෝලේ යන්න හදල දෙන්නම් කියලා. ඒකයි ආවේ.. ඒත් වැඩක් වුණේ නැහැ…“පුංචි ඇය සුසුමක් හෙළයි. ඇය තව තවත් වෙහෙස කිරීමට සිත නොදෙයි. එබැවින් ඇගේ මව වෙත මගේ ඉතිරි ප්‍රශ්න යොමු විණි.

/

‘‘මේ කතාව පටන් ගන්නේ හරියටම මිට අවුරුද්දකට ඉස්සරලයි . දුවගේ ඉස්කෝලේ විදුහල්පති තූමයි නියෝජ්‍ය විදුහ ල්පති  නියයි පුංචි අම්මටයි, බාප්පාටයි ඉස්කෝලෙට එන්න කියල දුවව ඉස්කෝලෙන් අස් කරන් යන්න කියලකිව්වා. එවෙලෙම  ඒ අය මට දැන්වුවා මේ තත්වය. නමුත් මම හිතුවේ නැහැ නිලධාරීන් මෙච්චර කෲරයි කියල. පහු වෙනිදා දුව ස්කොලේ ගියා. ඒ අතරේ නියෝජ්‍ය විදුහල්පතිනිය කියල තියනවා මේ ළමය ස්කොලේ එනවා නම් අනික් ළමයි ගෙවල්වලට එක්කන් යන්න කියලා. මේ හින්දා මමයි මගේ ආයතනයේ පාලිකාවයි ස්කොලේට ඇවිල්ල මේ ගැන ඇහුවා. එතැනදී තමයි මේ සියලු කාරණා දැන ගත්තේ. මම ස්වේච්ඡාවෙන් H.I.V මර්දන වැඩසටහන් වලට සහභාගී වෙනවා .මේ වැඩසටහනක් රුපවාහිනියේ බලල තමයි මටයි, දුවටයි දෙන්නටම ඒඩ්ස් කියලා ප්‍රචාරක් ඇරලා ස්කොලෙටත් මේ කතාව ඇවිල්ල, විදුහල්පති මේ තීරණය අරන් තියෙන්නේ. සාමාන්‍ය ජනතාව අපිට මෙහෙම කළාට අපිට දුක නැහැ. නමුත් උගත්, බුද්ධිමත් රාජ්‍ය සේවකයන් මේ විදිහට මිනිස්සුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සාධාරණද?’ ඇ විමසයි.

මෙවැනි සිදුවීම් කීපයක්ම පසුගිය කාලයේ වාර්තා වූ අතර, ඒ සිදුවීම් වලට උසස් පාසල් බලධාරීන් සම්බන්ධ වී තිබීම අපට නුහුරු අත්දැකීමක් නොවේ. ඉන් ප්‍රධානතම සිදුවීම නම් බොරු ඒඩ්ස් භීතියක් මවා ගනිමින් කුලියාපිටියේ සිසුවෙකුට තම පාසලේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීම විදුහල්පතිවරයා ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම ඉන් ප්‍රධාන එකකි.

/

මම ඇයට පෙරළා පැනයක් යොමු කලෙමි.

‘ඒ පාර යන්තම් සියලු දෙනා එකතු වෙලා ප්‍රශ්නය විසඳලා දුවට ආයේ පාසල් යන්න වරම් අරන් දුන්නා . එදා ඉඳන් ගමේ හෝ වෙන ‍කිසි කෙනෙක්ගෙන් අපිට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මේ ගැටලුව විසදන්න මාධ්‍යවේදීන්, සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගත්තා. කොහොම හරි අන්තිමට දුවට ආයේ කිසිම ගැටලුවක් ඇතිවෙන්න දෙන්නේ නැහැ කියල මේ සියලු අය ඉදිරියේ පොරොන්දු වුණාට පස්සේ දුව ස්කොලේ යන්න කැමති වුණා. අපිටත් ලොකු විශ්වාසයක් තිබුනා දුවට ආයේ ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියල. ප්‍රින්සිපල් සර් ආයේ දුවට ඒක, ඒක කතා කියන්න ගත්තා. දුව අපිට ඒවා කිව්වත් අපිට වෙන කරන්න දෙයක් නැති නිසයි දුවව ඒ ඉස්කොලෙටම ඇරියේ. ඒ වෙනකොට මගේ දුව ශිෂත්ව විභාගේ වැඩත් හොඳින් කරගෙන ගියා. එයා හැමදාම පන්තියේ පළවෙනියා. මේ අතරේ තමයි ගිය මාසේ විසි වෙනිදා ට්‍රිප් එකක් යන්න රැස්වීමක් තියනවා කියල අපිට එන්න කියලා තිබුනේ. මේ රැස්වීමට ලමයිවත් ගෙනල්ල මල්ටිමීඩියා දාලා ගිය අවුරුද්දේ සිදුවීම් පෙන්නුවා . මේක දුවට තදින්ම දැනුණා. ළමයි විහිළු කළා.


මට හිතා ගන්න බැරි මේ වගේ දෙයක් නැවත පෙන්නලා ප්‍රශ්නයක් ඇති කරන්න මගේ මේ දුවත් එක්ක විදුහල්පතිවරයා තියන තරහ මොකද්ද කියලයි.

පොලිසියට ගිහින් වැඩක් නැති නිසයි මේ ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේ. නමුත් අපේ බලාපොරොත්තු සියල්ලම බිඳ වැටුණා. මානව හිමිකම් කොමිසමෙන් කියන්නේ දුවව ඉස්කෝලේ යවන්න කියල . ගිය වර අපි එහෙම කළා නමුත් මෙවර දුව යන්න කැමති නැහැ.
මොකද දරුවාට මේ ප්‍රින්සිපල් නිතර නිතර බනින නිසා. මේ විදුහල්පති පුන පුනා කියන්නේ මගේ දුව නිසා මේ විදුහල කඩාගෙන වැටුණා කියල. එහෙම වෙන්නේ කොහොමද, මගේ දුව විදුහල වෙනුවෙන් තරග වලට සහභාගී වෙලා ජයග්‍රහණය කරලත් තියනවා.‘

 

පසුගිය මාසයේ විසිවැනි දින විදුහල්පතිවරයා සිදු කළ මේ ක්‍රියාව මේ වන විට ගුරුමණ්ඩලයේ කීප දෙනෙකු ද හෙළා දැක තිබේ. පසුගිය දේ පෙන්වීමෙන් වැලකි සිටීමට විදුහල්පතිවරයාට හැකිව තිබූ බවද ගුරුවරියන් දෙදෙනෙකු මාධ්‍යට ප්‍රකාශ කර ඇත. මේ දැරිය ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් ද ඉල්ලා ඇත්තේ තමනට පාසල් යාමට අවශ්‍ය යන්න ය. ඇය ජනාධිපතිවරයට ලිපියක් ලියන්නටද
ඇත්තේ ඈගේ දුක වෙන කිසිවෙකුට කීවාට වැඩක් නැත යන ආකල්පයේ සිටද වන්නට ඇත. කෙසේ හෝ තවත් කුඩා දැරියකට පාසල් ගමන අහිමිව ඇත.