Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

එස්. තිරුලිංගනාදම්
මාසෙ ගෙවන්නෙ අමාරුවෙන්

එස්. තිරුලිංගනාදම් සන්දිලිප්පායි හි පදිංචි අවුරුදු 53 ක තිදරු පියෙකි. වෘත්තියෙන් බස්රථ රියදුරෙකි. මේ ඔහු තම ආදායම හා වියදම පිළිබඳ කළ පැහැදිලි කිරීමකි. උපයන ආදායම කොහොමද? මාසෙකට දවස් 15ක් විතරයි වැඩ. දවසකට රුපියල්1200ක් හොයනවා. … වියදම් වෙන්නෙ මොනවටද? කෑමටයි දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුවලටයි වියදම් වෙන්නෙ. එම කටයුතු පවා කරගන්නෙ බොහොම අමාරුවෙන්. … ලැබෙන ආදායම මේ වැඩ […]

05.06.2016  |  
යාපනය දිස්ත්‍රික්කය

එස්. තිරුලිංගනාදම් සන්දිලිප්පායි හි පදිංචි අවුරුදු 53 ක තිදරු පියෙකි. වෘත්තියෙන් බස්රථ රියදුරෙකි. මේ ඔහු තම ආදායම හා වියදම පිළිබඳ කළ පැහැදිලි කිරීමකි.

උපයන ආදායම කොහොමද?
මාසෙකට දවස් 15ක් විතරයි වැඩ. දවසකට රුපියල්1200ක් හොයනවා.

වියදම් වෙන්නෙ මොනවටද?
කෑමටයි දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුවලටයි වියදම් වෙන්නෙ. එම කටයුතු පවා කරගන්නෙ බොහොම අමාරුවෙන්.

ලැබෙන ආදායම මේ වැඩ කරගන්න ප‍්‍රමාණවත්ද?
නෑ. අඩුපාඩු එක්ක තමයි ජීවිතේ ගෙනියන්නෙ.

දරුවන්ගෙ ඉගෙනුම් වැඩවලට කොපමණ වැය වෙනවද?
හොයන මුදලින් බාගයක්ම යන්නෙ දරුවන්ගෙ ඉගෙනුම් වැඩවලට.

දරු පවුල එක්ක විවේකය ගතකරන්නෙ කොහොමද?
කලාතුරකින් ළඟපාත තියෙන කෝවිලට යනවා. දුර බැහැර වන්දනා ගමන් යන්න සල්ලි නෑ.

ආදායම් වියදම් පරතරය පියවගන්නෙ කොහොමද?
අමතර ආදායමක් නෑ. පිටරට ඉන්න නෑයන් ගෙන් ඉඳල හිටල උපකාර ලැබෙනවා.

රස්සාවෙ දියුණුව වගේ ම ජීවිතේ හොඳින් ඉස්සරහට ගෙනියන්න මොන වාගෙ බලාපොරොත්තුද තියෙන්නෙ?
ලොකුම බලාපොරොත්තුව දරුවන්ගේ දරුවන්ගෙ ඉගෙනුම් වැඩ සාර්ථක කර ගන්න එකයි.

හොයන මුදලින් යම් ප්‍රමාණයක් ඉතුරු කරනවද?
ඇත්තටම නෑ. හොයන මුදලින් මාසෙ ගෙවන්නෙ බොහොම අමාරුවෙන්.

කොපමණ මුදලක් ණයද?
කලින් වාහන ගන්න ණය වෙලා කරදර වුණා. පස්සෙ ඒවා විකුණලා ණය බේරුවා. දැන් ණය නෑ. ආයෙ ණය වෙලා කරදර වෙන්න කැමතිත් නෑ.

/thirulinganatham2